Monday, September 19, 2016

ආයුර්වේදය වසා දැමිම සහ ජනමාද්‍ය නිහඩ බව



ආයුර්වේදය වසා දැමිම සහ ජනමාද්‍ය නිහඩ බව.

දැනට ආයුර්වේදය  වසා දමා දින 5 ක් ගතවී ඇත නමුත් රටේ ජනමාද්‍ය මේ පිලිබදව මතුකලයුතු විරෝදය මතු කරන බවක් පෙනෙන්නට නැත.

මට මතකයට එන්නේ නාරද බක්මීවැව මෑතකදී කල දේශනයයි



එහිදී ඔහු පෙන්වා දෙන්නේ මාද්‍ය විසින්කරන මේ ජඩ පිළිවෙත ගැනයි, නැවත මාතෘකාවට හැරුනොත් මෑත කාලයේ ආයුර්වේදය තුල සැලකියයුතු දිවුනුවක් දකින්ට තිබුණි මෙනිසා බටහිර වෙදකමින් සුවකළ නොහැකි බොහෝ රෝග සදහා පිළියම් ලබාගැනීමට ජනතාවට අවස්තාව ලැබුණි. පසුගිය වසර 5 තුල ආයුර්වේද බෙහෙත් ශාලා වර්දනය වූ අතර දේශීය පුද්ගලික බෙහෙත් ශාලත් වේගයෙන් වර්දනය වුනි. මෙනිසා මෙම දේශීය වෙදකම තුලින් විශාල පිරිසක් සහනය ලබමින් පැවතුනා.

සමාජය තුල මතයක් පැවතුනා දේශීය වෙදකමට යොමුවෙන්නේ දිළින්දන් පමණක් බව නමුත් මෑත කාලයේ බටහිර වෙදකම නිසා සංකීර්ණ තාවයට පැමිණි බොහෝ දනවතුන් පවා දේශීය වෙදකම වෙත නැබුරු වීමත් එයින් විශිෂ්ට ප්‍රතිපල ලබාගැනීමත් සිදුවුනා.

මේ ජනප්ප්රියතාවයට මුලික හේතුවක් උනේ දේශීය වෙදකමට උවමනා අරිෂ්ට සහ බොහෝ තෙල් වර්ග  ආයුර්වේදය සංස්ථාව නිපදවීමත් ඉතා අඩුමිලට මිලදීගැනීමේ පහසුවත් යන කාරනා දෙකයි.

අද සිදුවීම් ජාලය ගැන බලමු https://goo.gl/XrF1su{ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කළමනාකාරීත්වය හා සේවකයින් අතර දින කිහිපයක් මුළුල්ලේ පැවැති අර්බුදය දිග්ගැස්සීම නිසා අද (15) පෙරවරුවේ සිට එම සංස්ථාව දින නියමයක් නොමැතිව වසා දමා ඇත.  }

මේ සිදුවී ඇත්තේ කුමක්ද ? බැලුබැල්මට මෙය සේවක අර්බුදය නිසා වසාදැමීම සිදුවී ඇතිබව කිව්වත් මෙය සිදුවී ඇත්තේ රාජිත සේනාරත්න නම් ඇමතිවරයා  විසින් කරන ලද සැලැස්මක ප්‍රතිපලයක් බව මේගැන විමසුම් නුවනින් බලන විට පෙනී යයි.

ඔබට මතකද බලයට පැමිණීමට පෙර ඔවුෂද ප්‍රතිපත්තිය මගින් මිල අඩුවෙන බව කිව්වා දැන් සිදුවී ඇත්තේ කුමක්ද ? අද තිබුනට වඩා මිල වැඩිවී ඇත.

මම මෙයට මෙවැනි කපටි මිනිසුන්ට චෝදනා නොකරමි මිට මුලික හේතුව නිද්‍රාශීලි මෝඩ ජනතාවයි.

හැකිනම් මේගැන වඩා සොයාබලා අන්තර්ජාලය ඔස්සේ ඔබේ විරුද්දතාවය පලකරන්න.        

Tuesday, September 13, 2016

දක්ෂ දරුවන් සදහා රැකියා ඇතිකරන්නේ කෙසේද ?

අද ඉතා කාර්ය බහුල දිනයක් උනත් පහත කෙටිලිපිය ලිවියයුතු යයි සිතුනා මෙහි ඇතුලත් තොරතුරු මෙය කියවන අයත් සොයාබලා මේ නැගණියට කළහැකි උපකාරයක් කරයි කියල හිතනවා.

http://lankanewshits.net/sinhala/?p=20969

කරුණාකර ඉහත තොරතුරු මේ නැගනියව අපහසු තාවයට පත්කිරීමට යොදානොගන්නා ලෙස ඉල්ලා සිටිමි.

මුලින්ම කිවයුතු දේ මෙතුමියගේ දක්ෂතාවය අනුව ඉංග්‍රීසි දැනුම ඇත්නම් තමන්ටම ඉතා ඉහල ආදායමක් ලබාගැනීමට හැකි වීමයි. කනගාටුවට කරුණ ඔවුන්ට මේ හැකියාව නැති වීමයි.

මම මෙය බලද්දිම මට ඇතිවුන අදහස තමයි අද ලංකාව පුරා විදේශ වලට මෙවැනි සේවා සපයන ආයතන තිබෙනවා මෙම ආයතන වලට කළහැකි දේ තමයි තමන්ට කිසියම් ඇනවුමක් ලැබුනහම මෙවැනි දක්ෂ අය ලවා කරවා ඉතා සාදාරන මුදලක් ගෙවීම.

උදාහරණයක් ලෙස මැය සදහන් කරනවා ඇය LOGO Design කරන බව ඉතා ඉහල තත්වයේ  LOGO එකක් සදහා විෂාල මිලක් අයකරනවා.
මම කලකට පෙර මගේ විදේශීය ගනුදෙනු කරුවකුට මෙවැනි LOGO එකක් ඩොලර් 70 වැනි මුදලකට මගේ මිතුරෙකු ලවා කර දුන්නා
මගේ ගනුදෙනු කරු ඉතා තෘප්තිමත් උනා එහි තත්වය ගැන.

ප්‍රශ්නය මෙවැනි දේ විශාල ලෙස ලැබෙන්නේ නෑ හැමවිටම (සමහර විට මම මේ අංශය ගැන වැඩි සෙවීමක් නොකළ නිසා මම නොදන්නවා වෙන්න පුළුවන් )

නමුත් විශාල ආයතන මෙවැනි දක්ෂතා ඇති අයට මෙවැනි වැඩ කීපයක් සාදාරන මුදලකට ලබාදිය හැකිනම් ඉතා වටිනවා. මෙහිදී ඔවුන්ට නිත්‍ය රැකියාවක් නොලැබුනත් මෙවැනි ක්‍රමයකදී මෙවැනි දක්ෂතා ඇති දරුවන්ට අත දීමක් වෙනවා.