Wednesday, November 16, 2016

ජන මාධ්ය අයිති කාටද?








ඉහත සදහන් වාර්තා වැඩසටහනින් පෙන්වා දෙන්නේ 1980 දශකයේ ඇමරිකාවේ ජනමාද්‍ය සමාගම්  50 වූ ප්‍රමාණය   2016 දී 6 ට සිමා වීමයි.
මේ 6ය The Big Six ලෙස හදුන්වයි එනම්

01. The Walt Disney Company
02. 21st Century Fox
03. Time Warner
04. CBS Corporation
05. Comcast
06. Viacom

අද ඇමරිකාව පමණක් නෙමෙයි ලෝක ජනමාද්‍ය පාලනය කරන්නේ මේ විශාල බුවල්ලන් රැලයි. නමුත් කලුවලාකුලක අදිනලද රිදී රෙකාවක් වගේ අද වනවිට සමාජ මාද්‍ය බලවත් වෙලා තියනවා.

මෙනිසා කිසිම චාරයක් නැති බොරුකාර ගැහැනියක් කාන්තා අයිතීන් රකින මුර දේවතාවියක් ලෙසට පෙන්වීම සුළු දෙයක්




ඉහත පෙන්වන්නේ දුෂණයට කළවු ලාබාල දැරියක් අධිකරණයට ගෙන ආවිට අදාළ චුදිතයා වෙනුවෙන් බොරු චෝදනා කර අදාළ දැරියව මානසිකව වට්ටපු හිලරි ක්ලින්ටන් කියන නීතිඥ වරිය කරපු දෙයයි.

මෙවැනි අදුරු අතීතයක් ඇති මේ වන්චාකාරිය 90% වැඩි චන්දබලයකින් ජනපති වනබව කිව්වේ ඔයකියන මාද්යයි.

මේවා අහන අපේ රටේ මෝඩ සිරත් කියනවා කාන්තාවක් ඇමරිකාවේ ජනාධිපති වීම තමන් පියෙක් ලෙස සතුටු වෙනබව, බටහිර මාද්‍ය පෙන්වන ඕනෑම බොරුවකට උඩුබුරන අපේ රටේ මෝඩ ආප්ප සිරා වගේ සතපහකට වැඩක් නැති මිනිසුන් මේවා තේරුම් නොගත්තට ඇමරිකාවේ මහජනයා මේවා තේරුම් ගෙන ඉවරයි.

   


Sunday, November 13, 2016

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය නොහොත් ජනමාධ්යේ (ජඩ මාධ්යේ ) ප්‍රෝඩාව ලොවට ප්‍රදර්ශනය වීම



පසුගිය ඇමරිකානු මැතිවරණයේ සියලුම ජනමාද්‍ය පාහේ කිව්වේ හිලරි ක්ලින්ටන් ජයගන්නා බවත් ඩොනල් ට්‍රම්ප්  කිසිදු තරගයකින් තොරව පරදින බවත් යන කාරණයයි.

මෙසේ කියනලද්දේ ඉතා දියුණු විශ්ලේෂණ හැකියාවක් ඇති විද්‍යාවෙන් පර තෙරට ගිය ජනමාද්යක් විසින් බව අමතක කලයුතු නෑ. අද සිදුවී ඇත්තේ කුමක්ද? සියලු ජනමාද්‍ය බොරුකාරයන් වී ඇති බව නෙමයිද ?

හිලරි ක්ලින්ටන් 90% ට වඩා චන්ද ගනීවි යයි කියන මාද්‍ය දැන් කියන්නේ කුමක්ද ?





අද අප ජිවත්වන සමාජයේ අපගේ උවමනා එපාකම් නිර්මාණය කරන මුලිකම ආයතනය වන්නේ ජනමාද්යයි, හාස්‍ය ජනක කරුණ නම් රටේ මහජනතාව ජනමාද්ය තමන්ගේ මොලය සොදනබව නොදැන සිටීමයි. පසුගිය සතියේ ඇමරිකාවේ සිදුවුනේ ලෝකය ඉදිරියේ මෙම ක්‍රියාවලිය නිරුවත්විමයි.

මා මෙම අඩවියේ මින් පෙර පහත මාතෘකා පිළිබද සාකච්චා කර තිබෙනවා
01. ඔවුෂධ මාෆියාව
02. වසවිස ආහාර වලට දැමීම පිලිබදව (කෘමිනාශක වෙළදාම )
03. දොස්තර වරුන් ජනතාව සූරාකන ආකාරය පිලිබදව
04. දෙසපලන්නයන් ජනතාව රැවටීම පිලිබදව

යන මුලික මාතෘකා පිලිබදව මා සාකච්චා කර තිබෙනවා මේ සියලුම අංශවලට බලපාන මහපොදු සාදකයක් තියනවා එනම් රටේ ජනමාද්යි.
ඔබ සරලව සිතන්න, අපගේ මතයක් තියනවා නවීන විද්‍යාව නිසා මිනිසාගේ ජිවන තත්වය දියුණුවූ බවත් මිනිසුන් වැඩි කාලයක් ජීවත්වීමට නවීන වෛද්ය විද්යාව ඉවහල් වු බවයි නමුත් අපි කීදෙනෙක් මේ අදහස අපට ලැබුනේ කොහොමද කියල බලල තියනවද ?

ඔබ හිතන්න ආසියාවේ ආයු අපේක්ෂාව 1900 දී අවුරුදු 28 පමණ බවයි පවසන්නේ (https://ourworldindata.org/life-expectancy/)
නමුත් මෙම තොරතුරු කොපමණ නිවැරදිද? මෙය කියවන අය තම දෙමාපියන් ගෙන් තම මුතුන්මිත්තන් ගැන ඇසුවොත් අවම වශයෙන් ඔවුන් අවුරුදු 80ට වඩා වැඩි කාලයක් ජීවත්වී ඇතිබව සොයාගන්න පුළුවන් වනු අති මෙය ලියන මගෙත් මුතුන්මිත්තන් අවුරුදු 89 වැනි දීර්ග කාලයක් ජිවත් වී තිබෙනවා.
හදිසි අනතුරකට ලක්වී නැත්නම් දීර්ග කාලයක් බොහෝ ශ්‍රී ලංකා වාසින් ජීවත්වී තිබෙනවා.

නමුත් අද සිදුවී ඇත්තේ කුමක්ද ? අපට මාද්‍ය මගින් අපේ මොළ සෝදා අපට අදහසක් දමා තිබෙනවා අපේ ආයු අපේක්ෂාව වැඩිවීමට හේතුව නවීන විද්‍යාව බව, පසුගිය ශතවර්ෂයේ මිනිසුන්ගේ ආයුෂ වර්දනය උනානම් එය සිදුවී ඇත්තේ මිනිසුන් හොද සනීපාරක්ෂක පුරුදු අනුගමනයට හුරුවූ නිසා බව අවිවාදිතයි.

නමුත් අද කාලයේ අප සියලු දෙනාටම පාහේ ඇති දියවැඩියාව දැනට ශතවර්ෂ බාගයකට පෙර අප සමාජයේ අද තිබෙන පරිමාණයෙන් නොතිබූ බව බොහෝදෙනා නොදන්නා කාරණයක්, දියවැඩියාව ගැන කිව්වහම දැනට වසර 50 ට පෙර විවාහයක් කර ගැනීමට පෙර යම්විදියකින් පවුලේ කෙනෙකුට දියවැඩියාව තියනවනම් එම පවුලෙන් විවාහයක් නොකරගැනීමට පවා පැරැන්නන් පරිසම් වී තිබෙනවා, පැරණි විවාහ සිරිත් විමවුවහම ඔබට මේබව තේරුම් ගන්න පුළුවන්.

          අද වනවිට අප බොහෝදෙනා ට දියවැඩියාව පමණක් නෙමෙයි වකුගඩු රෝගත් බහුලයි, මිට හේතු ගැන විමසීමේදී  කෘමිනාශක නිපදවන සමාගම්වල
විද්යාඥයන් පවසන්නේ නිපදවන කෘමිනාශක වලින් මිනිසාට බලපෑමක් සිදුනොවන බවත් මෙසේ රෝග ඇතිවීම විද්යාත්මකව ඔප්පු කර නොමැති බවයි, ඉහත පණිවිඩය ලොව පුරා වපුරන්නේ ඉහත කි ජනමාධ්‍යයි. මෙය ඇමරිකාවට පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවටත්  පොදුයි මම පෙර ලිපියකින් වික්ටර් අයිවන් ගැන කිව්වෙත් මේ ටිකම තමයි.

අද වනවිට ලෝකය පුරාම ජනමාද්‍ය වල විශ්වාසනීයත්වය දියවී ගොස් තිබෙනවා, මිනිසුන් තේරුම් ගතයුතු වැදගත් දෙයක් තිබෙනවා එනම් ජනමාද්යත්, ඔවුෂධ නිපදවන සමාගමුත් කෘමිනාශක නිපදවන සමාගමුත් ආයුධ නිපදවන සමාගමුත් එකම පුද්ගලයන් සමුහයක් අතේ පවතින බව, මෙය සිදුවන්නේ විශාල සමාගම්වල නම්වලට මුවා වෙලා අදාළ සමාගමේ කොටස් මිලදීගැනීම තුලින්, මිනිසා දොස්තර වරුන් නියමකරන ඔවුෂධ මහින් වන හානිය ජනමාද්‍ය මගින් ප්‍රචාරණය කරන්නේ නෑ.

මෙයට දැනගැනීමට සරලම උදාහරනන 2014 අගෝස්තු මාසයේ ලෝක ප්‍රසිද්ද (Centers for Disease Control and Prevention) ආයතනයේ දොස්තර විලියම් තොම්සන් පවසනවා MMR වැක්සිනය නිසා කුඩා දරුවන්ට ඔර්ටිසම් නමැති මාසික රෝගය වැළදීමට 360% අවදානමක් ඇති කරන බව හෙළිවූ පර්යේෂණයේ තොරතුරු ඔවුන් සැගවූ බව.


මෙය කොන්ග්‍රස් සබාවට පවා ඉදිරිපත් වුනා

නමුත් අදවනතුරු කිසිම සද්දයක් නෑ .

ඔබ සිතන්න මේ පුවත ලෝක ජනමාද්‍ය තුල විශාල ආන්දෝලනයක් ඇතිවියයුතු පුවතක් විය යුතුව තිබියදී කිසිම පිළිගත් ජනමාද්‍ය ආයතනයක් මේ අනාවරණය සදහා දායක උනේ නෑ.

ශ්‍රී ලංකාව වගේ නෙමෙයි ඇමරිකානු ජනතාවත් බ්‍රිත්න්යේ ජනතාවත් ලොව බිහිවී ඇති සමාජ ජාල පිලිබදව අවදියෙන් සිටිනවා මේ නිසා ප්‍රධාන ජනමාද්‍ය කුමක් කිව්වත් ඔවුන් පිළිගන්නේ නෑ බ්‍රිතානයේ පවත්වන ලද Brexit මතවිමසුම පිලිබදව ජනමාද්යේ පළවූ කිසිවක් ජනතාව ගණන් නොගත්ත වගේම පසුගිය ඇමරිකානු මැතිවරණයේදී ජනමාද්‍ය පවසන ලද තොරතුරු ගණන් නොගැනීමට මහජනතාව තේරුම් ගෙන තිබෙනවා.

මෙනිසා තමයි මහජනයා සමාජ මාද්‍ය පිලිබදව විශ්වාසය තැබීමට පුරුදු වී තිබෙන්නේ. අද හොලිවුඩයේ කුඩා දරුවකුට වැක්සින් ලබාදීම අවම වී තිබෙන්න ඉතා උගත් දැනුවත් මිනිසුන් අනතුර පිළිබද මනා දැනුවත් වීමක් සිදුකර ඇති නිසයි

(http://www.theatlantic.com/health/archive/2014/09/wealthy-la-schools-vaccination-rates-are-as-low-as-south-sudans/380252/)

ශ්‍රී ලංකාවේ ජනමාද්‍ය තුලත් මේ ඇන්ඳීම අපුරුවට සිදුවෙනවා උදාහරණ සිරස සටන වැනි වැඩසටහන් වල සටන්පාට කියමින් බලන මිනිසුන් ගොනාට අන්දවමින් අපුරුවට මේ වංචාව කලත්, මහජනයා සමාජ ජාල තුලින් මේ වැදගත් විෂයන් පිළිබද අදහස් හුවමාරු කරන මට්ටමට පැමිණ නැති නිසා මේ රැවටීමට නැවත නැවත හවුවිමට සිදුවෙනවා.