Thursday, December 7, 2017

ගිනි අවි සහ ගිනි කෙලි



ගිනි අවි සහ ගිනි කෙලි කියන වටිනා කෘතිය රචනා කරන්නේ අනුර හොරේෂස් මහතායි පසුව අගනා ටෙලි සිත්තමක් ලෙස මෙය එළිදකිනවා



මෙයින් පෙන්වා දෙන්නේ අප රටේ දුෂණය පැතිරී ඇති ආකාරයයි, මේ පාතාල ලෝකයේ මිනීමරුවන් ඇතුළු සියලු දෙනා කොපමණ අපරාධ කලත් මේ සියලු අපරාධ සැලසුම් කර  දිගින් දිගටම පවත්වන්නේ ජනතාව ඉදිරියේ සුදු පිරුවට ඇදගෙන මල්වට්ටි ගෙන සිල් ඇදුමෙන් සැරසීගත් රටේ මැති ඇමති වරුනුයි.

මෙහිදී ඉතා අහිංසක මිනිසුන් අති භයානක මිනීමරුවන් ලෙස නිර්මාණය වන කෙදනීය ආකාරය මැනවින් පිලිබිබු වෙනවා. පල්ලියේ පුජකයෙක් වෙන්න සිටි චින්තක අමරසිංහ අවසානයේ අතිබිහිසුණු මිනිමරුවෙක් වෙනවා. මේකතාව ශ්‍රී ලංකාව නමැති ධර්මද් ද්විපයේ දැනට දශක 3ට අඩු කලකදී සිදුවූ බව අද සිටින තරුණයන් ඉන්නේ නොදැනුවත්වයි, මෙහි සිදුවූ දේ මිට වඩා භයානක ලෙස වූ බව යම් මතකයක් හෝ තියෙන්නේ අඩුම වශයෙන් වයස 40 වත් ඇති පුද්ගලයන්ට පමණයි ඊට වඩා අඩු වයසක් ඇති තරුණ තරුණියන්ට තම දෙමාපියන්ගෙන් විමසුවානම් දැනගන්න පුළුවන්.   

ඔබ ඔබෙන්ම  ඇසිය යුතු ප්‍රශ්නය නම් මෙය වලක්වන්න බැරිද ? කියලයි.

පිළිතුර නම්  මෙය ප්‍රායෝගිකව කල හැකි බවයි, නමුත් මෙය කිරීමට රටේ ජනාධිපති තුල විශාල කැපකිරීමක් සහ එඩිතර බවක් තිබිය යුතුයි. යම් විදියකින් එය ඇත්තනම් මේ සියලු දුෂණ රටෙන් තුරන් කිරීමට මාස කීපයක් වත් ගත නොවෙයි.

ඔබට මතක ඇති පසුගිය කාලයේ ගෝටාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමා විසින් මුළු කොළබ දිස්ත්රික්කයේ සියලුම කුඩු බෙදාහරින්නන් ඉවත් කළා විශේෂ හමුදා යොදවල, ඔහුගේ පරමාර්ථය උනේ කුඩු පාවිච්චිය නැතිකිරීම නෙමෙයි ඔහු විසින් තෝරාගත් දුමින්ද සිල්වා ට එම කුඩු බෙදාහැරිම පවරා සිදුකලේ  පාලනය සරල කිරීමත් ඒකාධිකාරී බලය නිසා ලාභය උපරිම කිරීමත් කියන දෙයයි.

නමුත් මෙතන පෙනුන දේ තමයි මෙතෙක් මෙම කුඩු රැකියාවේ සිටි සියලු දෙනා එම රැකියාවෙන් ඉවත් කිරීම ප්‍රායෝගිකව කල හැකි බව පෙන්වා දීම.

දැන් අපි බලමු යහපාලන රජය මේ සියලු දුෂණ අහෝසි කරන බව කියමෙන් බලයට පත්වූ වහාම දොස්තර නිලංග සමරසිංහ අන්තරායකර ඔවුෂධ පාලන මණ්ඩලයේ ප්‍රධානියා කල බව මතක ඇති, ඔහු මේ කුඩු ගෙන්වන ඉහලම මිනිසුන්ගේ ලැයිස්තුවක් තමාට ඇතිබවත් ජනාධිපති වරයාගේ අනුමැතිය ලැබුනොත් එය ඉදිරිපත් කරන බවත් කිව්වා, නමුත් සිදුවුනේ ඔහුගේ ආරක්ෂාව ඉවත් කිරීමයි, ඔබට තවත් මතක ඇති ඔහුගේ ආරක්ෂාව ඉවත් කලේ කවුදැයි කියන දේ වසන් කරමින් රටේ අගමැතිවරයා කිව්වේ තවදුරටත් ඔහු අදාළ තනතුරේ සිටිය යුතු බවයි, එහෙම කියමින් නව නිලදාරියෙක් අදාළ නිලයට පත්කරනු ලබනවා, අන්තිමෙදී ඔහුට වෙන්නේ තානාපති සේවයේ පිහිට පතමින් දේශපාලන රැකවරණ සෙවීමයි, අද ඔහුට උනේ කුමක්දැයි කිසිවෙක් නොදනී.

මෙය මෙලෙස සිදුවෙන්නේ ඇයි ? ඉංග්‍රීසියෙන් කියමනක් තියනවා යම් දුෂණයක් සිදුවෙනවානම් එය තේරුම් ගැනීමට "Follow the Money" කියල එහෙම බැලුවම දිනකදී මත්ද්‍රව්‍ය අලවියෙන් ඉහලම දෙසපාලකයට ලැබෙන මුදල රුපියල් ලක්ෂ  50 ට වැඩි මුදලක් වියහැකියි, මෙතන මුදලම විතරක් නෙමෙයි මේ පාතාල සාමාජිකයන් සමග නීති විරෝධී ක්‍රියා වලින් ආදායම් උපයන අතිවිශාල පිරිසක් සිටිනවා, මේ පිරිස තමයි මැතිවරණ වකවානුවේ මේ මැති ඇමති වරුන් ගේ ආදාරකරුවන් වෙන්නේ මෙනිසා ඉදිරියේ පවතින්න ඕනේ නම් ඔවුන්ට සිදුවෙනවා මේ ක්‍රමය දිගින් දිගටම පවත්වන්න.

දැන් බලමු මෙය වෙනස් කරන්න ඕනේ නම් කරන විදිය, මුලින්ම මේ නීති විරෝධි වැඩවල නිරත පිරිස සදහා රැකියාවල් කලින්ම නිර්මාණය කල යුතු වෙනවා (මේ කියන්නේ රජයේ රැකියාවන් දෙන්න කියල නෙමෙයි ) පුද්ගලික අංශයට උපරිම පහසුකම් දියයුතු වෙනවා අපනයන ඉහල නංවන්න, මේ ක්‍රමයට රැකියා ප්‍රමාණය වැඩිවූ වහාම, ඉතා ඉක්මනින්  ගෝටාභය රාජපක්ෂ  කළා මෙන් හමුදාවන් පාවිච්චි කරලා සම්පුර්ණයෙන් මේ නීතිවිරෝධී වැඩ නවතා දැමීමයි කල යුතු වන්නේ, මෙය කියන තරම් සරල නෑ රටේ ජනාධිපතිට මේ සදහා දැඩි උවමනාවක් වගේම සැලකියයුතු ඇමතිවරුන් වගේම නිලදාරී සහය උවමනා කරනවා.

මේ රටේ සියලු නිලදාරීන් දුශිතයෝ නෙමෙයි මේ අතර ඉතා අවංක අය සිටිනවා. හොදම උදාහරණය නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහත්මය වැනි මිනිසුන් පවා සිටිනවා, දැන් කෙනෙක් ට සිතන්න පුළුවන් මේ පුද්ගලයා මහින්දගේ කාලේ සද්ද නැතුව නේද සිටියේ කියල, මෙහිදී රටේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන තේරුම් ගත යුතු වෙනවා මෙවැනි බරපතල නඩු වලදී කාව අදාළ නඩුව බාර දිය යුතු දැයි තීරණය කරන්නේ රටේ නීතිපති විසිනුයි, මෙතනතුරට රටේ පාලකයා හැම විටම තෝරන්නේ තමාට හිතවත් හෝ දුෂිත මිනිසෙකුයි, ඔහුයි තීරණය කරන්නේ කවුරු අදාළ නඩුවට පෙනී සිටිය යුතුද ? කියල මහබැංකු වංචාව සෙවීමට පත්කළ කොමිසම පත්වන්නේ රටේ ජනාධිපති වරයාගේ බලය මතයි, මෙය පත්කිරීමේ පරමාර්ථය වෙන මොකවත් නෙමෙයි රටේ ජනාධිපති ගේ නම සුද්ද කරගැනීමයි, මෙහිදී අදාළ දුෂණයට අදාළ පුද්ගලයන් දැඩි ලෙස ප්‍රශ්න කල යුතු වෙනවා, මේසදහා එඩිතර  නීතීඥ වරයෙක් තෝරාගන්න ඕනේ වෙනවා මෙනිසයි  ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා  මේ වැඩේට පත් වෙන්නේ නමුත් ඔබ කල්පනාවෙන් බැලුවොත් ඔබට පෙනෙයි රටේ නීතිපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා ට අවස්ථාව දෙන්නේ නෑ අදාළ ඉහල මිනිසුන් ගෙන් ප්‍රශ්න කිරීමට උදාහරණ කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම ගෙන් ප්‍රශ්න කිරීමට ඔහුට අවස්තාව දෙන්නේ නෑ.

           
මෙය කියවන අය මතක තියාගන්න ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා  කිසිදිනක මේ රටේ නිතිපති වෙන්නේ නෑ.

මම කියන්න උත්සාහ කලේ මෙ දුශිත ක්‍රමය ඉවර කරන විදියයි, ජනාධිපති වරයාට සැබෑ උවමනාවක් තියනවානම් සහ ඔහුවටා අවංක උවමනාව තියන ඇමතිවරු කීපදෙනෙකු හොසිටිනවානම් සහ ඔහු එඩිතර නම් ඔහු කරන්නේ රටේ මැති ඇමති වරුන්ට විශාල වැටුපක් ඇතිකරන ගමන් දුෂණ වලදී දැඩි දඩුවම් තාරාතිරම නොබලා ලබාදෙන්න උවමනා නීති ගෙනෙන්න මැලි වෙන්නේ නෑ. 

මෙහිදී රටේ ජනාධිපතිට සිදුවෙනවා අතිවිශාල අවදානමක් ගන්න ඒ තමයි මේ ක්‍රමය සාර්ථක වෙන්න නම් රටේ අපනයන ආදායම ඉහල යවන ගමන් වේගයෙන් රටේ රැකියා ඇතිවෙන වැඩපිළිවලක් ඇතිකරන්න ඕනේ, මෙය ලෙසි වෙන්නේ නෑ මොකද ඔහු පුද්ගලික අංශය දියුණු කර විදේශ ආයෝජන වලින් ප්‍රතිලාභ ලැබෙන්න ඉස්සල්ලම ඔහුගේ විරුද්ද වාධින් ආර්ථිකය අස්ථාවර කිරීමට පිරවර ගනු ඇති, මෙතැනදී තමයි සිංගප්පුරුවේ ලි කවන් යු අගමැති කළා වගේ තරමක ඒකාධිපති ක්‍රමයක් නිර්මාණය කිරීමට සිදුවෙන්නේ.

උදාහරණයක් ලෙස  ලි කවන් යු අගමැති නීති සම්මත කරගන්නවා උද්ගෝෂණ තහනම් කරන සහ වුර්තිය සමිති බලය ඔහු කප්පාදු කරනවා හොදම උදාහරණය සිංගප්පුරු ගුවන් නිලදාරීන් කරපු වැඩවැරීම



මම පුද්ගලිකව හිතන්නේ නෑ මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති ට මෙවැනි විශාල වෙනසක් කරන්න අදිෂ්ටානයක් හෝ දැනුමක් තියෙයි කියල, නමුත් මම මෙය සදහන් කරන්නේ ඉදිරි අනාගත දිනකදී හෝ මෙය වෙනස් කරනවානම් කරන විදිහයි.

මෙවැනි ක්‍රමයක් නිසා මෙවැනි පාතාල පිරිස් තිරිසනුන් සේ මරාගන්න අතර පිටිපස්සෙන් සිට නුල් සුත්තර කරන මැති ඇමති වරුන් සුදු පිරුවට ඇදගෙන පන්සල් පල්ලි කෝවිල් වල ලගිමින් රටේ මහජනතාව රවටමින් සිටී, රටේ ජනමාද්‍ය තමන්ට වාසි ගන්න අවස්තාව ලැබුන වහාම කුණු රසය අලවි කරන අතර රටේ බුද්ධිමතුන් යයි කියාගන්න ආචාර්ය මහාචාර්ය වරු තම දරුවන් විදේශ වල අද්‍යාපනය ලබා දෙමින් වඩා ආරක්ෂාකාරී ජීවිතයකට සැලසුම් කරයි, නමුත්  මේ සියලු දෙනා මතක තබාගත යුත්ත්තේ අනාගතයේ යම්දිනකදී 1988 / 1989 කාලයට වඩා දරුණු යුගයකට මේ රටේ මිනිසුන්ට මුනදෙන්න වෙන බවයි. එහිදී තමා පරිස්සමින් ආරක්ෂා කල විදුරු මාලිගාවලට කළුගල් වදින විට මෙතෙක් සිටියේ සිහිනෙක නොවේදැයි සිතෙනු ඇති.       

Saturday, November 4, 2017

කූඹියෝ සහ වාමාංශික චින්තනය




අද කුඹියෝ නැරබීමෙන් පසු, මෙපිලිබදව මදක් සොයනවිට ඉහත සකසන ලද වීඩියෝ එක සොයාගන්න පුළුවන් උනා, මෑත දිනකදී පැරා විසින් මෙම අගනා ටෙලි වෘතාන්තය "කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසිය" ලෙස තරමක ලාමක ටෙලියක් ලෙස වර්ගකරණය කලත්  මා දකින්නේ මහපොළවේ පවතින යථාර්තය මනාව පෙන්වන නිර්මාණයක් ලෙසයි.

අද කොටසින් අප මෙතක් සාමන්යෙන් නොබලන පැතිකඩක් විවර උනා ඒ තමයි සමාජවාදීන් රටේ ආයතන ක්‍රමය පිළිබද දකින විදිය, මෙය අදට විතරක් නෙමෙයි මිට දශක 6කට 7 කට පෙරත් පැවති තත්වයක්, එනම් මෙහිදී වාමාංශික නායකයන් පිරිසක් පුද්ගලික ආයතනයකට පහර දෙන්න සැලසුම් කරනවා, එහිදී ජෙහාන් අහනවා ආයතනය දියුණු කළා නම් සහ ආයතනය තම සේවකයන්ට ප්‍රතිලාබ දෙනවනම් එක නේද වාමන්ශිකයන්ගේ බලාපොරොත්තුව කියල, මිට උත්තරය වන්නේ රජය විසින් පුද්ගලික කරණයට මෙම ආයතනයේ දිවුනුව ආදර්ශයක් ලෙස යොදාගන්නවා, මේ ආයතනයේ දියුණුව එහි සේවකයන්ට සහනයක් උනත් මෙය පාවිච්චි කර අනෙක් රජයේ ආයතන පුද්ගලික කරණය කිරීම නිසා රටේ වැඩි කම්කරුවන් පිරිසකට වන  පිඩාව මගහරින්න මේ ආයතනය අසාර්ථක කලයුතු බව ඔවුන් ගේ තර්කය වනවා.

ඔබ කල්පනාවෙන් බැලුවොත් මේක තමයි වාමන්ශිකයන්ගේ මානසිකත්වය ඔවුන්ට අනුව රටේ කිසිම දියුණුවක් නැතිව කාලකන්නි තත්වයකදී පමණයි ඔවුන්ට බලයක් ලබන්න අවස්තාව තියෙන්නේ මෙනිසා ඔවුන් හැකි සියලු විටදීම සංවර්ධන වැඩ අවහිර කරනවා.

ඔවුන් වංචාවෙන් තොර බව ගැන විශාල මාර්කටින් පාරක් දැමුවත් යම් විදියකින් බලය ඔවුන්ට ලැබුනොත් අන්ත දුශිත ම්ට්ටමට යන්න ඔවුන් පසුබට වෙන්නේ නෑ.

මෙවැනි ක්‍රියා 1960 සහ 1970 දශක වල ක්‍රියාත්මක වීම නිසා අපට තිබුන අවස්තාව සිංගප්පුරුව වෙත විතැන් උනා, දැනට ශ්‍රී ලංකාව පවතින්නේ ලෝක ආර්ථික යේ මුලික මර්මස්තානයක මෙය හරියට පරිපාලනය කලොත් දිවුනුවත් වරදගත්තොත් විනාශයත් වේගයෙන් සිදුකර්න්ගන්න පුළුවන්. 

ඉහත අපුරු නිර්මාණය කල කවුරු හෝ පෙන්වා දෙනවා ශ්‍රී ලංකාවේ දෙසපාලුවෝ පාතාලය සහ දිලුදු මිනිසුන් පාවිච්චි පාවිච්චි කරන විදිය.    

මේ දිළින්දන් ඉහල සමාජයට එනවා කියෙන්නේ තමන්ට ඇති අවස්තාව අහිමිකරගන්නවා කියන දෙයයි.    

Wednesday, September 27, 2017

ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක වීරයෙක් ද? දුෂ්ටයෙක්ද ?



පසුගිය දිනක පේ‍්‍රමසර ඈපාසිංහ මහතා ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාව හදුන්වාදී ඇත්තේ මහා යුග පුරුෂයකු ලෙසයි, මෙතනින් බලන්න, අපට තවම හරි වැරදි තේරුම් ගැනීමට තවම දුෂ්කර වී අත්තේ අපේ විචාර බුද්ධියේ ඇති බලවත් අඩුව නිසයි, අපට හැකියාව නෑ කෙනෙකුගේ කතාවත් ඔහුගේ ක්‍රියාවත් අතර වෙනස තේරුම්ගන්න.

එංගලන්තයේ ලොව පිළිගත් University of Oxford වල ඉහල අධ්‍යාපනයක් ලබපු මේ පුද්ගලයා ශ්‍රී ලංකාවේ පර්ලිමෙතුවට ඇමතිවරයෙක් ලෙස තේරී පත්වෙලා කල්පනා කරනවා තම ඉදිරි අනාගතය ඉහල තනතුරක් වන අගමැති කම ගන්න ඕනේ නම් එක්සත් ජාතික පක්ෂයේ සිට එය කල නොහැකි බව (වරක් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙන් මාද්‍යවේදියකු අහනවා ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවීමට ඇගේ ස්වාමියා කල්පනා කලේ කියල, ඇයගේ පිළිතුර වෙන්නේ ඩි එස් සේනානායක මැතිතුමා තම ස්වාමියාට අගමැති දුරය ලබාදීමට කෙනෙහිලි කම කල නිසා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූ බවයි )

මෙයින් පේනවා ඔහු කොතරම් අවස්තාවදියෙක් ද කියල ඔහු කොච්චර කපටියෙක්ද කියනවනම් ආරිය සිංහල ඇදුම අදින්නේ රටේ මිනුසුන් රවටන්නයි, ඉන්පසු ඔහු දෙසපාලකයෙක් ලෙස අඩුම වියදමක් යන ක්‍රමයක් වන ජාතිවාදය පාවිචිචි කරනවා, එනම් සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමයි, මේ නිසා සිදුවෙන්නේ කුමක්ද ? රටේ ග්‍රාමීය ප්‍රදේශ වල ඉංග්‍රීසි අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ට එම වර්ප්ප්‍රසාදය නැතිව යනව මෙය මනාව සිරසේ දවස වැඩසටහනට සම්බන්ද වෙමින් සිඩ්නි චන්ද්‍රසේකර මහතා මනාව පැහැදිලි කරනවා.



මෙහිදී ජෙය ශ්‍රී රංග මහතා කියනවා තමා විශ්වවිද්‍යාල සිසුවෙක් ව සිටින කල ජනාධිපති චන්ද්‍රිකා පැමිනිල තියනව කතාවක් පැවැත්වීමට එහිදී කතාව අතරතුර

චන්ද්‍රිකා :- එස් බි coincidence කියන වචනයේ සිංහල තේරුම මොකද්ද කියල අහල තියනවා

ආයි අහනනවලු      එස් බි productivity කියන වචනයේ සිංහල තේරුම මොකද්ද කියල ?

රංග අයිත් මතක්කරනවා අනුර බණ්ඩාරනායක මහතා විරුද්ද වෙලා තියනවා මහින්ද රාජපක්ෂ ට අගමැති කම දෙනවට එහිදී ඔහු කියල තියනවා අක්ක මහින්ද කියන්නේ street fighter කෙනෙක් ඔහුට අගමැති කම වගේ තනතුරක්  දරන්න බෑ කියල.

දැන් ටිකක් කල්පානාවෙන් බලන්න සිංහල ජාතියට අපමණ සේවයක් කිරිමයට කැපවුන  ඇස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා තම දරුවන්ව යවල තියෙන්නේ සිංහල පාසල් වලට නෙමෙයි ඉංග්‍රීසි මාද්‍ය තුලින් උගන්වන පාසල්වලට තම දරුවන් යවන අතර රටේ පොදු දරුවන්ට ලැබෙමින් තිබුන ඉංග්‍රීසි අධ්‍යාපනය නැතිකිරීමයි කරලා තියෙන්නේ,



භාෂා ප්‍රශ්නයේදී සිංහල  භාෂාව රජ බස කල ඔහු බලයට එනවිට රහසින් දෙමල පක්ෂ සමග ගිවිසුමක් ගසනවා දෙමල භාෂාවට නිසි තැන දෙන්න, නමුත් ඔහු අවංක දෙසපලකයකු නම් ජනතාව ඉදිරියේ තමා කරන්න යන දේ කියල බලය ලබාගන්න තිබුන ඔහු එසේ නොකර කරපු දෙයින් වෙන්නේ මොකද්ද ?
සිංහල ජනයා විරුද්ද වෙනවිට අදාළ ගිවිසුම ප්‍රසිද්ධියේ ඉරා දමිමයි.

එතනින් නතර නොවෙන ඔහු බෞද්ධ ස්වාමින් වහන්සේලා රාජ්‍ය සේවකයෝ බවට පත්කරන්නේ ගුරුවරුන් ලෙස මුදල් ලබන පිරිසක් කිරීමට අවසර දීම   මගින්.

ඔහු කරන ලද වැඩවලින් වසර 30 කට වැඩි යුද්ධයක් අතිවීමට අමතරව බෞද්ධ සංස්කෘතියටත් සිදු වුයේ හානියක් බව තේරුම් ගැනීමට අදත් මිනිසුන්ට අපහසු වීම නම් කණගාටුදායක දෙයකි.

Monday, September 18, 2017

කලූ සල්ලි සුදු කිරීමේ නිතියානුකූල ක්‍රමය.



දැනට සමාජයේ වෙන දේවල් කල්පනා කරමින් සිටින විට මේ ක්‍රමය ගැන මට කල්පනා උනා, කනගාටුවට කරුණ නම් ලංකික වන මට මේ ක්‍රමයේ නිර්මාතෘ වීමේ පේටන්ට් බලපත්‍රය ලබාගන්න බැරි වී තිබෙන්නේ මෙය මුලින්ම  සොයාගැනීමේ ගවුරවය හිමිවන්නේ වෙනකෙනෙකුට නිසයි, නමුත් මෙය සොයාගත් වෙනකෙනා මේ ලාංකික ට ආර්ථික විද්‍යාව  දශක දෙකකට පෙර උගන්වන ලද ගුරු දේවයෙක් වීම නිසා සියුම් ආඩම්බරයක් හටගනී.

වටේ නොගිහින් දැන් මාතෘකාවට එමු, ලෝකයේ වගේම අපේ රටෙත් යම් පුද්ගලයකුට මුදලක් ලැබී ඇත්නම් අදාළ මුදල උපයන ලද ක්‍රමය නිසි අවස්ථාවල පෙන්වා දිය හැකි විය යුතුය, නමුත් අද ශ්‍රී ලංකාවේ මම දකින තරමට ලෝකයේ බොහෝ රටවල ධනපතියන්ට සමාන ධනයක් තියන මිනිසුන් සිටියත් අදාළ ධනය තමා කැමති විදියට වියදම් කල නොහැකි වී ඇත්තේ අදාළ මුදල උපයන ලද ආකාරය පෙන්වන්න බැරි කමයි, යම් විදියකින් තමා රුචි පරිධි අදාළ මුදල් වියදම් කිරීමට ගියොත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කොටු වීමට වැඩි කලක් ගත නොවෙයි.

පසුගිය සති කීපයේදී මේ ප්‍රශ්නය මනාව නිරාකරණය කල හැකි ක්‍රමයක් මගේ ගුරු  බන්දුල ගුනවද්දනයන් විසින් හෙළිකරන ලදී. දැන් නිතිය දන්නා උතුමන් මට පහත විස්තර කරන්න යන ක්‍රමය නීති විරෝදී බව ඔප්පු කරන්නේ කෙසේදැයි පවසත් වා.

ඔබ හිතන්න ඔබට රුපියල් කොටි 100 තිබෙනවා මෙය ඔබට නිතියානුකුල මුදල් බවට පරිවර්තනය කරන්න ඕනේ නම් මුලින්ම ඔබ නමින් පුණ්‍යාධාර  පදනමක් විවුර්ත කරන්න, ඉන්පසු ඔබ හිතවත් සීලය ගැන කිසිම අවබෝදයක් නැතත් ආර්ථිකය ගැන අවබෝදයක් ඇති භක්ෂුන් වහන්සේලා කීපනමක් පාරේ මුදල් සම්මාදන් කිරීමට යැවීමයි කලයුතු, ඉන්පසු අදාළ පන්සලේ නායක ස්වාමින් වහන්සේට රුපියල් ලක්ෂ 5 වැනි මුදලක් දී ඉතිරු කොටි 99.95 ඔබේ පදනමට බැර කිරීම මහින් සත 5ක බද්දක් නොගෙවා විශාල කළු මුදලක්  සුදුකිරිම කළහැකි වනු ඇති.

මෙවැනි ක්‍රමයක් මගින් මුදල් විසුද්ධිකරණය ට අධාල කිසිම නීතියකින් දඩුවම් කල නොහැකි වන්නේ මෙමුදල ඔබවහන්සේලාට ලැබුනේ කෙසේදැයි ඇසුවහම මෙය ශ්‍රද්ධාවත් මිනිසුන් අපේ පාත්‍රා වලට දමාගියා (අර අලිපැටියා පන්සලේ දමාගියා ) කිව්වා වගේ නිදහසට කරුණු  දැක්විය  හැකි අතර අදාල නිලදාරීන් නිරුත්තර වනු ඇති,  මෙසේ ලබාගත් මුදල් ඔබට කැමති දෙයක් මිලදීගැනීමට යොදවන්න හැකි වෙයි.

ඉදිරි අවුරුදු කිපයේ විවිද පුද්ගලයන් මේ ක්‍රමය පාවිච්චි කිරීම පටන්ගත්තාම අපේ වගකිවයුතු නායක ස්වාමින් වහන්සේලාට ඇති මහජන ගරුත්වය සිදියාමත්  තමන්ට ලැබෙන ලාබ සත්කාර අඩුවීමත් සිදුවෙන විට ස්වාමින්වහන්සේලා සම්මාදමේ යැවීමට විරුද්දව ඉදිරියට එනු ඇති, එවිට මේසේ කරන  ස්වාමින් වහන්සේලා කියයි ඇයි දැන් මේගැන විරුද්ද වෙන්නේ? බන්දුල ගුනවද්දනයන් මෙය පටන්ගත්ත වෙලාවේ ඔබවහන්සේලා කොහෙද හිටියේ කියල ?

බුදුරජානන් වහන්සේ සදහන් කරනවා මුදල් පරිහරණය කරන කෙනා පංච කාමයම පරිහරණය කරන බව.
ස්වාමින් වහන්සේ නමක් මද්‍යාන 12.00 පෙර පිණ්ඩපාතයේ යනවනම් මිනිසුන්ට ආහාර පුජා කළහැකි අතර මද්‍යාන 12.00  පසු පත්‍රය රැගෙන යනවනම් සිනි තේකොල හෝ තෙල් වැනි පන්සලට ප්‍රයෝජනවත් දෙයක් පුජාකළ හැකි උනත් කිසිවිටක මුදල් පුජකිරිම සුදුසු නොවෙයි.
වසර 2500 පෙර ස්වාමින්වහන්සේලට පනවන ලද නීති අතර රටේ නීතියට කිකරුවිමත් බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ලෝකයේ ප්‍රයෝගිකම දහම බුදුදහම නිසයි.  
           

Thursday, September 14, 2017

බැදුම්කර අන්දරය



ශ්‍රී ලංකාවේ අපුරු දේ සිදුවෙමින් පවතී, රටේ සාමාන්‍ය මිනිසුන් සිතනවාට හාත්පසින් වෙනස් සිදුවීම් ධාරාවක් සිදුවෙමින් පවතී.
රටේ මිනිසුන් බොහෝ දෙනා සිතා සිටින්නේ බැදුම්කර වංචාව සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමෙන් අදාළ පුද්ගලයන්ට දඩුවම් ලැබෙන බවයි, මුලින්ම බලමු මේ ජනාධිපති කොමිසම කියන්නේ කුමක්ද කියල, මේ පත්කරලා තියෙන්නේ සාමාන්‍ය ජනාධිපති කොමිසමක් මෙයට පුළුවන් කරුණු ගොනුකරගැනීමට පමණයි, මෙය විශේෂ ජනාධිපති කොමිසමක් උනානම් වැරදිකරුවන් වන අයට පාර්ලිමේන්තුව පාවිච්චි කරලා දඩුවම් කරන්න තිබුන.

යම්විදියකින් මේ කොමිසම දැඩි ලෙස ක්‍රියාත්මක වෙන්න ගියොත් වෙන්නේ ඉදිරි දිනකදී ශ්රේෂ්ඨාධිකරණය තුල නඩු පැවරිමකදී අර්ජුන ඇලෝසියස් මහතාගේ නීතිවෙදින්ට කියන්න පුළුවන් කොමිසම පක්ෂපාතිව ක්‍රියාකළ බව කියමින් අදාළ වාර්තාව විසිකරන තැනට ගෙනියන්න, මෙහිදී කොමිසම අදාළ අවදානම තේරුම් ගෙන  ක්‍රියාකළ අයුරු විශිට්ටයි, මෙය දකින මෝඩ මිනිසුන් කොමිසමේ පණනැති බව  කියයි නමුත් පහත හේමන්ත වර්ණකුලසුරිය මහතා ලලිත් ඇතුලත්මුදලි ඝාතන කොමිසම ගැන මතක්කිරිමේදී අදාළ වර්තා විසි වූ ආකාරය අපුරුවට පැහැදිලි කරනවා.


 

ඇත්තටම මේ ජනාධිපති කොමිසම පත්කරලා තියෙන්නේ වෙන මොකටවත් නෙමෙයි ජනතාවගේ ඇති විරුද්දතාවය ක්‍රමයෙන් යටපත් කිරීමටයි, නමුත් මෙම කොමිසමේ සිටින දප්පුල ලිවේර සහ කෝදාගොඩ ඇතුළු දක්ෂ නිලදාරින් සහ රහස් පොලිසියේ නිලදාරීන් ඉතා දක්ෂ ලෙස තම කාර්ය සිදුකර තිබෙනවා, මම දකින විදියට මේ විශාල සොරකම Perpetual Treasuries Limited  තනිව කල සොරකමක් නෙමෙයි බලවත් දෙසපළුවන් කීපදෙනෙක් විසින් වසර ගණනාවක් මුදල් තත්වය දුර්වල වූ එක්සත් ජාතික පක්ෂයට මැතිවරණයට උවමනා මුදල් සම්පාදනය මුලික කරගෙන කරපු වැඩක්, එහෙම කියන්නේ  අර්ජුන මගේන්ද්‍රන් මහබැංකුවේ අධිපති වෙන්න ඉස්සල්ලම ඔහුගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් අදාළ ආයතනයේ වගකිවයුතු තනතුරු වලින් ඉවත්වීමෙන් පේනවා සැළසුම.

මම දැක්ක බොහෝදෙනෙක් මේ කොමිසමට ගරහනවා ඇයි බැරි  අර්ජුන ඇලෝසියස් ගෙන් දැඩිලෙස ප්‍රශ්න කිරීමට කියල, මෙහිදී ඔහු වෙනුවෙන් පෙනීසිටින්නේ දක්ෂ ජනාධිපති නීතිවේදියෙක් වන ගාමිණී මාරපන මහතායි. ඔහු උපදෙස් දී ඇත්තේ මෙම කොමිසමට සාක්කි නොදෙන ලෙසයි, මෙයින් අදාළ ඇලෝසියස් මහතාට උවමනා කාලය ලබාගැනීමට ලැබෙනවා මේ ලැබෙන කාලයේ දී මෙහි වරද වෙනින් පුද්ගලයෙකුට යොමුකරන්න පුළුවන්, මෙහිදී මම දැක්ක ගාමිණී මාරපන මහතාටත් බොහෝදෙනා දොස් කියනවා, මම දකින්නේ ගාමිණී මාරපන මහතා කරන්නේ තමන්ගේ රස්සාවයි ඔහුට තමාගේ සේවාදායකයා වෙනුවෙන් දෙන්න ඕනේ හොදම විසදුම ලබාදීමයි ඔහු කරන්නේ, මෙතැනදී නීතියේ හිල් පාවිච්චි කිරීම පුරවැසියන් වන අප වරදක් ලෙස දැක්කත් අදාළ නිතිවෙදියාගේ රැකියාව මෙවැනි දුර්වලතාවලින් තම සේවාදායකයා ගලවා ගැනීමයි.

හැබැයි නීතියේ හිල් වලින් මේ මිනිසුන් බේරී යනවනම් ඊට වැරදි කරුවන් ඔවුන් නෙමෙයි චන්දදායකයන් වන අපියි, දැන් අහන්න එපා ඒ මොන කුනුහරුපයක් කියල, මතකතියාගන්න නීති හදන්නේ සහ අනුමත වෙන්නේ පර්ලිම්න්තුවෙන් බව, මේ හිල් වැසිය යුත්තේ මහජනයා වන අපේ නියෝජිතයන් විසින් (ඔව් මැති ඇමැති වරුන් තමයි )

මේ විශාල වංචාව නිසා රජයට සිදුවී ඇති වංචාව සාමාන්‍ය මිනිසාට බලපාන විදිය සරලව කිව්වොත්, සාමාන්‍ය 4 දෙනෙකුගේ පවුලට වසරකට රුපියල් 15000 වැනි මුදලක් රජයට බදු ලෙස ගෙවීමට වෙනවා (වෙනස ඔබට රිසිට් පතක් ලැබෙන්නේ නෑ මහබැංකු වංචාව නිසා ලබාගත් බදු මුදල බවට )

අවසාන ලෙස මෙහි වරදකරු වෙනු ඇත්තේ කසුන් පලිසෙන වැනි තුන්වන පෙළ නිලදාරියෙක් පමණයි, මෙහි හරි මිහිහ හිරේ ගියොත් රටේ අගමැති තුමත් හිරේ යන්න ඕනේ.

මම නැවත කියනවා මෙවැනි තත්වයකට වගකියන්න ඕනේ රටේ මිනිසුන් වන අප බව මොකද අපි කැමති රුපියල් කෝටිගණන් වැයකර දෙසපලුවෝ චන්දය ඉල්ලනවට, අපි කැමතියි අපට රජයේ රැකියා දෙනවට, අපි කැමතියි අපට බදු ගසන්නේ නැත්නම්, අපි කැමතියි කෝටිගණන් වැයකර බලයට ආපු මිනිසුන් සතයක් වත් සොරකම් නොකර තමන් හිගන්නෝ වෙමින් ජනතාවට සේවය කරනවානම්, අපි කැමති නෑ මේ ජනතා නියෝජිතයෝ විශාල වැටුප් ගන්නවට.

මෙනිසා අලි දෙන්නම් කොටි දෙන්නම් කියල බලයට ඇවිල්ල පරම්පරා 7ට මුදල් හම්බකිරීම කරනවා, සිංගප්පුරුව වැනි රටක් මෙහෙමයි ගෙවන්නේ
https://statestimesreview.com/2017/04/29/singapores-total-ministerial-salaries-cost-53-million-a-year-most-expensive-in-the-world/

හැබැයි හොරකම් නෑ මෙතන මනොවිදාව ගැන දන්නා උදවිය පැහැදිලි කලොත් හොදයි, දැඩි දඩුවම් සමග විශාල වැටුප් නියම කලාම දඩුවමට ඇති බය නිසා වරදට පෙලබෙන්නේ නෑ වගේම තමාට විශාල ආදායමක් ලැබෙන නිසා අනවශ්‍ය අවදානම් ගැනීමට පෙලබෙන්නේ නෑ, මේ සරල තර්කය තේරුම් ගණන බැරුව ජනතාව අගාදයට යනවා.                    

එකතු කිරීම:-

www.lankatruth.com/si/ඇලෝසියස්-cope-කමිටුවට-බොරු-කි/

ඊයේ මෙම පොස්ට් එක දාන විටදී මම කිව්ව
{අවසාන ලෙස මෙහි වරදකරු වෙනු ඇත්තේ කසුන් පලිසෙන වැනි තුන්වන පෙළ නිලදාරියෙක් පමණයි}

ඇත්ත වෙමින් පවතී, පහත් තැනින් ජලය ගලා බසී  

Friday, August 18, 2017

ශ්‍රී ලංකා දෙසපාලනයේ අනාගතය




මුලින්ම මම ස්තූති වන්ත වෙන්න ඕනේ chanuk bro youtube channel මල්ලිට මේක දැනුවත් කිරීම පිළිබඳව ඒ තමයි සිංහල වචන වලින් කියන එක සිංහලට පරිවර්තනය කරන පාවිච්චි කරලා ඉතා වේගයෙන් සිංහලෙන් ලිවීමට ඇති හැකියාව.

දැන් මාතෘකාවට ආවොත් මට අද බලන්න ලැබුනා මාලින්ද සෙනෙවිරත්න මහත්මය සිරස මාධ්‍ය ඔස්සේ පවත්වපු සම්මුඛ සාකච්ඡාවක් newsline වැඩසටහන තමයි මේ පහල තියෙන ලින්කුවෙන් ඔබට බලන්න පුළුවන්


මම මේකෙටි විනාඩි 3ක පමණ කොටස  කිපපාරක්  නැවත නැවතත් බැලුවේ, මෙවැනි ප්‍රායෝගික කතා බොහෝ අයට නොතෙරෙන නිසයි.

ඩේට බේරගන්න ඕනේ අය මෙතනින් බලන්න 

 ඉතාමත් වැදගත් කතාවක් අපට කියලා දෙන නිසා ඔහු අහනවා ඇයි  දේශපාලනඥයින් පාර්ලිමේන්තුවට එන්න කියලා ඔහුගේ පිළිතුර වුණේ ඇමැතිකම් ලබා ගන්න කියලා ඔහු ඊළඟට අහනවා ඇමතිකම් ලබා ගන්න කොච්චර මුදලක් වැය වෙනවද කියල මිලියන ගණනක් වැය වෙනවා කියලා කියන ඔහු නැවත පිළිතුරු දෙනවා.

නැවත ඔහු අනහව  කොහොමද මේ මුදල නැවත ලබාගන්නේ  කියලා මොකද නැවත ඔහු ඔහුගේ මිතුරන්ට මුදල් ලබා දෙන්නට සිද්ධ වෙන නිසා, පාර්ලිමේන්තුව කතානායක වගේ තනතුරු දරන කිසිම අමාත්‍යාංශයක් නොදරන දේශපාලඥයන් අහනවා කොහොමද ඒ අය තමුන්ගෙ උදව් කරුවන් ට නැවත ප්‍රති උපකාර කරන්නේ  කියලා මොකද ඔහු ණය ලබාගෙන තියෙන්න පුළුවන් විවිධ ක්‍රමවලට මුදල් එකතු කරගෙන තියෙන්න පුළුවන් තමන්ගේ ඡන්දෙ කරන්න, විශාල වියදමක් දරලා ඔහුට සිද්ධ වෙනවා


නැවත තමුන්ට ප්‍රතිඋපකාර කළ පුද්ගලයන්ට ණය ගෙවන්න අදාළ ඇමතිවරයා ට සිද්ද වෙනවා මෙහෙම කරනකොට ඔහු නොදැනුවත්වම විශාල වශයෙන් දූෂණ වංචාවලට සහභාගි වෙන්න සිද්ධ වෙනවා, මොකද තම පාක්ෂිකයන්ට උදව් කරන්න තියන ක්‍රමයක් තමයි මේ.  මෙනිසා  මේ ක්‍රමය වෙනස් කරන්න බලයට පත්වුණාට පස්සේ කෙනෙක් කැමති වෙන්නෙ නැහැ, මොකද තමතමුන්ට ඉදිරියට ගිහින් ගන්න පුළුවන් ප්‍රයෝජන ලබාගන්න බැරි හින්ද, නමුත් බලයට  එන්ට ඉස්සර හැමෝම කියනවා අපි මේක වෙනස් කර අලුත් ක්‍රමයක් ඇති කරන්නෙම්  කියලා.

 ඉතින් මේක කොහොමද කරන්නේ කියන එක අපි චුට්ටක් කල්පනාවෙන් බලන්න ඕනේ  මොකද හැමෝම කියන්නේ එක වෙනස් කරන්නම් කියලා තමයි නමුත් කිසි කෙනෙක් කැමති නෑ මේ ක්‍රමය වෙනස් කරන්න ඇයි එහෙම වෙලා තියෙන්නෙ?  මොකක්වත් නිසා නෙමෙයි මේ වෙනස් කරන්න කැමති හැමෝම  කැමති තමන්ට වාසියක් ලබාගන්න තමයි, තමන්ට අවාසි නම් එය සිදුවෙන්නේ නෑ.

  හැබැයි මේ සමහර අවස්ථාවල් තියෙනවා අපිට ජනතාව හැටියට ප්‍රයෝජන ගන්න පුළුවන් උදාහරණයක් හැටියට දැන් පවතින රජය එතරම් බලයක්  නෑ හැමෝම බලනවා බලය වැඩි කරගන්න එක්සත් ජාතික පක්ෂයට තේරිලා ඉදිරියේ මැතිවරණයකට මුහුණ දෙන්න සිද්ධවෙනවා කියල  ඔවුන්  කරන මූලිකම සහන ලබාදීම තමයි ඊළඟ බදු අඩු කරගෙන යන එක, මාස කීපයකට කලින්  විදුලි සංදේශ  බද්ද වැඩි කළා නමුත් දැන් ඔවුන් සූදානම් වෙනවා බදු අඩු කරන්න බදු අඩු කරන කොට  කියනවා අන්තර්ජාල පහසුකම් බොහෝ අයට ලබාදෙන්න තමයි ඒක කරන්නේ  කියලා, මෝටර් බයිසිකල් බදු අඩු කළා කියලා කියනවා නමුත්  අඩු වෙලා තියෙන්නේ japan motor bicycle  වල පමණයි japan motor bicycle කියන්නේ තරමක් මිලෙන් අධික දෙයක් සාමාන්‍යයෙන් මිලදී ගන්න යන්නේ නැහැ ඇත්තටම මේක කරන්නේ මිනිස්සු පොළඹවා ගන්නා බදු අඩු කළා කියන මානසිකත්වය දාන්ඩ නමුත් ඇත්තටම මෙයින් රජයට පාඩුවක් සිද්ධ වෙන්නෙ නැහැ, මේ වෙද්දී කපටි වැඩ ඉදිරියට කරන්නට උත්සාහ කරනවා බව කල්පනා කර බලන කොට තේරෙනවා ඇත්තටම මේ වගේ අවස්ථාවක තමයි නිසි කළමනාකාරිත්වය පහසු කරන්න උවමනා කරන පනතක් සම්මත කරගන්න ජනතාව හැටියට අපිට බල කරන්න අවස්ථාව ලැබෙන්නේ. 

මම හිතනවා මේකෙන් අපට ප්‍රයෝජන ගන්න ලැබෙයි කියලා මොකද මේ වගේ අවස්ථාවක තමයි උවමනා කරන යම් සාධනීය දෙයක්  එලියට ගන්න පුළුවන් වෙන්නේ. 




Sunday, August 6, 2017

අවංක දේශපාලනඥයගේ අනාගතය.



බොහෝදෙනෙක් මෙහෙම අය නැතිබව කියයි, නමුත් අපි සුරංගනා කතා වලට කැමති මිනිසුන් වෙමු.
දැන් අපි  අවංක දේශපාලනඥය බලයට එන්නේ කොහොමදැයි බලමු, අපි බොහෝදෙනා දන්නා විදියට බලයට එම සදහා අවම ලෙස රුපියල් ලක්ෂ 350 ක් වත් උවමනා කරනවා, දැන් මේ මුදල් ඔහු පරම්පරා දේපල විකිණීමෙන් හෝ උගස් කිරීමෙන්  මිතුරන් ගෙන් ලබාගැනීමෙන් බලයට ආවයි කියමු ඔහුට මසකට උපරිමව නීතියට අනුකුලව 120000 පමණ මුදලක් ලැබෙනවා, මේ මුදල අවංකව ඔහු වියදම් කරනවානම් ඔහුට හෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමටවත් ප්‍රමාණවත් නෑ දැන් වසර 6ට ඔහු ලබන උපරිම මුදල  (120000 x 12 x 6 ) = 8,640,000 වැනි මුදලකුයි.

දැන් මේ මුදල් ලබන මිනිහ ගෙන් අපි පහත දේවල් බලාපොරොත්තු වෙනවා.

 රටේ  දුෂණ වල යෙදී  සිටින පිරිස් වලට නිතිය ක්‍රියාත්මක කිරීම :-

        දැන් එහම කරන්න පටන්ගත්ත කියල හිතමුකෝ මේ බලවත් දුෂකයන් මේ අවංක දේශපාලනඥයට විරුද්දව නීති මාර්ගයෙන් කටයුතු කිරීමයි, දැන් මේ අවංක දේශපාලනඥයට මිට උවමනා මුදල් තම චන්දදායකයන් සපයන්නේ නැතිබව ඔබ සියලු දෙනා දන්නවා ඇති.

දැන් ඉහත තබෙන සරල තත්වය ගැන නොසිතන අපි ඉබ්බන්ගෙන් තටු බලාපොරොත්තු වෙනවා වගේ සොරුන්ගන් අවංක කම බලාපොරොත්තු වෙයි.

දැන් මේ තත්වයෙන් ගොඩ ආපු සිංගප්පුරුව වැනි රටක් එය කල විදිය ගැන බලමු.

සිංගප්පුරුවේ සියලුම ඇමතිවරුන්ට අතිවිශාල වේතනයක් දීම නිසා අනවශ්‍ය අවදානම් ගැනීම මානසිකව සීමාකරන අතර දැඩි දඩුවම් සියලුම දෙනාටම වරදක් කලවිට ලැබීමෙන් දැඩි විනයක් ඉහලම තැන්වල පවතී.

දඩුවම දැඩි නිසා සහ අවංක මිනිසාට ජීවිතය ජය ගැනීමට මාවත් වැටි තිබීමෙන් මේ රටවල් ඉබේම වගේ දියුණු වෙයි.

රටට ලෝකයට සම්බන්දවිමට උවමනා ඉංග්‍රීසි භාෂාව නම් ජාතීන්වල මොන අයිතිවාසිකම කැඩුනත් රටේ පරිපාලන භාෂාව ඉංග්‍රීසි කරන ලදී, විරුද්ද වෙන අය සිරකිරීම කරන ලදී.

මෙවැනි ප්‍රයෝගික ක්‍රමවේදයක් තිබියදී ප්‍රජාත්න්ත්රවාදය වැනි වැදී බන කියමින් මෝඩ මිනිසුන් නටන විකාරය ගැන විවුර්ත මනසකින් අපට බලන්න ලැබේව.

දේශපාලනඥයනට විශාල වැටුපක් සහ දැනට නොමිලේදෙන සියලු පහසුකම් නතර කිරීම මහින් මෙරට දියුණු කළහැකි බව අප තේරුම් ගන්නේ කවදාද ?      

 

Friday, July 14, 2017

ශ්‍රී ලංකාවට ගැලපෙන ගිණුම් ක්‍රමය.




ශ්‍රී ලංකාවේ වාසය කරන බොහෝදෙනාට රටේ දෙසපාලකයන් නිලදාරීන් සහ රටේ මහජනතාව විසින් කරන දුෂනවල ප්‍රතිඵල මොනවාදැයි තේරුම් ගැනීමට දුෂ්කර තාවයක් පවතිනවා. මේ ගැන කල්පනා කිරීමේදී මට අපුරු දෙයක් මතක් උනා, බොහෝදෙනාට මම මේ කරන යෝජනාව පිස්සුවක් වගේ තේරුනත් ටිකක් කල්පනාවෙන්, මනුස්සයෙකුගේ මානසිකත්වය වැඩකරන හැටිගැන අවබෝදයෙන් ටිකක් ගැබුරින් සිතා බලන්න.

මම මේ උදාහරණයක් විදියට අරගෙන තියෙන්නේ දුරකථන බිලක් මෙහිදී ඔබ රුපියක් 3000 ක අන්තර්ජාල පහසුකම්ද සහිතව දුරකථනය පාවිච්චි කරලා තියනවනම් ඔබට 46% පමණ ඒ කියන්නේ රුපියල් 1380 ක බද්දක් සහිතව රුපියල් 4380 ගෙවනවා. මෙය සාමාන්යෙන් රටේ පුරවැසියෙකුට තේරෙන්නේ නෑ. ඔබ කල්පනාවෙන් දුරකථන බිල බලන්න බදු ප්‍රතිශතය වත් දැන් ඉදිරිපත් කරන්නේ නෑ. මෙනිසා අපි කොතෙක් බදු ගෙවන්න වෙනවද කියල එකවර වැටහෙන්නේ නෑ බහුතරයකට.

මම යෝජනා කරන්නේ දැනට දුෂණ නිසා කොතරම් මුදලක් රජයට අහිමි වෙනවද කියල ගණන් බැලීමට පහසුකම් තියනවා දලවශයෙන් විවිද දුෂණ නිසා වැඩිවුණ බදු ප්‍රතිශතය 26% කියල ගමු (මිට වඩා බොහෝ වැඩි බව ඔබට තේරුම් යයි ලෝකයේ දුෂණය අවම කල සිංගප්පුරුව දෙස බලපුවහම.)
මේ දුෂණ නිසා වැඩිවූ ප්‍රමාණය වෙනම අයිතමයක් මගින් පෙන්වූ විට ජනතාවට තේරෙනවා තමාට කොච්චර අලාබයක් සිදුවෙනවද කියල, ඒවගේම රටේ පාලකයන්ටත් දැඩි පීඩනයක් එනවා එවැනි දුෂණ තුරන් කිරීමට.

මම පුරවැසියෙක් ලෙස යෝජනා කරන්නේ මෙවැනි වර්ග කිරීමක් විගණන පනතට එකතුකිරිම මගින් මහතනතාවගේ දැනුවත් වීම වැඩි කිරීමට හැකි බවයි, දැන් අහයි ඇයි දියුණු රටවල මෙවැනි ක්‍රමයක් නැත්තේ කියල ? මට කියන්න තියෙන්නේ දියුණු රටවල මිනිසුන් අපේ රටේ වගේ දුෂණ වල විශාල පරිමානයෙන් යෙදෙන්නේ නැති නිසා ඔවුන්ට අදාළ නැතත් ශ්‍රී ලාංකිකයන් වන අපට මෙය මනාව ගැලපෙන බවයි.

මෙමගින් සිදුවෙන්නේ පාලකයන් නිවැරදි කිරීමට වඩා රටේ මහජනතාව ගේ මනස තුල අවබෝදය ඇතිකිරීමයි.          

Friday, June 30, 2017

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 10 දැරියන්ට ගැබ් ගෙල පිළිකා වැලැක්වීමේ අරමුණින් භයානක එන්නතක් හදුන්වා දෙයි.




 කරුනාකර මා ලබාදෙන සබැදි වැඩි අවදානයක් යොදා කියන්වන්න. මම සැමවිටම විද්‍යාත්මක තොරතුරු වදිවිස්තර ලෙස එකතු කරමි හැකියාවක් ඇති සියලුදෙනා අතිරේක තොරතුරු මට වඩා හොදින් පැහැදිලි කරනවානම් ගොඩක් වටිනවා.

දැන් මාතෘකාවට එමු   මෙය යෝජනා වුනේ 2014 දියි දැන් මෙය සවුක්ය අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කිරීමට ආසන්නයි
http://www.sundaytimes.lk/141019/mediscene/hpv-vaccine-preventing-cervical-cancer-122386.html

දැන් මෙහි ඇති භයානක කම බලමු


පහත දැක්වෙන්නේ ලෝක ප්‍රසිද්ද ස්නායු වෛද්‍ය  Neurosurgeon Dr. Russell Blaylock. (මොහුවිසින් සොයාගන්න ලද ශල්‍ය වෛද්‍ය  ක්‍රම සදහා පේටන්ට් කීපයක්ද ඔහු සතුයි ).



මෙහිදී අදාළ දොස්තර වරයා පෙන්වාදෙනවා HPV මගින් ගර්භාෂ ගත පිළිකා වලක්වනබවට කිසිම විද්‍යාත්මක තොරතුරක් නැතිබවයි



Dr Deirdre Little ගේ අපුරු සොයාගැනීම Human papillomavirus (HPV) වක්සිනය ඕස්ට්‍රේලියාවේ NSW වල දැරියකට ලබාදීලා තියනවා, මේ දැරිය තේරුම් ගෙන තියනවා තමන් ගේ ඔසප්වීම නතර වී ඇති බව ඇය  Dr Deirdre සදහන් කරනවා තමන්ට ඇතිවී ඇති ප්‍රශ්නය, බුද්ධිමත් දැරියක් වූ ඇය දොස්තර වරියගෙන් අහනවා තම ඔසප් වීම නතර වීමට   Human papillomavirus (HPV)  Gardasil vaccine එක හේතු වුනාද කියන ප්‍රශ්න ය. මේගැන මේ  වෛද්‍යවරිය තමන් දනුවත් නැති නිසා සහ ඇයට විමසුම් නුවන ඇති නිසා සවුක්ය පරේෂණ ආයතනයෙන් ඉල්ලා සිටිනවා Gardasil vaccine  ගැන සත්ව පරීක්ෂණ තොරතුරු එවන ලෙස, ඇයට අදාළ ආයතනය දැනුවත් කරන්නේ එය රහස්‍ය බැවින් ලබාදිය නොහැකි බවයි, ඉන්පසු ඇය තොරතුරු දැනගැනීමේ පනත පාවිච්චි කරලා ඉල්ලා සිටිනවා, ඇයට ඔවුන් දන්වා සිටින්නේ එය ලබාදීමට නම් අති විශාල මුදලක් ගෙවන ලෙසයි, ඇය එසේ නොකර පුරවැසියෙක් ලෙස තම අයිතිවාසිකම් පාවිච්චි කර තොරතුරු දැනගැනීමේ පනත මාර්ගයෙන් නැවත ඉල්ලුම් කලවිට ඔවුන් එම වාර්තාව ලබාදෙනවා.

මෙයින් සදහන් වන්නේ කුමක්ද ? මේසදහා පර්යේෂණයට යොදාගන්නා ලද මියන්නේ ඩිම්බ වල තත්වය කෙසේදැයි පරික්ෂා නොකරන මෙම පරීක්ෂණ කණ්ඩායම දවස් කීපයකින් මේ සතුන් මරා දමනවා. ඉදිරි පරම්පරාවල කෙබදු සංකුලතා ඇතිවේ දැයි කිසිදු පරීක්ෂණයක් සිදුනොකර වේගයෙන් වෙළදපොලට එවීමට අවසර ගන්නවා.

නීතියට අනුව මෙම වැක්සින් ලබාදිය හැක්කේ මෙහි වාසි අවාසි පැහැදිලි කල පසුයි.
එනම් මෙහි අවාසි ලෙස දොස්තර වරයා මෙහෙම කියයිද බලන්න " දොසතර:-  ඔබේ දරුවාට මෙය ලබාදීමෙන්    Human papillomavirus (HPV පිළිකාව වලක්සිම විද්‍යාත්මකව කිසිදු තොරතුරක් නැත, මෙය ලබාගන්න ඔබේ දරුවා මියයාමට හැකි අතර ජිවත් උනොත් අන්ද බාවයට පත්වීම ශාරීරික බෙලහිනතාවයට පත්විය හැක "

ලෙස පැහැදිලි කලයුතු වෙනවා මිට අමතරව ඔවුන්ගේ ම තොරතුරු අනුව   Human papillomavirus (HPV)  වයිරස් 100 පමණ තිබෙන අතර ආරක්ෂාව ලබාදෙන්නේ 4 ට පමණයි (4 ටත් යම් මදපවත්විමක් ඇති බවට කිසිම විද්‍යාත්මක ත්රතුර්රක් නෑ ) කෙසේවෙතත් ඔවුන් කල ප්‍රාථමික පරීක්ෂණ වලින් ඔවුන් සොයාගන්නවා කිසියම් වයිරසය මර්දනය කිරීමේ හැකියාවක් ඇතිබවට තොරතුරු, ඉන්පසු වැඩිදුර පරික්ෂ නතර කරන අතර වහාම වෙළදපොලට එවීමට කටයුතු කරනවා මෙහිදී ආරක්ෂණ සහ සායනික පරීක්ෂණ නොකර කෙලින්ම වෙළදපොලට එවීමයි කරන්නේ, මෙහිදී තව සොයාගැනීමේදී 90% පලදායිතාව සාමාන්‍ය තත්වයන් යටතදී 40% පමණ අඩුවෙන බවත් සමහර අවස්තාවල තිබුනට වඩා නරක අතට හැරෙන බවත් සොයාගන්නව, මිට අමතරව ඕස්ට්‍රේලියානු නීතියට අනුව සදහන් කලයුතු වෙනව පර්යේෂණ වලින් තොරව වෙළදපොලට ආපු වැක්සිනයක් බව කියන්න.

නමුත් එහිදීත් එවැනි කිසිම තොරතුරක් ඉදිරිපත් නොකරයි මෙය ලබාදීලා තියෙන්නේ, 2012 වෙද්දී ඕස්ට්‍රේලියාවේ වැක්සින් වලින් හානි වූ ප්‍රමාණයෙන් 60% වාර්තා වෙලා තියෙන්නේ Human papillomavirus (HPV)   සදහා ගන්නා Gardasil vaccine මගිනුයි.

දැන් ඇය අසන ප්‍රශ්නය මේ Gardasil vaccine ලබාගත් දැරියකට අනාගතයේ දරුවන් නොලැබීමේ තත්වයට පත්විය හැකිද නොහැකිද යන්න ගැන ආරක්ෂණ පරීක්ෂණ සිදුකර ඇද්ද නැද්ද යන්නයි

මේසදහා කරන ලද පරීක්ෂණ වලින් සහබාගි කරගන්නා ලද ගැහැණු ළමයින්ට හෝමෝන වලින් කරන පවුල් සැලසුම් පෙති ලාබදිමයි කරලා තියෙන්නේ, මෙනිසා Gardasil vaccine වලින් අනාගතයේ වන හානිය පරික්ෂා කිරීමට නොහැකිවන බව    Dr Deirdre Little  පෙන්වාදෙනවා  නමුත් මේ පරීක්ෂණය තමයි පාවිච්චි කරන්නේ මෙය ආරක්ෂා කාරියි කියල පෙන්වාදෙන්න. මෙය සැලසුම් කරන්නේ, මුදල් යොදවන්නේ Merc, Dohme Sharp වැනි ඔව්ෂද සමාගම් මගින්.

දෙවැනි පරීක්ෂණය ගැහැනුන් 20000 පාවිච්චි කල එකෙක් වන අතර මෙහිදී කාන්තාවන්ට පවුල්සලසුම් ක්‍රම පාවිච්චි කරන ලෙස සදහන් කරන අතර මෙය නිසිපරිදි නොකරීම නිසා මෙය නොසලාකා හරිනවා නමුත් ඉන්පසු මාස 6ටත් මාස 12 අතර රුදිර පරීක්ෂණ මහින් සොයන්නේ අදාළ Gardasil vaccine කොතරම හොදද කියන දේ මිසක් එය අන්න්ගතයට කොතරම් ආර්ක්ශාකරිද  කියන දේ නෙමෙයි. නමුත් මෙහිදී විශාල වශයෙන් අසාත්මකතා මරන, ජීවිතාන්තය දක්වා ආබාධිත වීම තමයි නරකම නමුත් කාන්තාවක් වද බවට පත්වීම මෙහිදී බයානක තත්වයක් ලෙස සදහන් වෙන්නේ නෑ

එච්චර විතරක් නෙමෙයි මේ පරීක්ෂණ ඉතා අපුරුයි
තව පරීක්ෂණයකදී ඔවුන් තීරණය කරනවා 100 ට 1 රෝගිවන දරුවන් වාර්තා නොකරන්න
මිට සහබාගිවු 25 කට 1 දරුවෙක් පරීක්ෂණයෙන් ඉවත් වෙනවා (ඔවුන් දැනගන්නවා මෙහි අහිතකර බව ඉන්පසු ඉවත්වෙනවා )
15 හැවිරිදි දරුවෙකු මියයනවා
තව දරියකගේ ලිංගික ප්‍රදේශයේ රුදිර වහනයක් සිදුවෙනවා
මෙයට සහබාගිවු කිසිම ළමයෙකුට කිසිම අසනීප තත්වයක් තිබුන ය නෙමෙයි.

මෙහිදී මෙ ප්ර්යේෂණ  වල අවසාන ප්‍රතිපලය වෙන්නේ බොහෝ දරුවන් මෙයින් ඉවත්වීමත් සලකියුතු පිරිසක්ක්ට හානිසිදුවිමත් කියනදෙයි.

අපුරුම දේ තමයි පෙති මහින් හෝමෝන පවුල් සැලසුම් ක්‍රමය පවිච්චිකරපු මේ දැරියන්ට මාස 7කට පසු කිසියම් රෝගී තත්වයක් ඇතිවෙනවානම් එය මෙම  Gardasil vaccine අතර කිසිම සම්බන්දයක් නැතිබව ඔවුන් පවසා වාර්තා කිරීම නවතා දමනවා  

එච්චර විතරක් නෙමෙයි තවත් කරන ලද පරීක්ෂණ වලින් තොරතුරු ගැනීමේදී කිසියම් දැරියක් දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරානම් පමණක් අදාල වැක්සින්නයේ ප්‍රශ්නයක් ලෙස වාර්තා උනත්   Dr Deirdre Little  සදහන් කරන්නේ ඔසප් ප්‍රශ්නයකට දැඩි සත්කාර ඒකකයට කිසිවෙකු ඇතුළු නොවන බවයි.

දැන් ටයිම්ස් පත්‍රයේ පළවූ ලිපිය වෙත යොමුවෙමු

Can pregnant women get the vaccine?
The vaccines are not recommended for pregnant women. Studies show that HPV vaccines do not cause problems for babies born to women who were vaccinated while pregnant, but more research is still needed. A pregnant woman should not get any doses of either HPV vaccine until her pregnancy is completed.

ගර්බනිය මාතාවන්ට මෙය සුදුසු දැයි යන ප්‍රශ්නයට කියන්නේ මෙය සුදුසු නැති බවත්, පරීක්ෂණ වලින් ආබාදයක් පිලිබිගු නොවන බවත් නමුත් තව පරීක්ෂණ කලයුතු බවත් මෙහිදී සදහන් වෙනවා.

මේ අනුව බලපුවහම අපට පරීක්ෂණ සදහා මෙය හදුන්වාදෙන බව පැහැදිලියි.

අලුතින් එකතු කිරීම :-  
 මෙන්න දැනට දින 3ට පෙර අයර්ලන්තයේ වාර්තාවූ තොරතුරු

https://www.irishtimes.com/news/ireland/irish-news/hpv-vaccine-uptake-rate-falls-15-among-young-girls-1.3135927

මේ එක එක්සිනයක් දැනට අවුරුදු 7ට පෙර ඉන්දියානු රුපියල් 9000 වෙනවා. දැන් ඔබට හිතාගන්න පුලුවන් රජය වැයකරන මුදල රටේ දෙසපාලුවොන්ට මේවයින් ගජ වාසියි.

Monday, May 1, 2017

මයිත්‍රී රනිල් ඇදගෙන නෑම




ලිපිය පටන් ගැනීමට පෙරම මම කුමන පක්ෂයකට පසුගිය 2015 ජනවාරි 8 චන්දය දුන්නාදැයි කීම වැදගත් වෙන්නේ ඇත්ත තත්වය ස්වාදීනව විස්තර කිරීම නිසා මෙය බලන පුද්ගලයන් පාට කන්නාඩි වලින් බලා කියන දේ ගැන අවදානය නොකරන නිසයි.

මම 2015 ජනවාරි 8 යහපාලන රජයට චන්දය දුන්නෙමි, මෙය ගැන අදත් මම කනගාටු නොවෙන්නේ හිටපු රජය පැවතුනානම් ඉදිරියේ ඇති අබියෝග හමුවේ දැඩි මර්දනයකට යන නිසයි.

නමුත් දැන් සිදුවෙන දේ ගැන අවංක විග්ග්රහයක් කරන්න ඕනේ දැනට ඇතිවෙලා තියන තත්වය සහ එයින් ගොඩ එන්න කරන්න ඕනේ මොනාද කියන දෙයයි.

යහපාලනය බලයට ගෙන එන්න උදව් කලේ මුලිකවම නව තරුණ චන්දදායකයන් පිරිසයි, මිට හේතුව මේ තරුණයන් විසින් සමාජමද්‍ය වලින් දැනුවත් වී තම දෙමාපියන් වැඩිහිටියන් ගේ චන්දත් යහපාලනය වෙත යොමු කිරීමයි. මේ පිරිස පාරස්ම්පරික පිරිස වගේ දිගින් දිගටම රැවටිය නොහැකියි.

අද වෙනවිට යහපාලන රජය නිර්ලජ්ජිත විදියට පොරොන්දු කඩකරමින් සිටි දැනට ඔවුන්ට මර්ධනය දියත්කිරීමට නොහැකි වී ඇත්තේ දේසපාලන අස්ථාවර බව නිසා මිස වෙන කිසිවක් නිසා නෙමෙයි.

දැන් මැයි දිනයේ සාර්ථකත්වය ගැන බලමු.

මාද්‍ය බොහෝවිට කියන්නේ සියලු පක්ෂ සෙනග ගෙන්වාගනිමෙන් සාර්ථක වූ බවයි, ඇත්තටම මෙය ඇත්තද ?

මම දකින්නේ මෙය විශාල මුසාවක් බවයි, බලයේ සිටින එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනතාව ගෙන්වාගැනීමට පාවිච්චි කරන ලද්දේ අනියමින් බලහත් කාරය පාවිච්චි කරලයි

පහත ලිපිය මෙයට සාක්කියක් වෙනු ඇති.


මහින්ද රාජපක්ෂ ගේ රැලිය ට මිනිසුන් ගෙන්වා ගැනීමට මත්පැන් මුදල් දෙන්න ඇති නමුත් මෙපමණ සෙනගක් ගෙන්වා ගෙන තියෙන්නේ කිසිදු වර්ප්ප්‍රසාදයකින් තොරවයි, මෙය තමයි තිත්ත ඇත්ත. 


මෙය අවංකව දකින්න බැරි රජයේ ජනමාද්‍ය ඊයේ කරපු විහිලු  සහගත දෙයක් තිබුන, මම රුපවාහිනී ප්‍රවුර්ති බලද්දී පෙන්නුවේ මහින්දගේ රැලියට බේබද්දෝ කීපදෙනෙක් සහ ඉතා සුළු පිරිසක් සහබාගිවී ඇති බවයි, මෙය රජයේ මද්යකින් දැනට වසර 30ට පමණ පෙර කලානම් සාර්ථක වෙන්න තිබුන නමුත් අද අන්තර්ජාලය ඇති ලෝකයේ මෙවැනි දෙයක් කිරීමෙන් අප්‍රසාදයට පත්වෙන්නේ පවතින රජයයි (මොකද රජයේ නිරුවත ලෝකයටම අනාවරනය වෙනවා මොහොතකින්ම )   

දැන් මේ තත්වය යමක් කමක් තේරෙන මෙ රජය බලයට ගෙනඒමට උදවවුන නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා කියන්නේ මෙහෙමයි  



මෙම අදහස දකින අජිත් පැරකුම් ජයසිංහ මහතා (පැරා ) කෝපයට පත්වී මෙහෙම කියනවා 



පැරා කියන්න උත්සාහ කරන්නේ වත්මන්  තත්වය ගැන කතා නොකර රාජපක්ෂගේ බලය මර්දනය කිරීමට කරන්න ඕනේ යෝජනා ඉදිරිපත් කරන ලෙසයි, ඔහු වියන්ගයෙන් කියන්නේ මේවා ප්‍රසිද්දියේ කතාකිරීමෙන් මහින්ද තවත් බලවත් වෙන බවයි.

දැන් අපි බලමු ඇයි මෙහෙම උනේ කියල, මිට මුලික හේතුව මහින්දගෙන් බලය ගත් මිනිසුන්ට උවමනා කලේ මහින්ද නතරකල තැනින් සොරකම පටන් ගැනීමයි. රජයේ දේපල කුණුකොල්ලයට විකිණීම මහින් තමාට ලැබෙන කොමිස් කුට්ටිය ගැන සිහින බලපු වත්මන් රජයට එය කරන්න බැරිවුනේ යහපාලනයේ සලුපිලි කිලිටි නොකරගන මෙය කරන්න ඇති අපහසුවත් පක්ෂ 2ට බලය බෙදීම නිසා විශාල පිරිසක් සනසන ගමන් සොරකමට උවමනා මුලික උපකරණය වන ජනතා සහයෝගය නොමැති වීමයි.

මෙනිසා හම්බන්තොට වරාය වැනි මුදල් ආකාරයක් අලාබ ලබන වරායක් සේ තබාගන්න ඕනේ වුනා 
01. අලාබ ලබන බව කියාල විකුනන්න 
02. ලාබ ලබන තත්වයට ගෙනත් ණය නොගෙවීම නිසා ණය බර වැඩිවීම.

කියන කාරනා දෙක හේතුවුනා, රජයේ ආයතනයක් ලාබ ලබන තත්වයට ගෙන ආව කියන්නේ එය විකුණා කොමිස් කුට්ටියක් ලබාගැනීමට නොහැකි වෙනවා කියන දෙයයි , කිසියම රජයේ ආයතනයක් ලාබ ලැබුවත් එම ලාබය මංකොල්ල කෑවත් එය විකුණා ලබන කොමිස් කුට්ටියට වඩා ඉතා අඩුවෙනවා.

මෙනිසා රජය පෙලබෙන්නේ නෑ පවතින සංවර්දන වියාප්පෘති අවසන් කරන්න නමුත් ඔවුන් හරි උනන්දුයි නව සංවර්දන වියාප්පෘති පටන්ගැනීමට මොකද එමගින් ලොකු කොමිස් කුට්ටියක් ලබාගන්න පුළුවන් නිසා.

දැන් උතුරු මැද අධිවේගී විය්ප්පෘති සදහා මුදල් වෙන්කරන්න පුළුවන් රජයට හැකියාවක් නෑ හම්බන්තොට වරායට වැඩිපුර දොබකර සහ තෙල් පිරිපහදුවක් ඉදිකරලා  ඉවර කරන්න, මොකද මේවා හදපු ගමන් වරායේ ආදායම වැඩිවෙනවා ඒ කියන්නේ මේවා විකුනන්න බැරි වෙනවා අලාබ ලබනබව කියමින්.

මහින්ද උනත් කලේ මේ සෙල්ලමම තමයි ඔහු හම්බන්තොට වරාය හදල මත්තල ගුවන් ටෝටුපලක් පටන්ගත්ත. ඔහු ඒ මුදල් හම්බන්තොට ඉවර කලානම් වරාය ආදායම් උපදවනවා එහෙම උනානම් ඔහුටත් විකුනන්න බැරි වෙනවා.

මේක තමයි ඇත්ත යතාර්ථය. 

යහපාලන රජය බලයට ගෙනා ජනතාවගේ මුලික උවමනාව පැවතුන රජයේ දුෂකයන්ට දඩුවම් දීම සහ නව සංවර්දන වැඩවලින් තමන්ට රැකියා ලබන අතර බදු බර අඩුකර ගැනීමයි, මේ බලාපොරොත්තු එකින් එක බිදවැටීම සිදුවූ වහාම රජය සමග සිටින ජනතාව රජයෙන් ඉවත් උනා, දැන් සිරිසේනටත් රනිල්ටත් මොලේ කළදක් වත් තියනවනම් කරන්න ඕනේ මුලිකම දේ මහින්ද බාගෙට ඉවර කල  වැඩවලින් මුදල් උපයන්න වැඩපිළිවලක් යොදන එක, එහෙම කලොත් ඉදිරියේ ණය බර නිසා ජනතාවට දරන්න වෙන බදු බර අඩුකර ගන්න පුළුවන් වෙයි, මිට අමතරව විදේශවලට කරන දේශීය අපනයනත් ප්‍රතිඅපනයනත් වේගවත් කිරීමට වැඩපිළිවලක් උවමනා වෙනවා.

රුජු විදේශ ආයෝජය ගෙනඒමට විනිවිද බාවයන් යුතු වැඩපිළිවලක් උවමනා කරනවා, මෙය ඉතා කික්මනින් කරන්න බැරිඋනොත් මහින්දගේ ප්ර්ශවය විසින් සංවිදානය කරන දැවැන්ත උද්ගොෂණයකින් රටේ බලය ගිලිගෙන්න ගතවෙන්නේ මහින්දට වසර 30 යුද්දය නිමකරලා වසර 6කින් බලය ගිලිහුනාට වඩා වේගවත් ලෙස සිරිසේනටත් රනිල්ටත් බලය නැතිව යන එකයි. 

                   


         

Saturday, April 22, 2017

ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්

අද මම ලිපිය පටන්ගන්නේ  "ශරීරයේ සීනි අඩුකරන 'මස්බැද්ද' ගැන රහසක්" යන සිරස් තලය යටතේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා ලක්බිම පුවත්පතට ලියපු පහත ලිපිය සම්බන්දවයි

කරුනාකර මේ ලිපිය කියවන්න ලිපිය 

//මගෙන් ප්‍රතිකාර ගන්නා රෝගියකුට දියවැඩියාව පාලනය කර ගැනීම පිණිස වන ඖෂධ සහ වෛද්‍ය උපදෙස් නියම කළ පසුව ඔහු මගෙන් ‍මෙවන් ප්‍රශ්නයක් අසා සිටියේය.

“ඩොක්ට’මට මේ බෙහෙත් නොබී මස්බැද්ද වගේ දේකින් සීනි අඩු කර ගන්න බැරිද?”

“මොනවද මස්බැද්ද කියන්නේ? මම නම් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ; අනික මම දන්න තරමින් වෛද්‍ය විද්‍යාත්මකව එහෙම දෙයක් ගැන කියැවෙන්නෙත් නැහැ; ඒ නිසා මට ඒ ගැන මොකුත් කියන්න බැහැ. මට කියන්න පුළුවන් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වුණු ඖෂධ ගැන විතරයි.” ඒ මොහොත් මම ඔහුට කීවෙමි.//

ඒවගේම අදාළ විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා මෙහෙමත් කියනවා

//මා ඉහත සඳහන් කළ මස්බැද්ද ශාකයේ ඇති ශරීරයේ සීනි මට්ටම, අධික රුධිර පීඩනය සහ කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීමේ ජෛව රසායනික බලය පිළිබඳව විද්‍යාත්මකව තහවුරු වී ඇති බව මම මුලදීම කීවෙමි. එහෙත් එම ශාකය ඖෂධයක් ලෙස නියම කිරීමේ දී ඒ සම්බන්ධ සායනික දත්ත (Clinical data) විස්තරයක් වෛද්‍යවරයකුට ලැබිය යුතුමය. //

මෙතැනදී  "වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වුණු ඖෂධ ගැන" කිව්වහම සාමාන්‍ය මෙය කියවන කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕනෑම බටගිර බෙහෙතක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වුණු ඖෂධ විතරයි වෙලදපොලේ තියෙන්නේ කියල. මෙය ඉතා නොමගයවන සුළුයි විශාල බටහිර ඔවුෂද සමාගම්වල බෙහෙත් තියනවා මෙවැනි කිසිදු පරික්ශාවකින් තොරව කෙලින්ම වෙළදපොලට එන fast track Drugs ඔවුෂද



අද වනවිට මේ වෙළදපොලට එන බොහෝ ඔවුෂද තත්ව පරික්ෂාව සිදුකරන්නේ අදාළ ඔසුව නිපදවන සමාගම විසින්මයි, නැත්නම් අදාළ ඔසුව ගුනාත්වය පරික්ශාකිරිම රජයේ FDA වැනි ආයතනයක් කරනවානම් එම පරික්ෂණයට මුදල් වැයකරන්නේ අදාළ සමාගම විසිනුයි.

ඕනෑම ඔසුවක් වෙළදපොලට පැමිණීමට පෙර ඩොලර් ලක්ෂ ගණනක් වියදම්  යුතු වෙනවා, මෙනිසා සොබාවික ශාකයක් කිසියම් රෝගයකට ප්‍රතිකාරයක් උනත් එය වෙළදපොලට එවීමට උවමනා පරීක්ෂණ කරන්නේ නෑ මොකද පේටන්ට් ලබාගැනීමට ඇති අපහසුව නිසා මෙනිසා විශාල සමාගම් කරන්නේ පෙති ආකාරයට ඔසු නිපදවා විශාල ලබා ලබාගැනීමයි.

මේ කියන Gymnema sylvestre "මස්බැද්ද" ගැනනම් විශාල පරීක්ෂණ සිදුවෙලා තියනවා මිට මුලික හේතුව ඉන්දියාව මෙය මහාපරිමාණයෙන් නිපදවන් නිසා      https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2170951/

නමුත් මෙය ඔස්ට්‍රේලියාව වනිරටවලත් http://www.ebay.com.au/sch/i.html?_from=R40&_trksid=p2380057.m570.l1313.TR0.TRC0.H0.XGymnema+sylvestre.TRS0&_nkw=Gymnema+sylvestre&_sacat=0

විකිණීමෙන් පෙනෙන්නේ මිට උවමනා කරන නීති වලට අනුව විකිනෙන බවයි.

මෙවනි දෙයක් පාවිච්චි කරනවානම් ඔබම Glucometer මගින් රුදිර පරික්ෂා කරන ගමන් liver function එකක් කලින් කලට කරලා බලන්න මේවායෙන් හානියක් නැත්නම් සහ ඔබේ රුධිරයේ සිනි පාලනය වෙනවනම් සොබාවික බෙහෙතක් ඔබට ගුණදායක වනු ඇති.

අනික සිංහල වෙදකමේ කිසිම බෙහෙතක් ඔය කියන බටහිර අනුමත වීම වෙලා නෑ නමුත් ඒවායින් බොහෝ රෝගීන් සුවය ලබල තියනවා.

අද වෙනවිට  මස්බැද්ද තෙපානයක් ලෙස වෙලදපොලේ තියනවා.

Ayurvedic Regestered number 6/2/1/08/19



Saturday, April 15, 2017

Google ආයතනයේ උප කොන්ත්‍රාත්තුව



බොහෝ කලකට පසු මම පොරොන්දු වූ ලිපිය ලියන්න හිතුව Lionbridge ආයතනය මාර්ගයෙන් මම Google ආයතනය වෙනුවෙන් කරපු වැඩකොටස ගැන විස්තර කරන්න.

මෙය සිදුවුනේ 2007 දී පමණ, මම මේ ලිපිය කොටස් 2ට විස්තර කරන්න හිතුව.

01. Google ආයතනය කරන කාර්ය ගනපැහැදිලි කරන්න
02. මගේ දායකත්වය ගැන පැහැදිලි කරන්න.  

Google ආයතනය කරන කාර්ය ගනපැහැදිලි කරන්න :-

මේ ගැනනම් බොහෝ දෙනාට හොද අදහසක් ඇති නමුත් අන්තර්ජාලය ගැන මට මුල්ම අද්දැකීම් ලැබුනේ 1997 දී පමණ එතකොට අප බොහෝදෙනාට තිබුනේ dial up connection සම්බන්දතාවයක්, අද වගේ නෙමෙයි මේ කාලේදී මොඩෙම් කියන උපකරණය පාවිච්චි කරලා අදාළ දුරකථන සමාගමට දුරකථන ඇමතුමක් ලබාගැනීම මහින් තමයි අන්තර්ජාලයට සම්බන්ද වන්න පුළුවන්, විශාල වියදමක් යන මෙම ක්‍රියාවලිය කොච්චර මිල අධිකද කියනවනම් උසස්පෙළ අවසන් කර විවිද පාටමාලා කරන මේ යුගයේ සාමාන්‍ය ගෙදර දුරකථන ගාස්තු රුපියල් 2000 පමණ වුනා, නමුත් මම අන්තර්ජාලය පාවිච්චි කිරීමත් සමග රුපියල් 7500 ක බිලක් ලැබුන මට මතක හැටියට. දැන් ඉන්න අයට තියන පහසුකම් අනුව මම මේ කියන කතාව සුරංගනා කතාවක් වගෙයි.

ශ්‍රී ලංකාවේ ADSL සම්බන්දය ලබාදීමට කලින් leased line සම්බන්දයක් මහින් අන්තර්ජාල ගතවීමට මා වාසනා වන්ත උනේ මම පුද්ගලික ආයතනයක වැඩකිරීම පටන්ගත් නිසයි. මෙහිදී මට පැවරුනේ අන්තර්ජාලය මහින් අදාළ ආයතනයේ භාණ්ඩ විදේශ වලට විකිනීමට පහසුකම් සලසන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමයි.

මා මේ ආයතනයට බදවාගත් වහාම මට පවරුනේ අමුතුම වැඩක් එනම් අදාළ ආයතනයට තම භාණ්ඩ විකිනීමට උවමනා වෙළදපොල සොයන්නයි, මා බදවාගත්තේ තවත් කෙනෙකු සමගයි අප දෙදෙනාට අලුත්ම වර්ගයේ P 3 ප්‍රොසෙසරයක් සහිත 64MB RAM සහිත Compaq  වර්ගයේ පරිගණක 2 ලබාදුන්නා  මේ ආයතනයට 64kbps leased line එකක් දීල තිබුන, ඒ කියන්නේ ඕනෑම වෙලාවක අන්තර්ජාල ගතවීමේ හැකියාව මට ලැබුන.
මට ලැබුනේ එවක වැඩියෙන්ම පාවිච්චි කල yahoo.com වෙබ් අඩවියට ගොස් විවිද වියාපාරික තොරතුරු සොයන්නයි.

එවක GOOGLE ආයතනය ජනප්ප්රිය වීමට හේතුව තමයි එහි වේගය සහ YAHOO වලට සාපේක්ෂව තොරතුරු වල ඇති විශ්වාසනීය බව, search engine එකක නැත්නම් සෙවූම් යන්ත්‍රයක් (උදා GOOGLE  ) තුල යමක් සොයන්න දැම්මහම ප්‍රථම ප්‍රතිපල 10 තමයි වැදගත්ම ස්ථාන වන්නේ මේ ස්ථාන ලබාගන්න  එවක විවිද ආයතන සහ පුද්ගලයන් විවිද උපක්‍රම පාවිච්චි කළා එක ක්‍රමයක් තමයි "keyword stuffing" කියල කියන්නේ.

එනම් Google ආයතනය තම සේවුම් යන්තරයට වෙබ් අඩවියක් ඇතුලත් කල වහාම අදාළ පිටුවේ ඇති වැදගත් වචන "Keywords" ප්‍රමාණය අනුව google අඩවියේ ඔබේ වෙබ් අඩවිය කුමන තැන ස්ථාන ගත වියයුතුද කියන දේ තීරණය කරනු ලබනවා, මෙනිසා ඔබ වියාපාරය අදාළ අංශය තුල ඉහලම ලැයිස්තු ගතකිරීම 10 හෝ 20 අතරට එන්න තිබුනේ විශාල තරගයක්.

උදාහරණයක් දෙන්නම් හිතන්න ඔබ BMW වර්ගයේ වාහන විකුණන ආතතනයක් කියල හිතන්න.  ඔබේ අලවි ආයතනය තියෙන්නේ ශ්‍රී ලංකාවේ, දැන් ඔබට උවමනා කරනවා ශ්‍රී ලංකාවේ කවුරු හරි Google අඩවියට ගොස් "BMW car price in sri lanka" වැනි සෙවීමක් කලවිට ප්‍රථම අඩවි 10 අතරට ඔබේ අඩවිය එනවනම්, ඔබට හිතන්න පුළුවන් කොච්චර ගනුදෙනු කරුවන් සොයන්න පුලුවන්ද කියල.

මෙහිදී ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු තමාගේ රටට අදාළ මිල හෝ මේ රටේදී මෙය කොච්චර වෙනවද කියන දේ බැලීමට අදාළ සෙවුම් වගන්තියේ මුලට හෝ අගට  "sri lanka" වචනය යොදනවා.

මෙවැනි ලයිස්තුවේ ඉහල සිටිනවා කියන්නේ ඔබට අතිවිශාල ආදායමක් උපයන්න පුළුවන් මාර්ගයක්.

මේ නිසා වෙබ් අඩවි නිර්මාණය කරන අය අදාළ වියාපරයට අදාළ සියලු වචන තම වෙබ් පිටුවල යොදන්න පෙලබුනා මෙහෙම කරපු මුල් කාලයේ ඉතා හොදින් තම අඩවිය   Google  තුල ස්ථාන ගත කලත් මෙය Google  ආයතනය පැත්තෙන් බැලුවේ වෙන විදියකටයි, එනම් ඔවුන් බැලුවේ ඔවුන්ගේ Google  වෙබ් අඩවිය පාවිච්චි කරන මිනිසුන්ට ඇති වැදගත්කම කුමක්ද කියලයි මොකද බොහෝදෙනා මෙවැනි අසම්මත ක්‍රම වලින් ඉහල ලැයිස්තු ගතකිරීමක් ලබාගන්න විට  යමක් හොයන්න මෙයට එන මිනිසුන්ට මුහුණදෙන්න උනේ සම්පුර්ණ වෙනස් තත්වයකටයි එනම් ඔවුන් යමක් සොයන්න උත්සහ කර ලැබෙන මුල් ප්‍රතිපල 10 ට කිසිම වැදගැම්මක් නැති අඩවි රාශියක් ලැබීම නිසා විශාල කාලය නාස්තියක් කරන්න උනා, තමාට උවමනා කරුණ සොයාගැනීමට, මෙනිසා Google  ආයතනය වෙබ් අඩවි පාලනය කරන අයට නිතිමාලාවක් ගෙනාව.

ඔබට මෙම https://www.youtube.com/user/GoogleWebmasterHelp/videos
අඩවිය මහින් තව දැනුවත් වීමට හැකියි.

 මගේ දායකත්වය :-

මේ නීති උල්ලංගනය කරන අයගේ වෙබ් අඩවි වාරණය කිරීමට හෝ නාමාවලියේ ඉහල ස්ථානයක් සිට පහල ස්ථානයකට දැමීමට ඔවුන් ක්‍රම වේද සැලසුවා
මෙමගින් සිදුවුනේ මෙය පරිහරණය කරන අයට තමාට උවමනා තොරතුරු වේගයෙන් සොයාගැනීමට මාර්ගයක් සැලසීමයි.

මේවගේම වෙබ් අඩවි නඩත්තු කරන්නන් ට අබියෝග රැසක් එල්ලවුනා ඉහල ස්ථානයක රැදීසිටින්න.

   Google  ආයතනය ආකාර 2ක ලයිස්තු ගතකිරීම කරනු ලැබුවා
01. මුදල් ගෙවා ලැයිස්තු ගත කිරීම (Google paid search)
02. නොමිලේ   ලැයිස්තු ගත කිරීම (Google Organic rankings)

මෙහිදී මුදල් ගෙවන ක්‍රමය ගැන කිව්වොත් ඔවුන්ගේ ක්‍රමයක් තියනවා Google AdWords කියල මෙහිදී කිසියම් වචනයක් Google අඩවියේ ඉහලින් පෙන්වන්න අවස්තාව දෙනවා මෙහිදී  කවුරු හෝ එම ලින්කුව Link  හරහා ඔබේ අඩවියට එනවනම් ඩොලර් 0.50 සිට ඩොලර් 2 වැනි මුදලක් අදාළ වචනයට ඇති ඉල්ලුම අනුව අයකරනු ලබනවා.

උදාහරණයක් විදියට ඔබට උවමනා කරනවා  BMW i8 sports cars එකක් ශ්‍රී ලංකාව තුල පමණක් අලවිකරණය කරන්න, ඔබට හැකියාව තියනවා " BMW i8  in Sri Lanka" ලෙස සොයන ඕනෑම ශ්‍රී ලංකාව තුල සිටින කෙනෙකුට පමණක් පෙන්වන්න මෙහිදී අදාළ ඉල්ලුම අනුව එක අයකු අදාළ ලින්කුව (LINK ) තුලින් ඔබේ අඩවියට එන සෑම විටම ඩොලර් 0.5 සිට 2 පමණ මුදලක් අයකරනු ලබනවා.

මෙවැනි  Google AdWords campaign එකක් කොච්චර මිල අධිකද කියනවනම් මගේ සේවාදායකයන් සිටිනවා මසකට ඩොලර් 3000 පමණ වියදම් කරන. මෙය විශාල මුදලක් ලෙස පෙනුනත් ඔබ තේරුම් ගනී දවසකට මේ මුදල වියදම් කරන ආයතනත් ලෝකයේ තිබෙන  බව.

දැන් මෙය කියවන අයට දල අදහසක් ඇති මොනතරම් විශාල මුදල් සම්බාරයක්   Google  ආයතනය උපයනවද කියල.

දැන් මුදල් නොගෙවා ඉහල ස්ථානයක් ලබාගැනීමේ වැදගත්කම මම ඔබට කියල දෙන්න ඕනේ නෑ නේ,  නමුත් මුදල් නොගෙවා ඉහල ස්ථානයක් ලබාගන්න නම් අපි අවන්කවම හිතන්න ඕනේ අපේ වෙබ් අඩවියට එන මිනිසුන් ට උපරිම වාසියක් ලැබෙන අඩවියක් නිර්මාණය කරන්නේ කොහොමද කියල.

මිට වඩා බොහෝ කරුණු තිබුනත් මම මෙපමනින් සිමාකරනවා මොකද  Google  ආයතනයේ Lionbridge සමාගම ඔස්සේ මම කල දේ පැහැදිලි කරන්න ඕනේ නිසා.

2007 දී Lionbridge ආයතනය සදහන් කළා ඔවුන් විශේෂ විබාගයක් පවත්වන බව සහ පැයට EURO 12 පමණ මුදලක් ලබා දෙන බවත්  පැය 20 පමණ සතියකට වැඩකලයුතු බවත් සදහන් උනා.

මට මේ වෙනවිට තරමක විවෙක කාලයක්  තිබුන නිසා මම මේ විබාගය කළා, මෙහිදී මුලික සුදුසුකම් උනේ වසර 5 පමනසිට ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම සහ තව සුදුසුකම් කීපයක් ඉල්ලා සිටිය.

කෙසේ වෙතත් මෙම විබාගය සමත්වූ විට ඔවුන්     Lionbridge ආයතනයේ කලයුතු වැඩ ගැන උපදෙස් මාලාවක් සමග GOOGLE ආයතනය සමග සම්බන්ද වෙන ක්‍රමවේදය අපට කියාදෙනු ලැබුවා.

දැන් මට පැවරුන මුල්ම වගකීම උනේ දිනකට මට වෙබ් අඩවි ගණනාවක් පිළිබද මගේ ඇගයීම කලයුතු උනා මේ අඩවි ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි උනා, මෙහිදී මට ශ්‍රී ලාංකිකයන්ගේ අන්තර්ජාල පුරුදු, වැඩිම පිරිසක් යන වෙබ් අඩවි සහ අද්‍යාපනය සදහා මොන අඩවි පාවිච්චි කරනවාද කියල මනා හරස්කඩක් දකින්න පුළුවන් උනා.

මෙය තරමක සංකීර්ණ ක්‍රියාවලියක්  වැඩි විස්තර  දැනගන්න උවමනා අයට මෙමගින් දැනගන්න පුළුවන්

https://static.googleusercontent.com/media/www.google.com/en//insidesearch/howsearchworks/assets/searchqualityevaluatorguidelines.pdf

මට ලැබුන වෙබ් ලිපිනයන් වලින් කිසියම් සෙවුමක් කලහම ලැබෙන ප්‍රතිපල සතුටු දායක නම් මට අදාළ කොටු සලකුණක් තුල මගේ චන්දය සටහන් කලයුතු උනා, ඉන්පසු ශ්‍රී ලංකාවේ මා සමග මේ වැඩසටහනට තෝරාගත් අනෙක් පුද්ගලයන් 9 දෙනෙකු සමග අදහස් පලකල යුතු උනා මේ අදහස් වලින් ඔබට තේරුනොත් ඔබේ අදහස වැරදියි කියල ඔබ ට නිවැරදි කිරීමට අවස්තාව ලැබෙනවා මෙහිදී පුද්ගලයන් සම සමව එකග වී සහ විරුද්ද වී ඇත්තම් එහි සිටින ඉහල නිලදාරියා (Moderator) වඩා නිවැරදි අදහස ඉදිරිපත් කරනවා.

දැන් මෙතන Google ආයතනය කොච්චර විශාල උනත් සෑම පුද්ගලයෙක්ම කොච්චර අඩවි ප්‍රමාණයක් කොපමණ කාලයකදී කොච්චර නිවැරදිව සංගණනය කරනවද කියන කාරණය සොයාගන්නවා ඔබේ පලදායිතාව අඩුනම් ඔබට අනතුරු අගවනවා. මෙහිදී පුද්ගලයෙක් පෙලබෙනවා තම උපරිම කැපවීමෙන් වැඩකරන්න, මෙහිදී ඔබට විශාල දැනුමක් ලැබෙනවා, ලෝකයේ නව ප්‍රවණතා ගැන දැනුවත් වෙනවා වගේම තවත් ඔබට වඩා දක්ෂ මිනිසුන් අතර තරගයක් කරමින් තමාගෙන් ලබාදෙන්න පුළුවන් උපරිමය කරනවා.

මෙහිදී   Google  ආයතනයට වැදගත් නෑ ඔබ වැඩකරන්නේ ඇලවෙලාද පුටුවක ඉදගෙනද treadmill එකක ඇවිදින ගමන්ද  කියන දේ, ඔබ දක්ෂලෙස වැඩ නොකලොත් ඔබ දන්නෙම නැතුව ඉවත් කරනු ලබනවා.

මෙහිදී ඔවුන් ගණනය කරනවා ඔබ කොච්චර වෙලාවක් සේවය කරනවද කියල, මෙහිදී Invoice  එක පිළියක කරන්නේ ඔබවිසිනුයි ඔබ ඔවුන්ට අදාළ Invoice  එක යවපුවහම ඔබේ ශ්‍රී ලංකික ගිණුමට අදාළ මුදල බැර කරනු ලබනවා.

මම නම් කලේ නේවාසික විදේශ ගිණුමක් විවුර්ත කර අදාළ මුදල මගේ ගිණුමට ගෙන්වා ගැනීමයි. මෙහිදී මගේම EURO ගිණුමක් ලබාගන්න මට හැකි උනා මොකද ඔවුන් ගෙවීම කලේ අයර්ලන්තයේ සිටයි.

දැන් බොහෝ දෙනා කියන දෙයක් තමයි රජයේ ආයතන හරි විශාලයි නේ කොහොමද මේ මිනිස්සුන්ගේ පලදායිතාව මනින්නේ කියන කාරණය, දැන් අපි බලමු රජයේ ආයතනයක මේ ක්‍රමය පාවිච්චි කරන්නේ කොහොමද කියල.

පසුගිය කාලේ මේ රජයේ අගමැති කතා උනා කොහොමද  බලවත් ඇමතිකෙනෙක් නිර්මාණය කරන්නේ විදේශීය ආයෝජකය්න්නේ වැඩ ප්‍රමාද නොවී වේගයෙන් කරන්න කියන කාරණාව.

මම උදාහරණයක් දෙන්නම් හිතන්න ඔබට කර්මාන්තශාලාව ක් සදහා ආයෝජනයක් කරන්න උවමනයි කියල, මුලින්ම ඔබට ආයතනයේ සැලැස්ම අනුමත කරගන්න ඕනේ, ඔබට මෙවැනි ක්‍රමයක් ඇත්නම් ඔබ අදාළ ප්‍රාදේශීය සබාවට ගිහින් ඔබේ සැලැස්ම ඉදිරිපත් කරනවා මෙහිදී ඔබ කිසියම් මුදලක් ගෙව්වහම වහාම ඔබට අනුක්රමික අංකයක් ලැබෙනවා ඔබේ සැලැස්ම වහාම විනාඩි 5 ඇතුලත පරිගණකයකින් scan කරනු ලබනවා, දැන් විශාල ලිපිගොනු තැපැල් කිරීමක් මුකුත් නෑ, අනුමත කරන නිලදාරිය අදාළ සැලැස්ම  තම පරිගණකය තුලින් බලා එක්කෝ අනුමත කරනවා නැත්නම් අනුමත කරන්නේ නෑ එසේ නොකරනවානම් අදාළ නොකිරීමට හේතු සටහන් කර පරිගණක ගොනු ගත කරනවා.

දැන් සතියක් වගේ කලකින් ඔබ අදාළ ස්ථානයට අනුක්ක්රමික අංකය දුන්න විට එවෙලේම දැනගන්න පුළුවන් ඔබ ගේ සැලැස්ම අනුමත වෙලාද නැද්ද යනවග මෙහිදී අදාළ නිලදාරියා අද්ක්ෂයෙක් නම් වහාම ඉහල නිලදාරින්ට ඔහුව හදුනාගන්න පුළුවන්  GOOGLE ආයතනයේ කළා වගේ වැඩේ හරියට කරන්නේ නැත්නම් රැකියාවෙන් ඉවත් කිරීමට පුළුවන්, මිට අමතරව මේ නිලදාරියා ඉතා දක්ෂ ලෙස මේ වැඩේ කරනවානම් ඔහුට රැකියාවේ උසස් වීමක් ලබාදෙන්නත් පුළුවන්.

වැදගත්ම දේ මෙවැනි පරිගණක ක්‍රමයක් ඇතිවිට රයයේ විවිද ආයතන වල වැඩක් කරගන්න ගියහම වහාම තොරතුරු ලබාගැනීම මගින් විනාඩි කීපයකින් වැඩේ කරන්න පුළුවන්.

මේ ක්‍රමයේ දී අල්ලස් ගැනීම වගේ දෙයක් වෙන්න පුළුවන් කලාතුරකින් විතරයි එසේ උනොත් ඉක්මනින් හදුනාගන්න පුළුවන්, කිසියම් ආයතනයක් අසාදාරන ලෙස යමක් කරනවානම් අධිකරණය වෙත ගොස් පැය ගණනකින් ප්‍රශ්න විසදන්න පුළුවන්. මේ ක්‍රමය තමයි සිංගප්පුරුව අනුගමනය කරන්නේ.

මෙහි වැදගත් ම දේ මිනිසුන් 10 වැඩකලත් 1000 වැඩකලත් 100000 වැඩකලත් කිසිදු ප්‍රමාදයක් ඇති නොවීමයි, මිට අමතරව බොහෝ සේවකයන්ට නිවසේ සිටම වැඩ කිරීමට  පහසුකම් දෙන්න පුළුවන් මෙමගින් අනවශ්‍ය ලෙස නගර වලට දිනපතා මිනිසුන් පැමිණීම වලක්වන්න පුළුවන්.

මෙය ට ඇති මුලිකම අපහසු කම තමයි ඉංග්‍රීසි නොදන්නා රාජ්‍ය සේවකයන් පිරිසක් ඇතිවීම, රජය කඩිනමින් මේ සේවකයන්ට ඉංග්‍රීසි දිරුණු කරන වැඩපිළිවලක් ඇතිකරන අතර අද සිංහලෙන් අදහස් දැක්වීමට පහසුකම් දියුණු වී ඇති නිසා අදාළ ලෙස සිංහල හෝ පාවිච්චි කිරීමට වැඩපිළිවලක් යොදනවානම් ඉතා වැදගත් කර්යක් වෙයි.

අන්තර්ජාලය තුල විදේශ වලට විකුනන්න පුළුවන් සේවයන් විශාලයි නමුත් මේ මොනවත් හරියට කරන්න බැරි හැමදේටම රජය අතගහල හැමදේම ප්‍රමාද කරන  නිසයි, මෙනිසයි රජය කර්යක්ෂම වෙන්න ඕනේ.

මේගැන විවේචන තියනවනම් කරුනාකර ඉදිරිපත් කරන්න මම පෙන්වාදෙන්නම් ලෝකයේ මේ ක්‍රමයක් ප්‍රායෝගිකව කරන විදිය.            

Friday, March 31, 2017

හම්බන්තොට වරාය කියන්නේ මොකද්ද ?

මම හිතාගෙන සිටියේ Lionbridge මගින් Google ආයතනයේ මට ලැබුන අද්දැකීමක් ලියන්න , එම ලිපිය ටිකක් දීර්ග ලෙස ලිවීමට සිදුවෙනවා මොකද පෙන්වාදෙන්න ඕනේ කොහොමද අතිවිශාල මිනිසුන් ප්‍රමාණයක් ප්‍රායෝගිකව පරිපාලනය කරන්නේ කියන කාරණය. , මිට මගේ බ්ලොග් අඩවිය කියවන කෙනෙකුත් ඉල්ලා සිටිය. මම හිතං හිටියේ එම ලිපිය ලියන්න උනත් ඉට වඩා වැදගත් ලිපියක් ලිවියයුතුයි කියල මට හිතුන. මේ සතිය ඇතුලත් Lionbridge  ගැන ලිපිය ලියන්නම්.

    දැන් මම හිතන්නේ අපි රටක් ලෙස අවදානය යොමුවිය යුතු වැදගත්ම දෙයක් ගැන සිතිය යුතුයි ඒ තමයි හම්බන්තොට වරාය, ඉතා ඉක්මනින් මෙය ශ්‍රී ලංකාවට නැතිවෙනවා කියන දේ අපේ මිනිසුන්ට තවම තේරිලා නෑ.

මුලින් මෙහි ඇති වැදගත්කම බලමු. මෙය පිගිටල තියෙන්නේ ඉන්දියන් සාගරයේ ක්ර්යබහුලම තැනක. ලෝකයේ තෙල් සැපයුමෙන් සැලකියයුතු ප්‍රමාණයක් ප්‍රවාහනය වන්නේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් නමුත් තවම මේ වරායෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැරිවෙලා තියෙන්නේ මම හිතන්නේ පාලකයන්ට උවමනා කරනවා මෙය අලාබ ලබන සුදු අලියෙක් ලෙස පෙන්වල හැකි ඉක්මනින් විකුණලා අතිවිශාල කොමිස් කුට්ටියක් තම සාක්කු වලට දමාගන්න.

දැන් පිගිටීම බලමු    


දැන් ඔබට මෙමගින් පේනවා වගේ මෙතෙක් සිංගප්පුරුවට ලැබුන වැදගත්කම තයිලන්තයේ ක්‍රාඇල මගින් නැතිවෙනවා (Kra Canal) ඉන්පසු ශ්‍රී ලංකාව පසුකල පසු වරාය පහසුකම් සදහා තායිලන්තයේ තමයි මුලික වෙන්නේ.

ශ්‍රී ලංකාවට මේ නිසා ස්වර්ණමය  අවස්තාවක් තමයි ලැබිල තියෙන්නේ ඒ වගේම ඉතා අනතුරු දායක තත්වයක තමයි අපි ඉන්නේ, අනතුර කියන්නේ ශ්‍රී ලංකාව විශාල මුල්‍ය අර්බුදයක සිටිනවා මෙයින් තාවකාලිකව ගොඩඑන්න හම්බන්තොට වරාය චීනයට විකුනන්න තමයි යෝජනා වෙන්නේ.

දැන් අපි පොඩ්ඩක් හම්බන්තොට වරාය ඉතාම විශාල ලෙස පහසුකම් සහිත දියුණු වරායක් වෙනවනම් සිදුවෙන්නේ මොකද්ද කියල බලමු

01. හම්බන්තොට වරාය චීනය ලබාගත්තට පසු ඔවුන් විශාල ලෙස දියුණු කරයි, එහෙම වෙනවනම් මුලින්ම වෙන්නේ වෙන මුක්ක් වත් නෙමෙයි කොලබ වරාය බංකොලොත් වීමයි, යම්විදියකින් කොලබ වරාය නැවත ආර්ථික ලෙස ස්තාවර වෙන්නේ හම්බන්තොට වරාය තමන්ගේ මුළු ධාරිතාවෙන් වැඩකරන විට පමණයි.

02. මෙය චීනය ලබාගැනීම නිසා ආර්ථිකයට නරකම වෙනවා කියන්න බෑ නමුත් අපි මේ දෙන්න හදන්නේ ඉතා සැලකියයුතු මුදලකින් ක්‍රියාකාරී තත්වයට පත්කර ජාතියට අතිවිශාල ධනයක් නිපදවන්න පුළුවන් ආයතනයක් බව බොහෝදෙනා දැනුවත් වී නෑ

ටිකක් කල්පනාකලොත් මහබැංකු ගනුදෙනුවෙන් ශ්‍රී ලාකා රජයට වුන පාඩුව අපි මේ වරායේ තෙල්පිරිපහදු සහ ටැංකි ඉදිකිරීමට යෙදුවනම් මේ වෙනකොටත් අතිවිශාල ආදායමක් ජනනය කරන්න තිබුන.

මේ රජය ට උවමනා වෙලා තියෙන්නේ නැවත නැවතත් මේ වරාය පාඩු ලබන බව පෙන්වල චීනයට විකිණීමයි, මෙහිදී අපුරු සෙල්ලම් තියනවා ඔබ දකින්න ඇති අර්ජුන රණතුංග මිට විරෝදය පලකලා, මෙය සිදුවෙන්නේ රටට ආදරය නිසා බව බොහෝදෙනාට පෙනුනත් මෙව තුල තියෙන්නේ තමන්ගේ කොමිස් මුදල වැඩිකිරීම මිසක් වෙන මුකුත් නෙමෙයි.

මම එහෙම කියන්නේ ඇයි ? සියුම්ව කල්පනා කරන්න ඔහු කියන්නේ නෑ තෙල් පිරිපහදු අතිකර වරාය දියුණු කිරීම ගැන ඔහු මෙතන කරන්නේ නහයෙන් අඩන එකයි මේ අඩන වාරයක් ගානේ තම කොමිස් කුට්ටිය වැඩිවෙනවා.

මම මහින්ද ව දැඩිලෙස විවේචනය කරලා තියනවා නමුත්  මම මහින්ද පරදින්න ඉස්සරත් කිව්වා ඔහු කරපු හොදම දේ මේ වරාය ගොඩනැගීම තමයි කියල        

බුද්ධියක් තියන කෙනෙකුට ඔය පෙන සිතියම දැක්කම මම කියන දේ තේරුම් යයි කියල මට හිතෙනවා 

ජනතාව හාම්පුතුන් වියහැකිව සිටියදී වහල් සේවය තෝරාගන්නවා වගේ වැඩක් තමයි මේ වෙන්නේ නමුත් කෙනෙක්ට කියන්න පුළුවන් වහලුන් උනත් මේ ගනුදෙනුව නිසා කෙටිකලකින් අපට ආර්ථික ප්‍රශ්න වලින් ගැලවෙන්න පුළුවන් නේද සහ චීනය විසින් හම්බන්තොට විවුර්ත කරන වියාපර වලින් අපටත් යමක් ලැබෙයි නේද කියන දේ ආර්ථික ඔස්ත්ර් ල අපට කියල දෙයි. 

ඔව් එක ඇත්ත තමයි එක විදියකින්, මොකද රටට සැබෑ ලෙස ආදරය කරන දෙසපාලකයන් නෑ, මෙවැනි ධනනිදානයකින් ප්‍රයෝජන ගන්න ශක්තිමත් අවංක දෙසපාලකයන් සහ දක්ශ නිලදාරීන් වගේම හොද තානාපති සේවයක්  උවමනා කරනවා, මෙවැනි පුද්ගලයන් නැත්නම් කළහැකි දේ තුට්ටු දෙකට විකිණීමයි.

අපි මතක තියාගන්න ඕනේ මේ විකුනන්නේ වරායක් පමණක් නෙමෙයි දකුණු ආසියාවේ ආර්ථික මර්මස්තානයක්, මෝඩ මිනිසුන් සිටින කපටි දෙසපාලකයන් සිටින කාලකන්නි නිලදාරීන් සිටින රටකට මිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ  

අලුත් එකතු කිරීම :- http://www.divaina.com/2017/04/01/news26.html

මෙහෙම වෙන රටක හම්බන්තොට ගැන කවර කතාද

Sunday, March 19, 2017

බ්ලොග් සම්මාන ගැන මගේ අදහස.



මේ ගැන අදහස් ඉදිරිපත් කිරීමෙන් කොටසක් අකමැති වෙන්න ඉඩ තියනවා, විවිද චොදනා ඉදිරිපත් කර ගනිමින් මේ ගැන වාද විවාද ඉදිරිපත් වන මේ අවස්ථාවේ මම කිසිවෙකුට චෝදනා නොකරන්නේ බොහෝදෙනෙක් මේවා අවන්කවම කරන නිසයි.

නමුත් පුරවැසි මාද්‍ය ගැන කතා කිරීමේදී මම කැමතියි දෙසපාලකයන් හැකි තරම් දුරින් තියාගන්න. බ්ලොග් අඩවියේ ඇති එක හොදක් තමයි තමා කැමති අදහස  කිසිදු බලපෑමකින් තොරව ඉදිරිපත් කිරීමට ලැබීම මෙහිදී අදාළ අදහස් ඉදිරිපත් කරන්නා අන්වර්ථ නාමයකින් පෙනී සිටින නිසා තමාගේ අදහස් ඉදිරිඅප්ත් කිරීමේදී බාහිර බලපෑම අවම වෙනවා, නමුත් යම්දිනකදී අදාළ පුද්ගලයා හදුනා ගත්ත විට දෙසපාලනයයකුට විරුද්දව වගේම බ්ලොග් අවකාශයේ තවත් කෙනෙකුට විරුද්දව අදහස් පළකිරීම කරන්න බොහෝ දෙනා පසුබට වෙනවා.

ඇනෝ ඇවිත් කරන සමහර කොමෙන්ට් දකින කොට මම දකින දෙයක් තමයි පුද්ගලිකව දන්නා මිනිසුන් ඇනෝ ඇවිත් කොච්චර නිවට විදියට හැසිරෙනවද කියන දේ, මෙහිදී අප තේරුම්ගන්න ඕනේ සංස්කෘතිය ගැන මොන බයිලා ගැහුවත් මානසිකව සමහර මිනිසුන් කොච්චර පහත්ද කියන එක.

පසුගිය දවසක මම බ්ලොග් අඩවියක දැක්ක කෙනෙක් ඇනෝ ඇවිත් තවත් බ්ලොග් කරුවෙකු ගැන ඔහුගේ පුද්ගලික ජිවිතේ අතිශයෙන් පුද්ගලික තොරතුරක් කෙමෙන්ටුවක් ලෙස මුදාහැරලා තියනවා, මෙය දැක්කම හරිම පිළිකුලක් ඇතිවෙනවා මොකද මේකෙන් පේනවා තමන්ට හොද මුණ පෙන්වගන පිටිපස්සෙන් පිහියෙන් අනින මිනිසුන් කොච්චර ඉන්නවද කියල.

මෙහෙම සමාජයක දේසපාලුවන් එකතු කරගන තමාන්ගේ අදහස් ඉදිරිපත් කරනවා කියන්නේ නිදහසේ අදහස් ඉදිරිපත් කිරීමට බාදාවක් වෙනවා, අනෙක් අතට හරි දේ සහ වැරදි දේ ගැන හිතට එකගව අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මම කියන්නේ පුරවැසියන් ලෙස එයයි සිදුවිය යුත්තේ.

Sunday, March 12, 2017

නවීන විදාවේ Thalidomide කෙදවාචකය




1960 දශකයේ මුල Thalidomide ලෝකයට හදුන්වා දුන්නේ කිසිම
අහිතකර අතුරු ප්රතිඵල රහිත බෙහෙතක් ලෙසයි, මෙය කොතරම් හොද දෙයක්ද කියනවනම් ගර්බනි මව් වරුන්ටත් හොද බෙහෙතක් ලෙසයි ප්‍රසිද්ධ උනේ.
නමුත් මෙම බෙහෙත ලබාගත්  ගර්බනි  මව් වරුන්ට ලැබුන දරුවන්නේ අතපය අංගවිකල වීම සිදුවුනා.

අද බොහේ දෙනා සිටිනවා විද්‍යාත්මකව යමක් ඔප්පුකරල පෙන්වන තුරු බටහිර නිපදවන සහ අනුමත වෙන ඕනෑම බෙහෙතක් කිසිදු සොයාබැලීමකින් තොරව ලබගත්යුතුයි කියන මුග්ද මානසිකත්වයෙන්.

ඉහත සදහන් කරන   Thalidomide අහිතකරයි කියල දැනගත් වහාම ඇමරිකාව එය තහනම් කරනවා නමුත් මෙය නිපදවන සමාගම කිසිවිටක පිළිගන්නේ නෑ තමා නිපදවූ බෙහෙත නිසා මෙය සිදුවී ඇතිබව, ඔවුන් ඊට විවිද පරිසර හේතු සිදුවිය හැකි බවයි කියන්නේ නමුත් 2012 දී වසර 50 ට පසු මේ ජර්මන් සමාගම පිලිගන්නවා මේ වරද තමා අතින් සිදුවී ඇති බව සහ මෙතක් කලක් ඇත්ත නොකිව්වේ ඔවුන් මෙතරම් කලක් කම්පනයෙන් සිටිනිසා බව.

පසුගිය ලිපියට පිළිතුරු ලියපු මම පෙන්වා දුන්න Thiomersal වල විෂ ගැන  කිසිම සැලකියයුතු  පර්යේෂණයක් සිදු වී නැති බව සහ
https://www.ncbi.nlm.nih.gov/pubmed/23401210

"However, our knowledge on this subject is still incomplete, and studies are required to address the predictability of the additive or synergic toxicological effects of etHg and meHg (or other neurotoxicants).   "

මෙහිදී ඔවුන් පෙන්වාදෙනවා ඔවුන්ගේ දැනුම  සම්පුර්ණ නැති බවත් තව මේ ගැන අද්‍යනය කලයුතු බවත් හැබැයි බුද්ධිමත් ජනතාව දැනගන්න ඕනේ ඔවුන් එහි හානිකර බව සොයන තුරු ඔවුන් දිගින් දිගටම වැක්සින් වලට යොදනවා

ඔවුන් මෙය ඇමරිකාවේ වැක්සින් වලින් ඉවත් කලත්


තුන්වෙනි ලෝකයේ වැක්සින් වල තවම දමන බව ඉහත කොන්ග්‍රස් මණ්ඩලයේ දී සදහන් වෙනවා.

කිසිම වග විබාගයක් නැතිව විදාය්වේ නාමයෙන් එන ඕනෑම බලු බෙට්ටක් ඇගේ උලාගන්න මිනිසුන් සිටින රටක එකඅතකින් මේගැන පුදුම වියයුතු නෑ

Saturday, March 11, 2017

හැරී මකොපොලස් පෙන්වාදුන් ලෝකයේ වවිශාලම සොරකම කුමන්ත්රණ න්යාක් ලෙස බැහැර කිරීම නිසා ඇමරිකාව ගෙව්ව වන්දිය.


ලෝකයේ ඩොලර් බිලියන 50 ට වැඩි වංචාවක් මෑතදී සිදුවුනේ Bernard Madoff නමැති ලොව පිළිගත් පුවත්පත් රැසක් අයිති වූ ප්‍රකොටිපති වියාපාරියෙක් ලෙස කිරුළු පලදා අවසානයේ ලෝකප්‍රසිධ්ධ කෝටිපතියන්ගේ ධනය අතුරුදහන් කර ජිවිත කාලයම එකතුකළ තම විශ්‍රාම වැටුප ඔහුගේ වියාපාර වල ආයෝජනය කර අවසන් ලෙස හිගන්නන් වූ මිනිසුන් රැසක් ගැන කෙදවාචකයයි .


ඇමරිකාවේ නිෂ්පාදනය කරන 60 Minutes නමැති වැඩසටහනේ පෙන්වාදෙන්නේ ඇති නවීන ලෝකයේ දියුණු යයි කියන රටේ කිසිම නියාමන ක්‍රමයකට අසුනොවන ලෙස වසර 20කට වැඩි කලක් කරන ලද සොරකම පිළිබද වසර 2001 දී පමණ Harry Markopolos නමැති ගනකාදිකාරි වරයා  Bernard Madoff  ගේ ආයෝජන ක්‍රම විමර්ෂණය කරන විට ඔහු නීති විරෝදී යමක් කරන බව ඇමරිකාවේ විනිමය කොමිසමට පැමිණිලි කල විට මොහු ගේ චෝදනාව බැහැර කන්නේ eccentric 

(විකාර) අදහසක් යයි කියමින් නමුත් ඔහු අකණ්ඩව වසර ගණනාවක් පුරා කරපු උත්සාහය පලදරන්නේ 2009දියි.


අද ලෝකයේ අපට මානසිකව පුනුනු කරලා තියනවා සමහර දේවල් කිසිදු වගවිබාගයක් නැතුව විස්වාසකල හැකි බව, මේ නිසා අද ලෝකයේ මිනිසුන් තමන්ගේ ආර්ථික සවුක්ය වැනි මුලික ජීවන උවමනාවන් ලබාගන්න ආයතන කිසිදු වගවිබාගයකින් තොරව විශ්වාස කරනවා, කිසියම් පුද්ගලයෙක් මේ අතිශයෙන් විශ්වාසනීය ආයතන ගැන දෝෂයක් පෙන්වාදුන්නොත් බොහෝදෙනාගේ මනස සැකසී ඇත්තේ මේකියන පුද්ගලයා පිස්සෙකු ලෙස අර්ථකථනය කිරීමටයි.


මෙය ඉතා පහසු වැඩක් උනත් මේ කියනදේ කොච්චර ඇත්තද යන්න විමර්ශනය කිරීමට යන්නේ නෑ 


මගේ පසුගිය ලිපිය

http://lankasithuwili.blogspot.com/2017/03/blog-post_7.html

 ඉකොනෝ මැට්ටා වැක්සින්  වල අඩන්ගු තිමරසොල් නොහොත් රසදිය ගැන කරපු  විස්තරය ගැන මම ප්‍රශ්න කළා 


 මම අබියෝග කරනවා { තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ.} මේ කියමන ඔහු උපුටා ගත්ත  තැන පෙන්වන ලෙස.


නමුත් අද වනතුරු ඔහු පිළිතුරක් දුන්නේ නෑ (සමහර විට ඔහු මගේ ලිපිය නොදකින්න ඇති  )


මේ විදියට අපි පිළිගත් පුඋද්ගලයෙක් යමක් කිව්වහම ඔහු කියන දේ ප්‍රශ්න කලයුතු වෙනවා අන්ද ලෙස  විශ්වාස නොකර    

Tuesday, March 7, 2017

ඉකොනෝ මැට්ටා ගේ වැක්සින් ලිපියට පිළිතුරු.



අජිත් ලියපු https://kolambagamaya.blogspot.com/2017/03/blog-post.html  ලිපියෙන් ඉකොනෝ මැට්ටා ගේ අඩවියේ පලවී ඇති ලිපි 2ක් ගැන දැනුවත් උනා.

මේ තියන්නේ ඒ ලිපි 2කයි

01 ලිපිය https://economatta.blogspot.co.uk/2017/02/blog-post_20.html
02 ලිපිය https://economatta.blogspot.co.uk/2017/02/blog-post_26.html

මෙනිසා කොමෙන්ටුවක් ලිවීමට හිතුවත්  ඉකොනෝ මැට්ට හේතු දක්වල තියන දේ එකින් එක විහ්ස්ලේෂණය කලයුතු යයි සිතනවා.

ඉකොනො මෙහෙම කියනව 

//මේ නිසා, කවර හේතුවක් නිසා හෝ ස්වේච්ඡතාව ඇති දරුවෙකුගේ එම රෝග ලක්ෂණ හඳුනා ගන්නට ලැබෙන්නේ MMR ත්‍රිත්ව එන්නත ලබා දීමෙන් පසුව ගත වන කාලයේදීය.

ඒ නිසා, බොහෝ දෙමවුපියන්ට පෙනෙන්නේ මේ එන්නත ලබා දීමෙන් පසුව නිරෝගීව වැඩෙමින් සිටි සිය දරුවාගේ වර්ධනය බාල වූ බවයි. මේ හේතුවෙන්, ස්වේච්ඡතාව තිබුණු දරුවන් සිටි බොහෝ දෙමවුපියන්ට පෙනුණේ වේක්ෆීල්ඩ් එළිදරවුව ඇස් පනාපිට පෙනෙන ඇත්තක් බවයි.   //

වැක්සින් නිසා ඔවිසම් තත්වය ඇතිවියහැකි ජාන සක්‍රිය වීමෙන් ඔටිසම් වැළදිය හැකි බව මේවනවිට පිළිගන ඇත්තේ ඩොලර් බිලියන 3ට වඩා රෝගීන්ට ඇමරිකානු රජය ගෙවීමෙන් පසුවයි.

උදාහරණ



දැන් වැක්සින් සහ ඔට්සම් අතර සිදුවෙන වැඩේ ගැන අපුරු වගේම සරල විස්තර කිරීමක් තියනව  




දැන් අපි ඉකොනෝ Thimerosal ගැන කියන දේ බලමු 

//මේ විරෝධය ඇති වන විට නිෂ්පාදනය කළ බොහෝ එන්නත් වල තිමරසල් (Thimerosal) ලෙස හැඳින්වෙන රසදිය සංයෝගයක් විෂබීජ නාශකයක් ලෙස යොදා ගැනුණේය. රසදිය ද්‍රව ලෝහයක් ලෙස එහි ශුද්ධ මූලික ස්වරූපයෙනුත්, කාබනික රසදිය සංයෝග ලෙසත්, අකාබනික රසදිය සංයෝග ලෙසත් පවතී. ඇතැම් මාළු වර්ග වැනි ආහාර වල ඇති කාබනික රසදිය සංයෝග (මෙතිල්මර්කරි) විෂ සහිත ලෙස සැලකෙන අතර ස්නායු ආබාධ හා වකුගඩු රෝග ආදියට හේතුවේ. තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ.//


 මම අබියෝග කරනවා { තිමරසල් සිරුරට ඇතුළු වූ විට එය එතිල්මර්කරි හා තියෝසැලිසිලේට් ලෙස බිඳී යයි. එතිල්මර්කරි මාළු ආදියේ ඇති කාබනික රසදිය සංයෝග මෙන් සිරුරේ නොරැඳී කෙටි කාලයකින් මළ සමඟ පිටවේ.} මේ කියමන ඔහු උපුටා ගත්ත  තැන පෙන්වන ලෙස.


මොකද ලෝකයේ  Thimerosal කරන ලද පර්යේෂණ ඇත්තේ 3කට අඩු ප්‍රමාණයක් මේ 3න් 1 ක්  සිදුවී ඇත්තේ 1940 ගණන් වල 
මේතියෙන්නේ කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලය කරනලද පර්යේෂණයයි 



මේ  ඉහත පර්යේෂණය යොදාගන ඇමරිකානු කොන්ගසයේ ඉහලම දොස්තර වරුන්ගෙන් ප්ප්‍රශ්න කරනවා 



මෙහිදී අසන ප්‍රශ්නය මේ Thimerosal නිසා ඔටිසම් හැදෙනවද ? එහෙම නැද්ද ? කියන එකයි ලෝක ප්‍රසිද්ද ඉහලම වක්සින් ප්‍රමිතිය හදන ආයතනයේ දොස්තර වරිය කියනවා Thimerosal වැලින් ඔටිසම් හැදෙනවද නැද්ද කියනදේ කියන්න බැරිබව, හැබැයි ඉකොනෝ කියනවා එය මල සමග ශරීරයෙන් පිටවෙන බව.

දැන් අපි බලමු Andrew Wakefield කතාව ඉකොනෝ කියනවා වගේ තමයි ඔය සිද්දිය වෙන්නේ හැබැයි ඉකොනෝ කතාව සම්පුර්ණයෙන් කින්නේ නෑ එංගලන්ත අධිකරණයෙන් වයිද්‍යසහතිකය අහෝසි කරන්නේ   Andrew Wakefield විතරක් නෙමයි මේ පරීක්ෂණයට සම්බන්ද තව දොස්තර වරු දෙදෙනෙකුගේ සහතික තගනම් කරනවා, මේ නඩුව සදහා එක දොස්තර වරයකුට පවුම් ලක්ෂ 5ක් වැයකරන්න ඕනේ, මෙනිසා අධිකරණය ඉදිරියට යන්නේ doctor John Walker-Smith පමණයි ඔහු 


නවුවෙන් දිනපු බව වාර්තාවන්නේ ඉතා සුළු මාද්‍ය වල පමණයි.

//මේ පර්යේෂණ පත්‍රිකාවෙන් මතු කළ සැකය ඔස්සේ තවත් පර්යේෂකයින් බොහෝ දෙනෙකු වඩා විශාල නියැදි යොදා ගනිමින් පර්යේෂණ කළත් ඔවුන් කිසිවකුටත් MMR එන්නත හා ස්වේච්ඡතාව අතර සම්බන්ධයක් සොයා ගැනීමට නුපුළුවන් විය.//

ඕක තමයි දොස්තර විලියම් තොම්සන් වසර 10 ට පමණ පසු සදහන් කරන්නේ තමන් විසින් කළු ඇමරිකානු දරුවන්ට වැක්සින් වලින් පසු ඔටිසම් වැළදීමේ අවදානම 340% බව සනාත වූ තොරතුරු විශාල කුණු බක්කියකට එකතු කර විනාශ කල බව කියනවා, එම කියමන ඉකොනෝ කිව්වා  වගේ අනවසරයෙන් පටිගත කරනවා විතරක් නෙමෙයි දොස්තර තොම්සන් ඇමරිකාවේ කොන්ග්‍රස් සභික බිල් පොසි මාර්ගයෙන් කොන්රසයට ඉදිරි පත් කරනවා 



ඉකොනෝ කියන //කියන ආකාරයේ දත්ත විනාශ කිරීමක්ද සිදුවී නොමැති අතර ඕනෑම පර්යේෂකයෙකුට //
නොමග යන්න පුළුවන් බොහෝදෙනා ඔබ ඉහත කොන්ග්රස් සභික බිල් පොසි ගේ කතාව අසුවනම් පැහැදිලියි එම තොරතුරු විනාශ කලබව.
නමුත් පරිගණක වල අදාළ තොරටුහ්රු දත්ත ලෙස පවතිනවා Freedom of Information Act: FOIA තුලින් මේවා සොයාගන්න පුළුවන් 
නමුත් ප්‍රශ්නය තියෙන්නේ හරියට අදාළ ප්පරීක්ෂණය ගැන දන්නේ කල පුද්ගලයන් පමණයි, මෙතන වෙන්නේ බ්‍රයන් හුකර් විසින් තොම්සන් ගේ ආදාර ඇතුව අදාළ පර්යේෂණ තොරතුරු සොයාගන නැවත පෙන්වනවා.

මෙහිදී කොන්ග්‍රසයට යන බිල් පොසි කියන්නේ මේගැන පර්යේෂණයක් කර කොන්ග්‍රසයට ඉදිරිපත් කරන ලෙසයි මෙය සිදුවි වසර 2ට ආසන්න උනත් තවම කිසිම පර්යේෂණයක් කරන්නේ නැත්තේ ශ්‍රී ලංකාවේ බැදුම් කර සොරුන් බේරාගැනීමට ප්ර්ලිමේන්තුව විසුරුවා හැරිය වගේ යම්විදියකින් මෙය ලෝකයට සනාත උනොත් ඇමරිකානු ජනතාවට ඩොලර් ට්‍රිලියන ගණනක් වන්දි ගෙවා ඇමරිකානු රජයට බංකොලොත් බාවය ප්‍රකාශ කිරීමටයි සිදුවෙන්නේ.

මෙනිසා මේ සිදුවීම කාලයත් සමග යටයයි.

ඉකොනෝ කියනවා බ්‍රයන් හුකර් සහ විලියම්  තොම්සන් වංචනිකයන් නොවන බව, ඔහු මෙහෙම කියන්න වැදගත් හෙතුව්වක් තියනවා දැනට විලියම් තොම්සන් ට කිසිම චෝදනාවක් කිසිම මාද්යකින් ඉදිරිපත් වෙලා නෑ මෙනිසා මෙ ලිපිය ලියන මොහොතේදීත් ඔහු ඇමරිකාවේ https://www.cdc.gov/ ආයතනයේ සේවය කරනවා විතරක් නෙවයි පසුගිය ඔබාමා රජයෙන් විලියම් තොම්සන් ට whistleblower status ලබාදී ඇති බව ඉකොනෝ කියන්න මැලි වෙනවා.


ඇමරිකාවේ සමාන අධිකරණ ක්‍රමයක් තියන ඉතාලියේ http://www.ageofautism.com/2015/01/recent-italian-court-decisions-on-vaccines-and-autism.html

ඔටිසම් සහ වැක්සින් අතර සම්බන්දයක් ඇතිබව අධිකරණ  තීන්දුවක් ලබාදීමට හේතුවෙන්නේ වැක්සින්  නිපදවන සමාගම GlaxoSmithKline ලබාදී ඇති රහසිගත වාර්තාවක් මගිනුයි.

මිට අමතරව දියුණු ලෝකයේ රටක්වන ජපානය MMR වැක්සිනය ලබාදෙන්නේ නෑ https://vactruth.com/2016/06/23/japanese-government-bans-mmr-vaccine/  

තව වැදගත් දෙයක් තියනවා මෙතන ප්‍රශ්නය තියෙන්නේ MMR වැක්සිනයේ පමණක් නෙමෙයි තවත් වක්සින් 56 පමණ දරුවා වසර 5 වන විට ලබාදෙනවා මෙහිදී වැක්සින් පාවිච්චි නොකරන විශාලම ජනගහනයක් ඇමරිකාවේ සිටිනබව බොහෝ දෙනා දන්නේ නෑ  මෙනිසා වැක්සින් ලබාගන්න ළමයින් සහ වැක්සින් ලබා නොගන්න ළමයින් ආතර පහසුවෙන් පර්යේෂණයක් කරලා පෙන්වන්න පුලුවන් වැක්සින් ලබානොගන්න අය මෙතරම් පිරිසක් රෝගී වන බව. 

සමහර දොස්තර වරුන් ගෙන් අහපුවහම කියනවා මෙවැනි පර්යේෂණයක් කර ඇති බව නමුත් මෙය සම්පුර්ණ මුසාවක් බව තේරුම් ගැනීමට මෙය ප්‍රමාණවත්




හොද කල්පනාවෙන් බලන්න මෙතන ඉකොනෝ කරපු විදියට අපුරු නොමගයවිමක් මේ දොස්තර වරිය කරලා අවසාන ලෙස පිලිගන්නවා කිසිම පර්යේෂණයක් සිදුකර නැතිබව 

     

ඉහත තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ Dr. Oz  විසින් කියන දෙයක් ඔහු ගෙන් අහනව ඔබේ දරුවන්ට වැක්සින් ලබාදුන්නද කියල මෙහිදී ඔහු කියනවා "මට දරුවන් සතර දෙනෙක් ඉන්නවා මම ගෙදර කියාම මිසටර් oz, මගේ බිරිද කැමති නෑ වැක්සින් දෙන්න මෙනිසා වැක්සින් දුන්නේ නෑ කියල.
ඉකොනෝ කියනවා වගේ Dr OZ ගේ ළමයින්ට මේ වටිනා බෙහෙත් ලබාදෙන්නේ නැත්තේ දොස්තරගේ අහවල් එක කසන නිසා වෙන්න ඇති.

හොදට මතක තියාගන්න වැක්සින් වෙළදාම කියන්නේ ඩොලර් බිලියන ගණනක වෙළදාමක් කිසියම් කෙනෙක් මිට විරුද්ද වෙනවනම් ඔහුව විනාශ කිරීම හරිම පහසුයි. ඩොලර් බිලියන 2ට වැඩි මුදලක් යොදාගන ඕනෑම බයානක බෙහෙතක් දිව්‍ය ඔසුවක් කියල වෙළද පොලට යවන්න පුළුවන් වගේම පහත උදාහරණවලින් පෙනෙයි මේ සමාගම් එහෙම කරලත් තියනවා.


ඔය තින්නේ ඇමරිකානු අධිකරණයේ පලවී ඇති ලිපියයි දැන් ඔබ ඔය පුවතම කියවන්නේ ඕනෑම ජනමාද්යක් තුල කෙසේ පලවී ඇද්ද කියල, ඔබට පෙනෙයි මේ පුවත් කොතරම් දියාරු කරලද මිනිසුන්ට යවන්නේ කියල.

මේවා පෙන්වන මිනිසුන්ව හදුන්වන්නේ conspiracy theorists (කුමන්ත්‍රණ අදහස් ඇති මිනිසුන් ) ඉදිරිපත් කරන්නෙ කෙනෙක් විදියට ඉකොනොත් කරලා තියන්නේ ඕකයි පසුගිය ඇමරිකානු ජනපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප් දිනන බව කිව්වෙත් conspiracy theorists ල විතරයි ප්‍රසිද්ධ මාද්‍ය කිව්වේ හිලරි දිනන බවයි අපේ මිනිස්සුන්ට කෙටි මතකයක් තියන නිසා ඉහත සිදුවීම මතක තියාගත්තොත් ප්‍රමාණවත්.