Thursday, April 14, 2016

බටහිර ලෝකය විද්‍යාව දෙසට පාතබන විට අවිද්‍යාව දෙසට යන අපේ මෝඩ උගතුන්.



 

ඉහත ඔබට පෙනෙන්නේ Allan Redin Savory විසින් ලෝක ප්‍රසිද්ධ TED කතා මාලාවේ කල දේශනයක්, මේ අඩවිය කියවන බොහෝ දෙනා ඉල්ලා සිටින දෙයක් තමයි මෙවැනි Youtube clips වල අදහස් සිංහලෙන් පරිවර්තනය කර ලියන ලෙස. මිට හේතුව මේවා බැලීමට විශාල ලෙස DATA වැයවීම, මම සාමන්යෙන් අදාළ කොටස පමණක් පරිවර්තනය කලත් ඉහත කතාව සම්පුර්ණයෙන් පරිවර්තනය කරමි මිට හේතුව අද ලෝකයේ විද්‍යාව ලෙස හදුන්වන අප දැනුවත් විෂය කොතරම් අවිද්‍යාත්මක දැයි ප්‍රායෝගිකව  පෙන්වා දීමට ඉහත පරිසර වේදියා සමත්ව තිබීමයි TED TALKS වල හොදම එකක් ලෙස මෙය වාර්තා ගත උනෙත් මෙනිසයි.

Allan Redin Savory ගැන කිව්වොත් ඔහු සිම්බාබ්වේ ජාතිකයෙක් සහ Savory Institute ආයතනයේ සබාපති දුරය උසුලනවා.

ලොව විශාලම සුනාමිය කුණාටුවක්ලෙස අප වෙත පැමිණෙමින් තිබේ. අපට අතිවිශාල අබියෝගයක් එල්ලකරමින් පැමිණෙන මේ කුනාටුව අප මෙතෙක් ලබාඇති තාක්ෂණික සහ විද්‍යාත්මක දියුණුවෙන් විසදිය හැකි යයි සිතීම තේරුම් ගත හැකියි. මේ පරිපුර්ණ කුනාටුව ට හේතුව වැඩිවන ජනගහනයත් ලෝක ජනගහනය  බිලියන 10 තෙක් ගමන් ගන්නා අයුරුත් ඉඩම් කන්තාර වලට පෙරලීම සහ කාලගුණ විපර්යාසය දැක්විය හැකියි.

දැන් මේ ප්‍රහසන ඇති කරන පොසිල ඉන්දන ප්‍රශ්නය විසදිය හැක්කේ තක්ෂණය වෙත යොමුවීම පමණයි, නමුත් මේ පොසිල ඉන්දන එකම දෙය නෙමෙයි මේ කාලගුණ වෙනස්වීමට බලපාන, "කාන්තාර කරණය " කියන්නේ අරුමෝසම් වචනයක් ඉඩම් කාන්තාර බවට පත්වීම් ගැන යොදන මේ ක්‍රියාවලිය විශාල ලෙස සිදුවිමෙදියි මෙම වචනය බාවිතයට එන්නේ මම මෙහිදී අදහස් කළා වඩිපුර අවදානය යොමුකිරීමට වැඩි ඉඩම් ප්‍රමාණයක් කාන්තාර වෙන්නේ කෙසේද කියල බැලීමට , මට තිබෙන්නේ ඉතාසරල පිලිතුරක් එමගින්  ඔබට විශාල බලාපොරොත්තුවක් තබාගැනීමටහැකිවනු ඇති.

ලෝකයේ අර්දතාවය අදිකව පවතින පරිසර වල ඉක්මනින් සොබාව දර්මය වනාන්තර මගින් අදාළ පරිසරය තම අනසක යටතට ගන්නවා  නමුත් සමහර පරිසර තිබෙනවා අර්දතාවය මාසගනනක් පවතින විට වනාන්තර වැවෙන සහ ඉන්පසු ඉතා
වියලි කාලයක් ඇතිවන, මෙවැනි පරිසරයකදී තමයි කන්තර ඇතිවන්නේ.

මෙහිදී ඔහු සිතියමක් පෙන්වනවා විනාඩි 2 කුත් ත්ප්පර 30 දී එහි කොළපාට කොටස වන්න්තර පවතින අතර දුබුරුපාට කොටසයි කාන්තර බවට අප්ත්විමට නියමිතව ඇත්තේ,  එනම් ලෝක ගොඩබිම් වලින් 2/3 කාන්තාර වලට පත්වවීමේ අනතුර තිබෙනවා.

මම මේ පින්තුරය ගත්තේ යේමනයේ  ටිහාම කන්තාරයේ මිලිමීටර් 25 ක වැස්සක් වැටෙන විටයි (විනාඩි 2 කයි තප්පර 45 දී ) හිතන්න වතුර බැරල් එකක් ලීටර් 200ක් පවතින බැරල් 1250 ක් සෑම හෙක්ටයාර් 1ක් තුල ඇදහලුනොත් ඊලග දවසේදී පොලව මේවගේ (විනාඩි 3 යි ත්ප්පර් 2 ) {වියලි පොළවක් පෙන්වනවා }  කොහෙද වතුර ගියේ ? සමහර වතුර ගසාගෙන යන්න ඇති නමුත් වැඩිම වතුර පසට උරාගෙන නැවත වශ්පවිමයි සිදුවී ඇත්තේ හරියට ඔබේ ගෙවත්තේ වතුර දමා ආවරණයක් නොමැතිව තැබුවිට වෙන දෙයයි.

දැන් වතුරත් කාබනුත් පසත්  අතර සම්බන්දයේදී වතුර වශ්පවිමේදී අප පස ට හානිකර ඇත්නම් කාබන් පරිසරයට මුදාහැරීමයි සිදුවෙන්නේ, දැන් ඔබට නැවත නැවතත් උගන්වා තිබෙනවා කාන්තාර ඇති වන්නේ ජලය හිග පරිසරයක බව  නමුත් උස තණ පවතින මෙවැනි පරිසරයක (විනාඩි 3 යි ත්ත්පර 45 ) ඔබ කල්පනාවෙන් බැලුවොත් තණ නොමැති හිස් බිමක ඇල්ගී දැකිය හැකියි මෙහි ඇති නරක තත්වය තමයි ජලය වාෂ්ප වීම සහ පසේ ජලය රදා නොපැවතීම මෙයයි කාන්තාර වීමේ පිළිකාවේ මුල, මෙය ඉතා නරක තත්වයට යනකම් අපට තේරුම් ගත නොහැකියි.

දැන් අප අසා තියනවා කාන්තාර ඇතිවීමට සත්වයන් විශාල ප්‍රමාණයක් සිටීම බලපානවා, එනම් ගවයන් එළුවන් වැනි සතුන් ශාක උලාකෑමනිසා පස නිරාවරණය වෙනවා ඉන්පසු ඔවුන් ගේ මල මුත්‍ර මහින් මීතේන් මුදාහැරිම වෙනවා මෙය නොබෙල් ත්ග්ග දිනපු අයත් අඩුම අද්යාපනයක් ලබපු කෙනත් දන්නවා මෙය මට වගේම ඔවුන්ටත් උගන්වා තිබෙනවා.

දැන් ඔබ මේ දකින පරිසරය (විනාඩි 4 ත්ප්පර 36) දුවිල්ලෙන් පිරි ඇති, මමත් මෙවැනි පරිසරයකයි ලොකු මහත් උනේ, මම සොබාවික සතුනට ඉතා ආදරය කළා මෙනිසා මම ගොවිතැනට පාවිච්චිකරන ගවයන්ටත් එළුවන්ටත් කැමති උනේ නැත්තේ උන් පරිසරයට කරන හානිය නිසා, ඉන්පසු මගේ විශ්වවිද්‍යාල අද්‍යාපනය පරිසර වෙදියක් හැටියට මේ අදහස තහවරු කිරීමට හේතු වුනා, ඇත්තටම මට තිබෙනවා ඔබට පනිවිඩයක් ලබාදෙන්න මා ලබාගන්නා ලද වැරදි අවබෝදය ගැන,
අප එක කලක තහවරු කරගෙන සිටියා ලෝකය සමතලාබව, අප එතකොට වැරදියි නැවත වරක් දැනුත් අපි වැරදි බවයි මට කියන්න ඇත්තේ.

දැන් මම ඔබට ආරාදනා කරනවා මම ගිය ගමනේ ගොස් නැවත ඔබේ දැක්ම නිවැරදි කරගැනීමට, මම තරුණ මිනිසකු කාලේ, තරුණ ජීව විද්යාඥකුව සිටින අවදියේ මම වැඩසටහනකට සහබගිවුනා විශාල ඉඩම් ප්‍රමානයක් අනාගත වනසන්ර්ක්ශකයක් නිර්මාණය කිරීමට මෙය කිරීමට උනේ 1950 දශකයේ දඩයම් කරන මිනිසුන් ඉවත්කළ වහාම ඉඩම් ඔබ දකින විදියට නරක්වීමට පත්වුණා (විනාඩි 5 ත්තප්ර 45 ) මෙහිදී කිසිම සත්ව පාලනයක් නොතිබුන නිසා අප සැක කළා විසාල අලි ප්‍රමාණයක් ඇති නිසා මිට හේතුවන්න ඇති කියල, මම මිට අදාළ පර්යේෂණය සිදුකර මම ඔප්පු කළා අපට විශාල අලි ප්‍රමාණයක් ඇති ඇති බව සහ මම යෝජනා කළා ඔවුන්ගේ ප්‍රමාණය අඩුකිරීමට පරිසරයට ගැලපෙන ලෙස, මෙය මගේ පැත්තෙන් ගත්ත ඉතා කණගාටුදායක තීරණයක් වන අතර එය දේසපාලන ඩයිනමයිට් එකක් උනා, මෙනිසා අපේ රටේ 
රජය මේ අංශයේ නිපුණයන් ගෙන් සමන්විත මණ්ඩලයක් පත්කර මගේ තීරණය විශ්ලේෂණය කරා ඔවුන් මගේ තීරණය සමග එකග උනා ඉන්පසු පැමිණි වසරේදී අලි ඇතුන් 40000 ක් වෙඩිතබා ගාතනය කළා මෙය කලේ ඇතිවීමට යන විනාශය අවම කිරීමට, නමුත් සිදුවුනේ තත්වය තව නරක අතට හැරීමයි, අලි ඇතුන්ට ආදරය කල පුද්ගලයකු ලෙස මේ තීරණය ම ගේ ජිවිතයේ ගත්ත කනගටුම තීරනය උනා මෙය මගේ ජිවිතයේ කල විශාලම වැරැද්ද උනා මෙය මගේ සොහොන දක්වා ගෙනයනවා.

නමුත් මේ නිසා එක හොද දෙයක් සිදුවුනා එනම් මම අදිෂ්ටාන කළා මගේ ජීවිතය ම මෙයට විසදුම් සෙවීමට කැපකරනව කියල, මම ඇමරිකානු එක්සත් ජනපදයට පැමිණි විට මට විශාල තිගැස්මක් ඇති උනා ඔබදකින (7 විනාඩි ) ජාතික වනෝද්‍යාන කාන්තාර බවට පත්වෙමින් තිබුන ප්‍රශ්නය තිබුනේ වසර 70 කින් මෙහි සත්ව ගහනයක් නොතිබීමයි, මා සොයාගත්තා මේ පිළිබද ඇමරිකානු විද්යාඥයන්ට මේ ගැන අදහසක් නොමැති බව ඔසුන් කිව්වේ එය ජලය නොමැති වීම සහ සොබාවික බව, ඉන්පසු මම දැනට කර ඇති බටහිර ඇමරිකාවේ මේ සම්බන්ද  සියලු පර්යේෂණ තොරතුරු  අද්‍යනය කළා මෙහිදී මම අවදානය යොමුකළේ ගවයන් ඉවත්කිරීම මගින් වනාන්තර දියුණුකළ ස්ථාන පිලිබදවයි නමුත් මට එවැනි තැනක් සොයාගත නොහැකි උනා පමණක් නෙමෙයි මට දැකගත හැකිඋනේ ඊට පර්ස්පර අවස්තාවක් එනම් ගවයන් සිටින පරිසරයක වනතර ඇතිවීමට පහසුකම් සැපයෙන බව සොයාගැනීමෙන් ඔබ මේ දකින (විනාඩි 7 ත්ප්පර 33 ) 1961 JORDAN RESEARCH STATION මෙහි තණකොළ කොළපාටට තිබුනේ 1961 දී නමුත් 2002 දී දැන් ඔබට පෙනෙන (විනාඩි 7 ත්ප්පර 42 ) කාන්තාර තත්වයට පත්වී ඇත.

මේ වාර්තාව සකස්කළ කතුවරුන් මේ වේනසට හේතුව නොදන්නා ක්‍රියාවලියක් බව සදහන් කර තිබුන, පැහැදිලිව අපි කාන්තාර තත්වය ඇතිවන්නේ ඇයි දැයි යන්න තේරුම් ගෙන තිබුනේ නෑ මෙම ක්‍රියාවලිය නිසා  ශිෂ්ටාචාර ගණනාවක් විනාස උන අතර දැනට පෘතුවිය උණුසුම් වීමට බලපා ඇත.

දැන් පස් වර්ග මීටරයක් ගෙන එය පැළෑටි ඉවත්කර ඉර එලියට නිරාවරණය කරන්න මම පොරොන්දුවෙනවා අළුයමදී  සිතලටත් මද්යානයේදී ඉතා රස්නයටත් තියේවි, පැල ඇති පොලවකට වඩා මේ තත්වය ඔබට නිරීක්ෂණය කල හැකි වෙයි මිට ගෙතුව අප ශුද්‍ර පරිසරය වෙනස් කල නිසා, මේ ක්‍රියාවලිය මහා පරිමාණයෙන් කලහම ඔබ වෙනස් කරන්නේ සාර්ව කාලගුණයයි, නමුත් අප මෙහි තේරුම් නොගෙන ඇත්තේ මෙම ක්‍රියාවලිය වසර 10000 ට පෙර ඇතිවුනේ ඇයි සග මෑත බාගයේ මෙය වේගවත් උනේ ඇයි යන්නයි.

අපට  මෙහිදී තේරුම්ගැනීමට අපහසු වී ඇත්තේ ලෝකයේ විවිද ඉර්තු වල ආර්ද්රතාවයේ වෙනස් වීම නිසා පසත් සොබාවික වනාන්තරත් දියුණුවී ඇත්තේ විශාල සත්වගහනයක් සමගයි මේ විශාල සතුන් ප්‍රමාණය තුල එකිනෙකා දඩයම් කරන සතුනුත් බිහිවුණා මෙහිදී දඩයම් වලින් බේරීමට තිබිඇති එකම ආරක්ෂාව විශාල රංචු වශයෙන් සතුන් (ගවයන් , ගොනුන් ) ඒකරාශී වීමයි, මේ රංචුව විශාල වන්න විශාල වන්න මෙහිසිටින සාමාජිකයන් ගේ ආරක්ෂාව තහවරුවෙනවා, මෙහිදී සිදුවෙන දෙයක් තියනවා වනම් විශාල රන්චුවක් තමා උලාකන ප්‍රදේශයේ මුත්‍රා සහ ගොම දමනවා, මොවුන් මේ අපද්‍රව්‍ය බැහැර කරන්නේ තම ආහාරය මතයි මෙනිසා ඔවුන්ට සිදුවෙනවා එකදවසක සිටි ප්‍රදේශයෙන් ඉවත්ව තව දවසක් තව ප්‍රදේශයකට යන්න, මේ ගමන තමයි තණකොළ විශාල ලෙස වැවීමට බාදා සිදුවී ඇත්තේ, එතකොට කලින් කලට මේ ගවයන් සිදුකරන පෑගීම නිසා තමයි පසට ආවරණයක් වී ආරක්ෂා වී ඇත්තේ,  මේ  පින්තුරය ඉර්තුවක තණකොළ වැවී ඇති අයුරුයි (විනාඩි 9 තප්පර 55  )  මෙය මාස 4 ක වැසිකලකින් පසුව ඇතිවී ඇත්තේ දැන් එය මාස 8 ක වියලි කාලයකට යමින් පවතිනවා  දැන් ඔබට පෙනෙන (විනාඩි 10 ත්ප්පර 7 ) ඇති විහාල තණකොළ සියල්ලම ඉදිරි වැසි සමයට පෙර දිරා යායුතුයි එසේ නොවුනොත් මේ තනකොලත් පසත් යන දෙකම මැරෙන්න ගන්නවා මිට හේතුව එසේ නොවුනොත් මේ පැල වියලි දිරන්න ගන්නේ ඉතා සෙමිනුයි මෙහිදී පස නිරාවරණය වීමත් කාබන් පරිසරයට මුක්ත වීමත් සිදුවෙනවා මෙය නතර කියිමට මිනිසා පාවිච්චි කලේ අදාළ ඉඩම් ගිනිතබියි නමුත් ගින්දර සිදුකරන්නේ පස නිරාවරනයත් කාබන් අදික ලෙස පරිසරයට එකතුකිරීමත් කියන කරනා දෙකයි මීටත් නරක දේ නම් හෙක්ටයාර් 1 ක තණකොළ බුමියක් ගිනි තැබීමෙන් සිදුවෙන්නේ ඉතා අහිතකර අපද්‍රවය පරමානයෙන්  කාර් 6000 ක් නිකුත් කරන අපද්‍රව්‍ය වලට සමාන පරමානයක් පරිසරයට එක්කරනවා, මෙහිදී ඔබ දැනගත යුත්තේ අප්‍රිකාවේ සෑම වසරකදීම හෙක්ටර්යාර් බිලියන 1 කට වැඩි ප්‍රමාණයක් ගිනිතබනු ලබනවා මේගැන කිසිවෙක් කතා කරන්නේ නෑ.

අපි විද්යාඥ යන් ලෙස  සාදරිනිකරණය කරනවා මේ ගිනිතැබීම මල ද්‍රව්‍ය ඉවත්වී පැල වැවීමට උපකාර වනවා කියල දැන් අපි මේ තණකොල බිම දිහා බැලුවහම කොහොමද සවුක්ය සම්පන්නව තබාගන්නේ ? මතක තබාගන්න මේ කියන්නේ ලෝකයේ විශාල ඉඩම්ප්‍රමානය ගැන බව, අපට සතුන්ගේ ප්‍රමාණය අඩුකළ නොහැකියි මොකද එසේ කලොත් කන්තාර ඇති වීම සහ දේශගුණික වෙනස් වීමකින් තොරව බෑ එම ක්‍රියාවලිය සම්පුර්ණ කිරීමට  ඊට අමතරව අපට මෙය ගිනිතැබීම කරන්නත් බෑ අප කලයුත්තේ කුමක්ද ?

   මෙහිදී ඇත්තේ එකම එක විකල්පයක් පමණයි මම නැවත කියනවා එකම එක විකල්පයක් පමණයි තියෙන්නේ පරිසර වේදීන්ට සහ විද්යාඥයනට එනම් සිතිය නොහැකි දේ කිරීමයි, එනම් විශාල සත්වගහනයක් (ගවයන් ) යොදාගෙන ඔවුන් අවිදවිමයි කලයුතු, වනම් අතීතයේ සිදුවූ දෙය නව නිර්මාණයක් ලෙස ගෙන ඒමයි මෙයයි කළහැකි එකම දේ.

එසේනම් එය කර බලමු ඉහත තණ භුමියේ මෙය කර බලමු (විනාඩි 12 ත්ත්පර 24 )  දැන් විශාල ගව රංචුව දැමුවිට ඔබට පහත පරිදි පෙනෙයි (විනාඩි 12 ත්ත්පර 31 ) දැන් මේ තණකොළ  වල ගොම ගවමුත්රා දහදිය අන්තර්ගතයි. මෙහිදී ගෙවත්තක් වගා කල කෙනෙක් තේරුම් ගනී මෙම පස වැසිවතුර අල්ලා ගැනිමටත් කාබන් ඉවත්වීම වලකිමටත් මීතේන් කඩා දැමීමටත් මෙය හේතුවෙනවා අප මෙය කළා (ව්නාඩි 12 ත්පපර 55 ) සතුම් මරිමකින් හෝ ගිනි තැබීමකින් තොරව, මම මුලින්ම තේරුම් ගත්විට අපට වෙන විකල්පයක් නැතිබව මෙවැනි සාධුන් යොදාගැනීමෙන් තොරව මට ඇතිවුන විශාල ම ගැටලුව අප කෙසේ මෙය කලයුතුද යන්නයි අපට වසර 10000 ක පටන් ඉතා දැනුවත් මිනිසුන් සිටියා විශාල ලෙස සත්ව පාලනය කල නමුත් මොවුන් තමයි මිනිසා සදන ලද විශාල කන්තාර නිර්මාණය කලේ ඉන්පසු අපට වසර 100ආ පානම කාලයක නවින් විද්‍යාව ලැබුන එයින් සිදුවුනේ මේ කාන්තාර වීම වේගවත් වීමයි. මෙය අප අප්‍රිකාවේ දුටුවා ඉන්පසු අපරිකාවේ දී අප ප්‍රත්‍යක්ෂ කර ගත්ත ඔබට මේ පින්තුරයෙන් පෙනෙන්නේ (විනාඩි 13 ත්ත්පර් 43 ) ෆෙඩරල් රජය පාලනය කරන ඉඩම් සමුදායයි මේ සතුන්ව එහෙ මෙහේ කිරීමට මිනිසුන් දැනුවත් උනේ නෑ මොකද සොබාව දර්මයේ සංකීර්ණ බාවය තිරුම් නොගත්ත නිසා   ඒවගේම ජීව විද්යද්‍යයන් සහ පරිසර විද්යත්නයන් වන අපි මෙවැනි සංකීර්ණ දෙයක් කරලා තිබුනේ නෑ 
ඉතින් නැවත රෝදය නිර්මාණය කරනවට වඩා දැනට තිබෙන දෙයින් ප්‍රයෝජන ගන්න ආකාරය ගැන මා සිතුව මෙහිදී අනෙක් වුර්තින් ගැන මම සොයාබලුව මෙයට විසදුමක් සෙවිය හැකිද කියල එහිදී මම දැක්ක විවිද උපක්‍රම තිබෙනවා යොදාගන්න පුළුවන් එයින් අප නිපදවූව සාකල්ය උපක්‍රමයක් (Holistic :- මෙහිදී කුඩා වෙනසක් කිරීමේදී සමස්ත ක්‍රියාවලියට බලපාන බව දැනගෙන ) යොදාගත්තා මෙය අපේ බොහෝ සංකීර්ණ තාවලට විසදුම් ලැබෙන විදියට යොදාගන්න පුළුවන් උනා.

අද තරුණ කාන්තාවක් වන මැය (විනාඩි 14 ත්ප්පර 37 ) අප්‍රිකාවේ මෙවැනි පාලනයක් මගින් ප්‍රයෝජන ගන්නා ආකාරය කියා දෙනවා මෙහිදී විශාල රංචුවක් ලෙස විවිද ස්ථාන වල සතුන් තබාගත්විට මෙම ස්ථාන වල කරන ලද ගොවිතැන් වලින් ඉතා හොද පලදාවක් ලබාගන්න පුළුවන්, දැන් බලමු මෙහි ප්‍රතිපල (විනාඩි 15 ත්ප්පර 5 ) මෙය සිම්බාබ්වේ වල ඉඩමක් මේ ඉඩම මාස 4ක වර්ෂාවකින් පසුව වියලි කාලයකට යමින් තියනවා, ඔබට පේනවා ඇති මුළු වැසි ජාලයම මේවනවිට වාෂ්ප වී අවසන් ඔවුන්ගේ ගංගාව වියලි ගිහින් වර්හ්සාව ඉතා මෑතකදී ලැබුනත් අපට සිටිනවා 150000 මිනිසුන් ස්ථිර ආහාර ආධාර  ලබන්නන් වී සිටි, දැන් අපි යමු අපේ ඉඩමට මේ ලගම තියන එකම දවසේ එකම වර්ෂාව ලද (විනාඩි 15 ත්ප්පර 37)බලන්න තණකොළ ගස් සතුන් සියල්ල ඉතා හොද තත්වයේ පවතිනවා අපට කිසිම බයක් නෑ වියලි කාලය ගැන (විනාඩි 15 ත්ප්පර 53 ) 

අප මෙය කලේ අපේ ගවයන් සහ එළුවන් 400% වැඩිකිරීම මගිනුයි. තවදුරටත් අලි, මිහාරක් වැනි සතුන් සහිතව සිදුකල මේ වැඩසටහන කිරීමට පෙර අපේ ඉඩම පැවතියේ (විනාඩි 16 තප්පර  20) මේ ආකාරයෙන් මෙය 2004 දී ගත් චායරුපයක්  මෙය විවුර්ත වගේම නායයාමෙන් වසර 20ක් පැවතුන අතර  බලන්න ලකුනුකල ගස අප සතුන් යොදාගැනීමෙන් පසු පැවතියේ (විනාඩි 16 ත්ප්පර 29 ) ලෙසයි, තව උදාහරණයක් (විනාඩි 16 කුත් තප්පර 33 )  ඉන්පසු සතුන් යොදාගැනීමෙන් පසු වෙනස බලන්න (විනාඩි 16 ත්ත්පර 43 ) දැන් මේ කොටසේ අලින් සිටිනවා.

මේ ඉඩම් තියෙන්නේ මෙක්සිකෝවේ (විනාඩි 16 තත්පර 55 ) ඉතා නරක තත්වයේ මේ ඉඩම දැන් බලන්න (විනාඩි 17 යි ත්ත්පර 2 යි ) ඉතා සශ්‍රික වී ඇති ආකාරය.

මම කෙරු කාන්තාරයේ පවුලකට උදව් කළා 1970 දශකයේ ඔබට දකුණින් පෙනෙන කාන්තාරය (විනාඩි 17 යි ත්ප්පර 19)
දැන් ඔවුන්ගේ මුණුබුරන් සිටින්නේ මේ ආකාරයට දියුණු කල වටපිටාවක් තුලයි බලන්න ඇස් අදහාගැනීමට නොහැකි වෙනස (විනාඩි 17 යි ත්පර 28 ) ඔබට පෙනෙනවා ඇති තුන්වන පරම්පරාව සතුටින් සිටින ආකාරය, (17 විනාඩි ත්ත්පර 48 ) ඔබට පෙනෙනවා ඇති පටිගොනියාවේ  වනාන්තරයක් කාන්තාර වී ඇති ආකාරය මැද සිටින්නේ ආර්ජන්ටිනාවේ පර්යේෂකයකු වන ඔහු වාර්තාගත කර තිබෙනවා පරිසරයේ වේගවත් පරිහානිය දිගටම බැටළුවන් වර්දනය කරන ආතර ඔවුන් බැටළුවන් 25000 එක රළට එකතුකරන ලද අතර ඔවුන් ගණනය කරනවා 50% ඉඩමේ වර්දනයක්.
තවදුරටත් අප්‍රිකාවේ තෝරාගත් කොටසක එකම බලපොරොතතුව මෙම ක්‍රමය බව සදහන් වෙනවා   මොකද 95% පමණ ප්‍රදේශයක මිනිසුන්ට ආහාර ගැනීමට හැක්කේ සත්ව මාංශ පමණයි, මම ඔබට නැවත මත්ක්කරනවා මම කියන්නේ  ලෝකයේ විශාලම ඉඩම් ප්‍රමාණය බව, අප සිදුකරමින් පවතින්නේ දේශගුණික වෙනස්කම සිදුකිරීම පොසිල ඉන්දන වලින් කරන වෙනස් කිරීමට සමාන හෝ ඊටවඩා වැඩි වෙනසක් කරන බවයි   නමුත් නරකම දේ මෙනිසා කුසගින්න, දිලිදුබව, ප්‍රච්න්ඩ කරිත්වය  සහ යුද්ධය මෙනිසා මුහුණ දීමට ඇති ප්‍රරශ්න වී ඇත.

අපි මේගැන අවදානය යොමු නොකලොත් පොසිල ඉන්දන ඉවර වීමෙන් පසුවත් අපට මේ දේශගුණික වෙනස් වීමෙන් බේරිය නොහැකි වනු ඇති  

  මම හිතන්නේ මම ඔබට පෙන්වාදුන්න සොබාව දර්මය සමග වැඩකිරීමෙන් ඉතා අඩුමුදලකින් මේ ප්‍රශ්නය විසදන ආකාරය අප දනය්ටමත් හෙක්ටයාර මිලියන 15ක මෙය කරමින් පවතිමු, කාබන් ගැන දන්නා අය එකගවෙනවා මේ ක්‍රමය මහින් අහිතකර කාබන් ඉතා ආරක්ෂිතව පෘතුවිය අබ්යන්තරයේ ත්ම්පත් කරන ආකාරය එය ලොව තණකොළ ඇති කොටස් වලින් බාගයක වගා කලොත් අපට කාර්මීකරණයට පෙර තිබු පරිසර තත්වයට යාහැකි වනු ඇති මිනිසුන්ට ආහාර දෙන ආතර මට මිට වඩා හොද කිසිවක් මටත් ඔබේ දරුවන්ටත් මිනිස් සමුහය වෙනුවෙනුත් සිතිය නොහැකියි.

මෙහිදී ප්‍රශ්නයක් අසනවා :- ඔබ මුලින්ම කාන්තාරයට සතුන් ගෙන ඒමේදී කොහොඅද එම සතුන්ට කන්නදුන්නේ?

පිළිතුර : - අප මෙය දිර්ගකාලයක් සිට කලා නමුත් එකම අවස්තාව අපට ආහාර දීමට සිදුවුණ ක්‍රමය අමුත්යි මොකද මයිල 100ක පරාසයදී තණකොළ ගසක් ඇති පරිසරයක් සොයාගැනීමට අපහසු වුනා නමුත්  සතුන්ව හසුරවපු වඩ පිලිවලින් සාර්ථකව කල හැකි උනා.
     

     

 
                

    
        

  

Wednesday, April 13, 2016

රසායනික සමාගම් වෙනුවෙන් හෙලුවෙන් කඩේ යන වික්ටර් අයිවන්.



ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ මොළ හෝදන ජන මාධය



මගේ ලිපිය කියවීමට පෙර කරුනාකර වික්ටර් අය්වන් ගේ මේ ලිපිය කියවන්න
http://ravaya.lk/?p=13095

දැන් මම ඔහු කරන මුලාකිරිම  පෙන්වාදෙන්නම්

01.
රාවය උපුටාගැනීම "හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන්නේ කිලෝ ග‍්‍රෑම් 198ක් පමණය. නවසීලන්තය හෙක්ටයාර් එකක් සඳහා පාවිච්චි කරන රසායනික පොහොර ප‍්‍රමාණය කිලෝ 1700කි ලංකාවේ වකුගඩු ප‍්‍රශ්නයට හේතුව වී ඇත්තේ් රසායන පොහොර හා රසායන පළිබෝධනාශක වේ නම් ලංකාවට වැඩියෙන් 34 ගුණයක් රසායන පොහොර පාවිච්චි කරන නවසීලන්තයට වකුගඩු ප‍්‍රශ්නයක් නාවේ ඇයිද යන්න එම මහාචාර්යවරයා නගන මූලික ප‍්‍රශ්නයකි. මේ ප‍්‍රශ්නයේදී ලංකාවේ කෘෂි විද්‍යාඥයන් දක්වන නිහඬතාව පෙනෙන්නට තිබෙන ලොකුම අවාසනාව ලෙස සැලකිය හැකිය. "

ඔහු රසායනික පොහොර වල සන්කයාලේකන ගැන කතාකරන ආතර කෘමිනාශක වල එම අගය ගැන කතා නොකරයි



විනාඩි 8 කුත් තප්පර  30 අත්හැර  බලන්න.

ලෝකයේ කෘමි නාශක පාවිච්චියෙන් හෙක්රයරයක් සදහා එකක 10 පැවතිය යුතු අගය ශ්‍රී ලංකාවේ පාවිච්චිය 187කි මෙය ලෝකයේ වැඩිම කෘමිනාශක බාවිතයයි.
ජැමෙය්කව දෙවැනි තැන ගන්නේ  171 ක් පාවිච්චියෙන්  කොස්ටාරිකාව 170කුත් ජපානය 162කුත් එල්සැල්වදෝරය 155 වැනි අගයක් ගන්නවා.

ඔහු ඉතා කපටි ලෙස මෙහි අන්තර්ගතයේ වගකීමෙන් නිදහස් වීමට යොදනලද අපුරු උපක්‍රමය "කැනඩාවේ ජීවත් වන ලංකාවේ මහාචාර්යවරයෙකු (චන්ද්‍රා ධර්මවර්ධන) මේ ප‍්‍රශ්නය ගැන ලියන ලද ලිපියක් මට කියවන්නට ලැබුණි. "

ලෙස කුලියට ලියන  තව මහාචර්ය වරයකු ගේ නමක් මගින් තමනට චෝදනාවක් පැමිණි විට  ගැලවීම නිර්මාණය කරගනී.

 02.

රාවය උපුටාගැනීම
"කාබනික පොහොර නිපදවීම සඳහා යොදා ගන්නේ විවිධ අසූචි වර්ග, මුත‍්‍රා වර්ග, ශාක කොටස් හා විවිධ අපද්‍රව්‍යයන්ය. ඒ මගින් මීතේන් හා කාබන් ඩයොක්සයිඞ් පරිසරයට මුදාහැරීමක් සිදුවේ. අනෙක් අතට පරිසරය දුගඳ කිරීම හා මැස්සන්ගේ වර්ධනයට එය හේතුවේ. ලංකාව සියලූ කෘෂිකාර්මික කටයුතු සඳහා කාබනික පොහොර යොදාගන්නා තැනකට ගියහොත් විය හැකි ප‍්‍රතිඵලය කුමක්ද? නිපදවන කෘෂි නිෂ්පාදනයේ පරිමාව පහළ වැටෙනු ඇත. කෘෂිකර්මයෙන් උපයාගත හැකි ලාභයද විශාල වශයෙන් පහළ වැටෙනු ඇත. මීතේන්වලින් හා කාබන් ඩයොක්සයිඞ්වලින් පරිසරය මහා පරිමාණයෙන් දූෂණය වනු ඇත. ඒ සමග රට මැස්සන්ගෙන් පිරුණු හා දුගඳ හමන රටක් බවට පත්වනු ඇත." 

පුදුමේ කියන්නේ මොහුට ජලයට කෘමිනාශක එක්වීමෙන් ඇතිවන විස වීම පස නිසරුවිමෙන් වන විනාශය ගැන නො තෙරිම්මයි.

මෙවැනි දෙයක් කියන්න පුළුවන් දේශීය කෘෂිකර්මය ගැන මෙලොදෙයක් නොදන්නා මෝඩයකුට හෝ ජනතාව නොමග හරින්න හදන කපටියකුට පමණයි.

මම කිසිවිටකත් වික්ටර් අයිවන් මෝඩයෙක් ලෙස සිතන්නේ නෑ  ඔහු ජනතාව නොමගහැරීමට උත්සාහ කරන කපටියෙක් බවනම් මට විස්වාසයි.

පහත දැක්වෙන්නේ ඉන්දියාවේ සොබාවික ගොවිතැන කරන ආකාරයයි. ඔබට පෙනෙනවා ඇති පරිසරය දුගද හමමින් මැස්සන් බහුලව සිටින තැනක් නෙමෙයි මේ පාරිසරික ගොවිතැන,

කොටස 01.


 
කොටස 2

මෙහිදී ඉන්දියානු ගොවි මහතා කියන්නේ අක්කර 30 සදහා අවශ්‍ය කරන ජීවම් මෘතම් නමැති ශුද්‍ර ජීවි දියරය නිපදවීමට උවමනා වන්නේ එක ගවයකුගේ මුත්‍රා සග ගොම බවයි.
මෙය නිපදවීමට වතුර ලීටර් 200ක බැරලයකට ගොම කිලෝ 10 දමා ගවමුත්රා ලීටර් 10 කුත් කිලෝ 2 ක් ධානය වර්ගයක පිටි (මට මේ කාන්තාව කියන දේ හරියට තෙරුන්නේ නැති නමුත් http://farminginthecity.blogspot.com/2015/04/preparing-jeevamrutham-and-fun-that.html මනින් සොයාහත්ත ) සහ කිලෝ 2කක් සක්කර (හෝ හකුරු ), පස් මිටක් යොදා   දවසට තුන්වරක් ඔරලෝසු කටුව කැරකෙන පැත්තට හැදිගාන්න, පය 48 උවමනකරනවා මෙය පිලියල වීමට සහ මේ සකස්කරගත් මිශ්‍රණය අදාළ බෝගය සකසන පොලවට දැමීම සතියක් තුල අවසන් කලයුතුයි.

කුබුරක්නම් අදාළ කුබුරට වතුර සපලන වතුර සමග මිස්රවීමට හරියි.  


මිට අමතරව මේ මිනිසුන් නොකියන කතාවක් තියනවා ඒතමයි වික්ටෙර් අයිවන් කියන "ලංකාවට වැඩියෙන් 34 ගුණයක් රසායන පොහොර පාවිච්චි කරන නවසීලන්තයට වකුගඩු ප‍්‍රශ්නයක් නාවේ ඇයිද යන්න එම මහාචාර්යවරයා නගන මූලික ප‍්‍රශ්නයකි."

කතාව විශ්ලේෂණය කල යුතු වෙනවා වකුගඩු රෝගවලට හෙතුවන්නේ ආසනික් අද පවන්තින පොහොර සහ කෘමිනාශක වල අදික ලෙස මෙය පවතිනවා, මේ ආසනික් කිවුල් ජලය සමග සංයෝග වූ විටයි වකුගඩු රෝග උත්සන්නව  ඇති වන්නේ නමුත් සාමාන්‍ය මට්ටමට් පැවතුනත් විවිද රෝග තත්ව වලට මුහුණ දෙන්න සිදුවෙනවා.

ටිකක් හිතන්න අද පුද්ගලික ආරෝග්‍ය ශාලා සදහා විසාල ඉල්ලුමක් පවතිනවා වගේම වේගයෙන් පුද්ගලික ආරෝග්‍ය ශාලා බිහිවෙනව,අද අපට නව තක්ෂණය ලැබී ඇත්නම් සහ මිනිසුන්  රෝග සුව කර ගන්නවානම් පුද්ගලික අංශයට මෙවැනි ඉල්ලුමක් ලැබුනේ කෙසේද ? ඊට ගෙතුව මුළු රටම ලෙඩුන් බවට පරිවර්තනය වෙමින් පවතින  බවයි.

මිට වසර 15  ට පෙර කුඩා දරුවන් අතර දියවැඩියාව මෙතරම් නොතිබුණි  දැන්  අවුරුදු 10 වස්වල දරුවන්ගෙන් 10% දියවැඩියා රෝගින් වුයේ කෙසේද ?
බොහෝදෙනා කියයි ඊට හේතුව දරුවන් ශරීරය වෙහෙසා සෙල්ලම් නොකිරීමයි කියල (එකේ තරමක ඇත්තක් තිබුනත් ) දවසම ශරීරය වෙගෙසන ගොවියන්ටත් මේ රෝග තිබිමෙන් පැහැදිලි වන්නේ මෙය ට ආහාරමය ගෙතුවක් ඇති බවයි  

මේවාට මේ සමාගම් වල ඉහල නිලදාරීන් කිසිදු ලැජ්ජාවක් නැතිව බොරුකීමට පෙලබෙයි


මෙහි සිටින්නේ මොන්සේන්ටෝ සමාගමේ ග්ල්ය්ෆොසෙට් ප්‍රවර්දකයෙක් ඔහු කියනවා ඔහු ආර්ජන්ටිනාවේ පිළිකා ඇති වීමට ග්ල්ය්ෆොසෙට් බලපා නැති බවත්, එසේ කියා ඔහු කියනවා ග්ල්ය්ෆොසෙට් කාලක් පමණ බිව්වත් කිසි හානියක් නැතිබව, මේ අවස්ථාවේදී වැඩසටහන් හසුරවන්නා අසනවා අපලග තියනවා ග්ල්ය්ෆොසෙට්  ඔබ කැමතිද බිල පෙන්වන්න කියල, ඔහු එකවර කියන්නේ තමන් මෝඩයෙකු නොවන බවයි.    
 
කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට අපට නොහැකියි කාබනික පොහොර නිපදවන්නේ ශුද්‍ර ජිවිනුයි.
අපට හැක්කේ කාබනික ද්‍රව්‍ය සැපයීම පමණයි.  මෙහිදී ශ්‍රී ලංකාවට ටොන් ගණනින් කාබනික ද්‍රව්‍ය යෙදීම ප්‍රායෝගික නෑ.  


මෙහිදී අප තේරුම් ගතයුතුයි පසේ N P K ලෙස හදුන්වන නයිරජන්, පොස්පරස් සහ පොටෑසියම් මේ ම සුද්‍රජිව් දියරය මගිනුත්, ගිනිසීරියා පත්‍ර  වැනි ශාක පත්‍රත් යොදාගන කුබුරට දැමීම කල හැකියි. මෙමගින් උවමනා  පොහොර  ඕනැතරම් ලබාගත හැකියි. 

මෙහිදී අපට කොම්පෝස්ට් පොහොර ටොන්ගනනක් දීමට උවනමා නෑ, මෙහි වැදගත් කම වනේ අදාළ පසේ සුද්‍රජිවී ක්‍රියාකාරිත්වය පටන්ගත් විට සහ දේශීය බිජ යොදාගැනේ නම් ලැබෙන අස්වැන්න රසායනික පොහොර දමා විනාශකරන ලද පසකින් ලැබෙන අස්වැන්නට වඩා බෙහෙවින් වැඩි බවයි.

මෙහිදී අප බිජ ගැන දැනුවත් වියයුත්තේ අද මහාපරිමාණයෙන් පවතින බිජ නිපදාවා ඇත්තේ මොන්සේන්ටෝ සමාගම සහ වෙනත් බිජ නිපදවන බහුජාතික සමාගම් වලිනුයි. (අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇත්තෙත් බොහෝවිට මේ බිජයි ) මෙනිසා මේ  දේශීය බිජ වගාවට සොයාහැනීම බෙහෙවින් අපහසු වැඩකි.

දැනට තිබෙන ජාන වෙනස් කල බිජ සදහා වැඩි වතුර ප්‍රමාණයකුත් අදික වසවිස ප්‍රමාණයකුත් උවමනා වෙනවා යම්විදියකින් මේ බිජ කාබනික පොහොර යොදා වවන්න ගියොත් අන්තිම අසාර්ථකයි.

මේ හේතුව නිසා පැරණි දේශීය බිජ අපට උවමනා වෙනව මේවාගේ ගුණයත් අස්වැන්නත් අදික වන ආතර කෘමි හානි අවමයි යම් කෘමි හානියක් පැමිණියොත් කොහොබ වැනි ශාක වලින් සකස්කරන ලද දියරයක් ඉසීම ප්‍රමාණවත්, මේ ගොයම් ගසුත් විශාලයි මෙනිසා වල් පල වලින් හානි සිදුවෙන්නේ නෑ 


03.



ඉහත දැක්වෙන්නේ අර්සනික් මගින් වන විනාශය ගැන පැහැදිලි කරන දේශනයක් බොහෝදෙනා මෙවැනි පැය ගණන් වන දේශනා ඇසීමට ප්‍රිය නෑ, හේතු කීපයක් මත 01. Data ඉවරවෙයි කියන බයට සහ 02. කාලය පිළිබද ප්‍රශ්නයට.

මටනම්   Data ගැන ලොකු කරදරයක් නැතත් කාලය ගැන ප්‍රශ්නයක් තියනවා හැබැයි මම ඔබ බොහෝදෙනා අනුගමනය කරන ක්‍රම වලට වඩා වෙනස් ක්‍රමයක් පාවිච්චිකරනවා කාලය සොයාගැනීමට, මම බොහෝවිට රුපවාහිනි බැලීම වසර 20 ක  පමණ සිට නොකරන ආතර වැදගත්ම වැඩසටහන් බලන්නේ youtube වලට දමල තියනවනම් පමණයි.

මේ ක්‍රමය නිසා ඕන දේත් එපා දේත් බැලීම ට මට සිදුවෙන්නේ නෑ.
   

දැන් නැවතත් මාතෘකාවට යොමුවුනොත් මේ වැඩසටහනේ ඉතා වැදගත් දෙයක් Dr Andrea Foster (

Geochemist _)

 

මෙහිදී වැදගත් කරුණු කීපයක් පෙන්වාදෙනවා බලන්න 57.19 (විනාඩි 75කුත් ත්ප්පර 19 )

 කියනවා  සමහර පැළෑටි තියනවා ආසනික් අදාළ පැලයට උරාගන්නවා තවදුරටත් 01:00:38

(පැය 1 තප්පර 38 දී ) අසන්නේ ආසනික අන්තර්ගත කෘමිනාශක පාවිච්චි කරනවා 

කොහොමද එතකොටඉවත්කරන්නේ කියල මෙහිදී ඇය පිලිගන්නවා ඇමරිකාවේ වෙනත් 

කොටසක මෙය පාවිච්චි කලත්  හැමතැනම පාවිච්චි නොකරන බව, දැන් ශ්‍රී ලංකාවට අදාළ 

මෙන්න මේ කොටසයි මොකද ආසියාවේ රටක් වන අපි මේ අසනික් අඩංගු කෘමිනාශක 

පාවිච්චි කරනවා.


මිට අමතර මේ දේශනයෙන් කියවුනා ආසනික් පොලවේ විවිද ආකාරයෙන් තිබෙන බවත් මේ අසනික් අපට

හානි නොකරන බවත් නමුත් සමහර රසායනික ක්‍රියාවලි නිසා අවුරුදු දහස් ගණනක් පොලව

 තුල තියන ආසනික්  ජලයට දියවිය හැකි බවත්, මේ රසායනික ක්‍රියාවලි ඇතිවීමට අප පසට 

එක්කරන කෘමිනාශක කොතරම් හේතුවී ඇද්ද යන්න කිසිදු පර්යේෂණයක් මෙවනත්ක් රජය 

සිදුනොකරයි.



ඉහත අබියෝගය ජයගත හැකිනම් අපට මේ වසකන ජිවනක්ර්මය නැතිකර් ගැනීමට හැකියි.  

Saturday, April 9, 2016

ශ්‍රී ලංකාවේ දේසපාලන වියදම

ශ්‍රී ලංකාවේ දේසපාලන වියදම




ගයන්ත කරුණාතිලක ඇමති කියන්නේ "දැනට අමත්යමන්ඩලයේ 92 ක් ඉන්නවා එකතුවෙන්න කැමති ඕන කෙනෙකුට ඉඩ." ලෙසයි !

W A විජේවද්දන හිතපු මහබැංකු වේ නියෝජ්‍ය අදිපති තුමාට අනුව එක ඇමතිකෙනෙක් නඩත්තු කිරීමට මසකට රුපියල් ලක්ෂ 50 ක් වැනි මුදලක් 2007 වැනි ඈත කාලයේ වියදම් කර ඇත. එනම් වසරකට ලක්ෂ 600කි වැනි මුදලක්, දැනට වසර 9 ට පෙර අප දරනලද බවයි.

මෙහිදී ඔහු ඉතා වැදගත් කාරනාවක් පෙන්වාදෙයි එනම් අමාත්‍යංශ වැය  ශිර්ෂ වල මේ මුදල් සැගවී ඇතී ආකාරයයි.

මා මිට කලකට පෙර සදහන් කලේ ඇමැතිවරයකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 30ක් වත් මේ රටේ වියයුතු බවයි නමුත් අප සිංගප්පුරුව වැනි ආදර්ශයකට යන විට ඇමතිවරයකුට ආරක්ෂාව ලබාදෙනවා නම් අදාළ ආරක්ෂක වියදම දැරිය යුත්තේ අදාළ ඇමතිවරයයි මේ නිසා රටට දැනීමට වන වියදම අවම වෙන අතර මේ ඇමති වරු තමන්ගේ වාහනය පදාවා යෑමට පෙලබෙනු ඇති.

මා මේ යෝජනාව ලලවිට බ්ලොග් ලොවේ හොදයි කිව්ව කිසිවෙක් නැති තරම් නමුත් ප්‍රායෝගිකව සිදුවෙන්නේමම යෝජනා කලමුදල් වගේ දහස් ගුණයක් වියදම් වීමයි.

ඉහල වැටුපක් ලබන විට නිතැතින්ම මේ දෙසපාලනයයන් කුමන දුර්වලතා තිබුනත් තම රටේ ජනතාව ඉදිරියට යාමේදී හ්ර්ධ සකශියට අනුව නැවත නැවත තමාටම චෝදනා කරගනිමක් කරනවා තමන් ගෙන් සේවයක් උනේ නැත්නම්.

අද ඔවුන් එන්නේ විශාල වියදමක් දරල මෙනිසා ඔවුන් කිසිවිට මෙවැනි මානසික මට්ටමකට පත්වන්නේ නෑ.

ඉහත සාකච්චාවේ බන්දුල ජයස්සේකර මහතා පෙන්වාදෙන්නේ තමා ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යංශයේ සේවය කරන කාලයේ බැසිල් රාජපක්ෂ නමැති ශ්‍රී ලංකාවේ මහරජ්ජුරුවන්නේ සොහොයුරු පැමිණි විට ඉතා සුකොපබෝගී හෝටලයක වාසය කර ශ්‍රී ලංකාවට පිටත්වී යාමට එද්දී ඔහුට Business class  වලට ටිකට් ශ්‍රී ලංකාවේ රජයේ වියදමෙන්  සුදානම්  (ස්තුති රසික වරද පෙන්වාදුන්නට ) කලවිට අප බැසිල් තුමා තමාට උවමනා first class යාමට බව දන්වා අදාල වෙන්කරගැනීම කලවිට ඔස්ට්‍ර්ලියාවේ විදේශ අමාත්‍ය නිලදරිනිය අසා ඇත්තේ කොහොමද ඇමතිවරයකු first class යන්නේ අපේ රටේ නම් මෙය සිදුවෙන්නේ නෑ කියල එවිට බන්දුල මහතා නිරුත්තර වූ බව සදහන් කරනවා.

මම හිතනේ අද සියල්ලම පහසුවෙන් පරිගණක ගත කරන ලද යුගයක සිටින අපට අමත්යන්සයක සියලු වියදම් බලාගැනීමට වෙබදවියක් මගින් සිදුකල හැකිනම් වංචා සිදු උනත් මෙපමණ වෙන්නේ නෑ යම් හෝ පලදයිතාවයක් අපට ලැබෙනවා.

අද තක්ෂණය කොපමණ දිවුණු දැයි දැනගැනීමට https://www.truecaller.com/ වැනි අඩවියක ඔබේ මිත්‍රයකුගේ අංකය ඇතුලත් කර බලන්න බොහොදුරට ඔහු හෝ ඇයගේ නම සොයාගත හැකියි.

මෙවැනි යුගයක සියලු අමත්යන්ශවල කරන වියදම් වල විස්තරයක් ලබාගැනීම කල නොහැකි බව කියනවනම් මොනතරම් විහිලුවක්ද ?

Thursday, April 7, 2016

වස කඩේ මුදලාලි සරනං ගච්චාමි !!




දෙවන කොටස 



ලෝකයේ කෘමිනාශක වෙළදාමෙන් (වස වෙළදාමෙන් ) සිදුවන විනාශය සහ අප ආහාරයට ගන්න වසවල තත්වය, ගැන කරන ලද අපුරු විස්තරයත් ඉහත සිංහලයට පරිවර්තනය කරන ලද BBC ආයතනයේ 

Earth Report අනුසාරයෙන් නිපදවී ඇත .




  මේ කතාව ඇසීමට පෙර අප දැනුවත් විය යුත්තේ මේ වනවිට ලෝකයේ වැඩිම කෘමිනාසක බාවිතා කරන රට ශ්‍රී ලංකාව බවයි.



ප්‍රමාණයෙන් බැලුවහම හෙක්ටයාරයකට එකක 10 ගැසිය යුතු රසායන ද්‍රව්‍ය අද වනවිට එකක 185 වැනි සිතාගත නොහැකි ප්‍රමාණයක් වගාවට යොදන රටක් වි ඇත.



 



දැන් වැඩසටහනට යොමුවෙමු සෑම වසරකම පලිබෝදනාෂක විෂවීමේ අනතුරු දශලක්ෂ 25 ක් සිදුවන වාතාවරණයක් තුල මේ සන්කයා ලේකන සියල්ලම වාර්තා එන්නේ දියුණු රටවල සිදුවූ අනතුරුයි එනම් අපවැනි රටවල සිදුවන අනතුරු කිසිදු සන්කයා ලේකනයක් මෙම වාර්තා වල ඇතුලත් නොවෙයි, මෙහිදී වුර්තිය අනතුරු වලින් 14% පලිබොඩ විෂවීම වන අතර ගොවීන්ගේ මරණ වලින් 10%ට හේතුවත් පලිබොද විෂවිමයි.


 



නමුත් හානියේ සැබෑ තත්වය වන්නේ ඉහත සන්ක්‍යා ලේකන වලින් අනාවරණය නොවන්නේ මේ සන්ක්‍යා ලේකන අදාළ වනේ දියුණු ලෝකයේ රටවලට නිසා.



 



මෙහිදී පැරතියොන් නමැති ඉතාවිෂ සහගත රසායනය කාම්බෝජයේ අලවි කල විට එහි ගොවින් කිසිම ආරක්ෂක විදික්රමයක් නොමැතිව බාවිතයට ගන්නා ආකාරය පෙනවාදෙයි.



 




කාම්බෝජයේ ගොවිතැන් කරන සියලු දෙනාම පාහේ පලිබොද නාශක විෂවීමට ලක්වී තිබීම සාමාන්‍ය වන ආතර 40% පමන වමනය දාපු බව සදහන් වේ 



 



මේවා පාවිච්චිය ගැන සැලකීමේදී  අකුරු කියවිය නොහැකි පුද්ගලයන් මේවා පාවිචිචි කරනු ලබයි,  කිසිදු අත්වැසුම් පාවිච්චියකින් හෝ නිවැරදි මත්රාවකින් තොරව අධිකව කුබුරු වලට මේ විස යොදනු ලබයි ඉන්පසු ගමටම පොදු වැවෙන් මේ විස සහිත ටැංකිය  සෝදා දමනවා.




 



මෙහිදී ඔගේනෝ පොස්පෙට් නමැති රසායනිකය හානි කරන්නේ ස්නායු පද්දතියටයි, මෙනිසා නුරුස්සන බව නින්ද නොයාම වමනය ඇවිදීමේ අපහසුව, පාලනයක් නැතිකම අධික ලෙස දහදිය දැමීම, හුස්ම ගැනීමේ අපහසුව පාචනය යටිබඩේ මස්පිඩු පෙරලීම අවසාන ලෙස ඇටමිදුළුවල වේදනාව ඇති වෙනවා.



 



මෙහි ලස්සනම දේ පැය 14 ට කලින් බෙහත් විදින ලද බෝගයේ පලදාව නෙලීමට යනවිට අදාළ කුරුමිණියා පණපිටින් සිටීම මගින් පෙන්වන්නේ මේ විෂට කුරුමිණියා පුරුධු වීමයි. දැන් ඔවුන් මැරීමට ඊට වඩා අධික විස උවමනා කරනවා.



 



තවදුරටත් පුහුදු වැඩසටහනකදී ඇස් කැසීමේ සහ පෙනීමේ අපහසු තා හැමෝටම වගේ තියනවා, ගොවින් අතරින් 3 දෙනෙකුට වමනය තියනවා, 10 දෙනෙකුට ඔක්කාර හුස්මහනිමේ අමාරුකම්, හිතල හැදීම පිටදිගේ දහදිය දැමීම තිබෙනවා.



 



මෙහිදී පලිබෝධ නාශක 5ක් එකට මිශ්‍ර කර බෝග වලට ඉසීම කරයි  අත්වැසුම් නැතිව කෘමිනාශක මිශ්‍ර කිරීම වැනි බයානක දේ මොවුන් සිදුකරනවා.



 



මෙහිදී වැඩියෙන් පලිබෝදකයන් බෝවෙන අතර වැඩියෙන් බෙහේත් ගැසීම  කරයි ඉන්පසු තව පලිබෝධිතයන් බෝවෙන අතර තව වැඩියෙන් බෙහෙත් ගැසීම කරයි මෙය සුදුවක් ලෙස වැඩිවැඩියෙන් බේහෙත් යෙදීමකිරීමෙන් ගොවීන්ගේ ආර්ථිකයත් ඔවුන්ගේ සවුක්යත් රටේම පසත් ලැබෙන පලදාව විසවිමත් යන සියල්ල එකවර සිදුවෙයි. 



 



මෙහිදී 



01. පලිබොඩ නාසක සදහා ආරක්ෂක ඇදුම්  උණුසුම වැඩිනිසා අදින්න බෑ



 



02. ප්ලාස් ටික නිසා මේ ඇදුම  ඉතා පීඩාකාරීවගේම හුගදෙනෙකුට ඇත්තෙත් නෑ



 



03.   මුදල් දිල ගැනීමට වත්කමක් නෑ



 



මෙහිදී මේ මෝඩ මිනිසුන් පලිබොඩ නාශක යෙදුවහම තමන් නවීන සමාජයේ බව සිතනවා, මෙය මානසිකවත් එක්තරා තත්වයක් ගොවීන්ට ලබාදෙනවා.



 



පොලිඩොල්, මෙරින්ෆොසේ, මිතයිල් වැඩියෙන් අලවිවෙන්නේ මේ වටපිටාව තුලයි.



 



 බෝංචි වැනි වගාවල ඉතා විශාල ලෙස මේ විස යෙදීම කරනවා විෂ වීමට ලක්වුණ ගොවියෙක් කියන්නේ 



 



"මම එළවලු කොටුවේ ඉන්නකොට දහදිය දැමීම දැනුන මට ඇවිදගන්න බැරිව ගියා, ගෙදර ගියගමන්ම වමනේ දාන්න ගත්ත, ඉක්මනින් බෙහෙත් ගන්න දොස්තර ගෙදර යන්න උනා. මට වෙන විකල්පයක් නෑ මට පලිබොද නාශක යොදන්න වෙනවා "



 



මෙහිදී කාම්බෝජ්යානු බාෂාවෙන් මේ උපදෙස් මුද්‍රණය වී නෑ , මේවා ගෙදර තබාගන ඉන්නේ නිදනකාමරේ හෝ කෑම කන කාමරේ.



 



හාල් සහ DDT තබා තිබෙන්නේ එකම තැනයි.    



 



තවදුරටත් රෝග ගැන බැලීමේදී සමේ රෝග, සමේ කැසීම ඉඳගෙන සිටෙමේ අපහසුව නින්ද නොයාම කල්පනාව නැතිකම, වැනි රෝග රාශියක් ඇතිවී ඇත්තේ  දිගකාලයක් පලිබොඩ වලට නිරාවරණය වීමෙන් බව ව්යිද්යවරු පෙන්වාදෙයි. 



 



මෙහිදී කරන ලද සංගණනයකින් තහවරු උනේ සෑම 3 දෙනෙකුටම එක පුද්ගලයෙක් විසවිමට ලක්වුණා .



 




මෙහිදී EARTH REPORT - 2 හි විනාඩි 4 කුත් ත්ත්පර 40 ක් ගිය තැන සිදුවී ඇති හමේ රෝග පෙන්වනවා.



 



 කාම්බෝජ රජය මෙය සැලකිල්ලට නොගනී,මේගැන පුදුම වියයුතු නෑ අප ශ්‍රී ලංකාවේ බැලුවත් මැස්සන් වහන අපිරිසිදු මාළු පාන් එකක් විනාශ කරන ආහාර පරීක්ෂක වරු අධික ලෙස වසගන මෙවැනි එළවලු විනාස කිරීමට ක්‍රියා නොකරයි, ඔබ මෙයට කියයි අපට තක්ෂණය නෑනේ කියල 



 



 



ඉහත තක්ෂණය බලන්න ඉතා අඩුමිලට මෙවැනි උපකරණ මගින් වසගසන ලද ආහාර හදුනා ගන්න පුළුවන්.



 



ප්‍රශ්නය මේවා හදුනා ගැනීම නෙමෙයි යම්විදියකින් මේ පර්යේෂණ කලෝතින් අද වෙලදපොලේ තියන ආහාර වලින් 95% පමණ ඉවත් කල යුතු වෙනවා.



 



නමුත්  විශාල ලෙස සොබාවික සහල් වර්දනය වූ විට රජයට  මෙම තක්ෂණය  පාවිච්චි කල හැකියි, එවිට සියලු දෙනා "වස විස නැති" කෙසේ වෙතත් වසවිස අඩු ගොවිතැනකට යොමු කල හැකියි.