Thursday, May 17, 2018

නවීන ලෝකයේ වෛද්ය විද්‍යාවේ සිදුවන්නේ කුමක්ද ?



සාමාන්යෙන් යම් අසනීපයකදී ඉක්මනින්ම රෝගීන්ව ගෙනියන්නේ පවුලේ වෛද්යවරයා වෙතයි නමුත් අදාළ රෝගය අසාද්‍ය හෝ හදුනා ගත නොහැකි මට්ටමක පවතීනම් ඔබ වහාම යන්නේ කාලගටද ? බොහෝවිට විශේෂඥ වෛද්යවරයෙක් වෙතයි, ඇයි ඒ ?
අප විශ්වාසකරනවා  විශේෂඥ වෛද්යවරයෙක්  තුල සාමාන්‍ය වෛද්යවරයෙක් ට වඩා වැඩි දැනුමක් තිබෙයි කියල.

මෙය කල්පනා කලහම ඇත්තක් තියනවා මොකද විශේෂඥ වෛද්යවරයෙක්  වීමට විදේශගතවී පුහුණුව ලබා පැමිණිය යුතුයි ඔවුන් ලෝකයේ ප්‍රතිකාර විදි සහ දැනුමින්  සාමාන්‍ය වෛද්යවරයෙක් ට වඩා දැනුවත්, අපට  බැරිද  විශේෂඥ වෛද්යවරයෙක් ලබාදෙන උපදෙශයටත් වඩා නිවැරදි උපදේශයක් ලබාගන්න ?

ඇත්තටම අද අන්තර්ජාලය මිට පහසුකම් සලසාදෙනවා, හෝව්! මම කියන්නේ සමාජ මාධ්ය වලින් තොරතුරු සොයන්න කියල නෙමෙයි, මිට මුළු ලෝකයම පිළිගත් වෙබ් අඩවි වගේම peer review journal   (සමාලෝචන ජර්නලයන් ) තිබෙනවා මොනවද මේ peer review journal කියන්නේ ?
මේවා තමයි කිසියම් නවීන වෛද්ය සොයාගැනීමක් පිළිබද අදාළ ක්ෂේස්තරයේ ඉහලම දැනුම ඇති  විශේෂඥ වෛද්යවරුන් තමන්ගේ දැනුම හුවමාරු කරගනවා වගේම යම් ඔසුවක් සමාජගත්විමට පෙර peer review journal වෙත අදාළ ඔසුව ගැන තොරතුරු සාකච්චා කිරීම ඔසුවක් වෙළදපොලට පැමිණීමට පෙර සිදුවියයුතු වැදගත් අංගයක් වෙනවා.

මෙය කියවන අය මේ  peer review journal පරිහරණය කරන්න පටන්ගත්තනම් නවීන වෛද්ය විද්‍යාව මොකද්ද කියල විතරක් නෙමෙයි බොහෝදෙනෙක්ට අවස්තාව ලැබෙනවා මේ තොරතුරු තම විශේෂඥ වෛද්යවරයට පෙන්වා තමාට ලබාදෙන්න යන ඔසුව ගැන හොදම ප්‍රතිකාර ක්‍රමය ලබාගන්න.

දැන් බලමු ලෝක ප්‍රසිද්ධ https://www.thelancet.com/ නමැති වෙබ් අඩවිය ගැන යමක් කියන්න මෙය peer review journal  සගරාවක් ලෙස  පටන්ගන්නේ 1823 දීයි ඒ කියන්නේ වසර 200 ට තව අඩු තව වසර 5 යි.

දැන් බලමු මෙහි කතෘ තුමා වන ලොව පිළිගත්  ආචාර්ය Richard Horton කියන්නේ මොකද්ද කියල
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4572812/

කරුණාකර ඇස් පිහිදාළ බලන්න මේක පලවෙන්නේ එසේ මෙසේ තැනක නෙමෙයි  (https://www.ncbi.nlm.nih.gov) කියන්නේ The National Center for Biotechnology කියන්නේ ඇමරිකානු රජයෙන් පවත්වාගෙන යන ඉහලම ඒජන්සියක්, එනම්  national institute of health වල සියලුම අතිනවීන පර්යේෂණ කරන්නේ මේ ආයතනයයි.

දැන්බලමු  ආචාර්ය Richard Horton කියන්නේ මොනවද කියල.

ඔහු ලිපියේ මාතෘකාව කරගන්නේ Skeptical of medical science reports? (වෛද්ය විද්යාව ගැන සැක පහළ වනවාද?) යන්නයි

දැන් ඔහුගේ ලිපියට යොමුවෙමු

"ප්‍රකාශයට පත් කරන ලද සායනික පර්යේෂණයන්ගෙන් බොහෝමයක් විශ්වාස කිරීමට හෝ විශ්වාසය තැබූ වෛද්යවරුන්ගේ විනිශ්චයන් මත හෝ විශ්වාසනීය වෛද්ය මාර්ගෝපදේශ මත රඳා සිටීම තවදුරටත් පහසු නොවේ. මෙම නිගමනය සම්බන්ධයෙන් මට කිසිදු සතුටක් නොතිබූ අතර, මම දශක දෙකකට පසු මම "The New England Journal of Medicine" හි  කර්තෘ ලෙස මේ නිගමනයට ආවේ අකමැත්තෙන් සහ ඉතා සෙමිනුයි"

මෑතකදී, Thelancet සංස්කාරකයේ රිචඩ් හෝර්ටන් මෙසේ ලිවීය


"විද්යාවට පටහැනිව නඩු විභාගය සරල ය: බොහෝ විට විද්යාත්මක පළකිරීම , සමහර විට අඩක් පමණ  අසත්ය විය හැකිය. කුඩා නියැදි ප්රමාණ අද්‍යනය  ලක්වීම, කුඩා බලපෑම, වැරදි අර්ථකතනයන් සබැදියා පිළිබද ගැටුම් (conflicts of interest) , වලට අමතරව සැකසහිත තොරතුරු වලින් ගහන නවීන ප්‍රවණතා හේතුවෙන් විද්‍යාව අන්දකාරය දෙසට ගමන් කරයි "

සායනික  පර්යේෂණ  පිළිබඳව මෙහි ප්‍රථම ප්‍රකාශනය පලවෙන්නේ 2009 වසරේදී අතර දෙවැන්න 2015 පලවෙනවා.

ලොව පුරා කීර්තිමත් වෛද්ය සඟරා දෙකක සංස්කාරකගේ අත්දැකීම් වලින් ඔහු  සිදු කරනු ලබන මෙම ප්රකාශයන් බරපතල ලෙස සැලකේ. 

පළමු ලිපියෙන් පෙන්වාදුන්නේ ඖෂධ සමාගම් සහ ලොව පිළිගත් විශ්වවිද්‍යාල වල  ශාස්ත්රාලික වෛද්යවරුන් අතර සම්බන්දය  ඇතැම් ඖෂධ ආශ්රිත ප්රකාශන සහ බෙහෙත් අලෙවි කරන ආකාරය පළමුවෙනි ලිපියෙන් පෙන්වා දුන්නේය.

සබැදියා පිළිබද ගැටුම් (conflicts of interest ) ඉතා බහුල විය 
ඩොලර් මිලියන ගණන් උපදේශන සහ කතාකරන ගාස්තු නිශ්චිත ඖෂධ ප්රවර්ධනය කළ වෛද්යවරුන්ට ලබාදීම,  පර්යේෂකයා විසින් ඩොලර් මිලියන ගනන් කොටස් තම අයිතියේ  ඇතිව එම  සමාගම සතු ඖෂධයක් පරීක්ෂා කිරීමට පර්යේෂකයෙකු භාවිතා කරන පොදු මහජන පර්යේෂණ ඩොලර් භාවිතා කිරීම,  ඖෂධ සමාගම් වලින් ලබන ආදායම හෙළි නොකිරීම, අදාළ  ඖෂධ සමාගම පර්යේෂකයාගේ අධ්යාපනයට වියදම් දරන බව හෙළි නොකිරීම, ඔසුව පාවිච්චි කරන නිර්දේශ නිකුත් කරණ අවස්ථාවේ තමන් අදාළ ඔසුවේ අලවියෙන් ලාබයක් ලැබීම,  අනවසර භාවිත සඳහා ඖෂධ ප්රවර්ධනය කිරීම සඳහා බලසම්පන්න වෛද්යවරුන් යොදා ගැනීම, ඍණාත්මක ප්‍රතිපල ප්‍රකාශයට  පත්කිරීමට  අසමත් වීමෙන් නිෂ්පාදිතයට පක්ෂපාතී වීම සහ විවිධ ආකාරවල ධනාත්මක ප්රතිඵල නැවත නැවත ප්රකාශයට පත් කිරීම.




කර්තෘවරියක්  වන Marcia Angell සඳහන් කළ පරිදි, චෝදනා පියවා ගැනීමට එකඟ වූ මත්ද්රව්ය දැවැන්තයෙකුගේ නඩුවේ සදහන් උනේ මානසික අවපීඩනය වලක්වන ඔසුවක් ඊට අදාල නොවූ වයස්කාණ්ඩයකට නොමගයවමින් විකිණීමයි. 



No comments:

Post a Comment