Sunday, February 28, 2016

PAYPAL පහසුකම වෙගයෙන්න්ම ලබාගතහැකි ක්‍රම සහ ඉංග්‍රීසි භාෂාව අවම හැකියාවක් ඇති දක්ෂ උපාධිදාරින්ට විදේශ රැකියා ඇතිකිරීම.





මෙය ලිවීමට පෙලබුනේ මාතා ලියපු කොමෙන්ටුවක් ගැන කල්පනා කිරීම තුලින්
{ මේවා නොකර ගොඩ එන විදියක් කියන්නකෝ අර පේ පැල් වගේ...
එතකොට අපි ඒවා යොමු කරන්නම් දන්න කියන අයට..  }

මෙහිදී යෝජනා 2 ක් කිරීමට තිබේ මෙහි ප්‍රථම යෝජනාව නම් හොදම විකල්පය වන අතර මෙය පිළිබද නීතිමය බාදා ඇතිවීමට ඉඩ තිබේ, නමුත් දෙවැනි විකල්පය නම් කිසිදු නීතිමය ප්‍රශ්නයක් හට නොගනී.
01.   අද වනවිට තවම PAYPAL මගින් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවලට මුදල් ගැනීමේ පහසුකම ඇති කිරීමට අපහසු වී ඇත, මිට හේතුව ශ්‍රී ලංකාවේ මහබැංකුවේ නිලදාරීන් සහ දක්ෂ පරිගණක මෘදුකාංග කරුවන් එකතුව කරන මෙම වැඩපිළිවල සදහා ඉතා විශාල කාලයක් ගතවිය හැකියි. අපට යාහැකි හොදම විකල්පය නම් එංගලන්තයේ ඇති ශ්‍රී ලංකික බැංකුවක පහසුකම ලබාගනිමයි,
මේ වනවිට ලංකා බැංකුව සතුව Bank of Ceylon (UK) Ltd ලන්ඩනයේ පවත්වාගන යන ශාකාවක් පවතිනවා, ශ්‍රී ලාංකිකයන්ට මේ ශාකාවේ විදේශ ගිණුම් විවුර්ත කිරීමට පහසුකම් ලබාදුන්නොත් අපට මුදල් කෙලින්ම මෙම ශාකාවට paypal මගින්  ගෙන්වාගෙන  කෙලින්ම ශ්‍රී ලංකාවේ තම ගිණුමට ගෙන්වා ගත හැකියි.
ප්‍රශ්නය නම් අපට ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජදනියේ මෙම ගිණුම ආරම්භ කිරීමට පහසුකම් ඇද්ද සහ එය එංගලන්ත නීතියට අනුකුලද යන්නයි.

02.   ක්‍රමය නම් ශ්‍රී ලංකාවේ රජයේ සමාගමක් එක්සත් රාජදානියේ හෝ ඇමරිකාවේ පිහිටවිමයි මෙම ආයතනයට පහත සේවාවන් ලෝකයේ ඕනෑම රටකට ලබාදිය හැකියි
(I)                 පරිගණක ආදාරයෙන් ගෘහ නිර්මාණ සැලසුම් සකස් කිරීම :-
මෙහිදී ශ්‍රී ලංකා රජයට සිදුවෙනවා ඉතා හොද ඉංග්‍රීසි දැනුමක් ඇති තරුණ තරුණියන් 300 ක් පමණ පුහුණු කරනු ලබනවා, ඔවුන්ගේ එකම කාර්ය ගැනුමකරුට  ට උවමනා ගෘහ නිර්මාණ සැලසුම ඇදීම ට උවමනා මුලික සාකච්චාව පැවැත්වීමයි , ශ්‍රී ලංකික නියෝජිතයත් විදේශීය ගනුම්කරුවත් අතර වන සංවාදය පටිගත වන අතර අදාළ සංවාදය අවසානයේ අදාළ හඬ පටය ශ්‍රී ලංකික (ඉංග්‍රීසි දැනුම අඩු නමුත් AUTDESK මෘදු කාංග පිළිබද හසල දැනුමක් http://www.autodesk.com/industry/architecture-engineering-construction/architecture-design
ඇති නිර්මාණ කරුට සිංහලෙන් පැහැදිලි කරනු ලබනවා )
දැන් අදාළ පැහැදිලි කිරීම මගින් දැනුවත් වූ  නිර්මාණ කරුට තියෙන්නේ තම සැලසුම නිර්මාණය කිරීමයි මෙවැනි සැලසුම් සදාහා පහසුවෙන්ම රුපියල් 100,000 සිට 1000,000   වැනි මුදලක් අයකළ හැකියි)

දැන් බලමු මේ අයට උවමනා සුදුසුකම් සදාහා යන වියදම.

ශ්‍රී ලංකාවේ සරසවියකින් උපාදියක් ලබා තිබීම (ඔව් අර කදුළු ගෑස් ගහපු 30000 න් මේසදහා උවමනා අය තෝරාගත හැකියි )

දැන් මේ මෘදුකාංග පිළිබද පුහුණුව ලබාදෙන ආකාරය බලමු, නිකම්ම හතු පිපෙනවා වගේ ඇතිකළ මෘදුකාංග උගන්වන තැන් වලින් අපට වැඩක් නෑ, අන්තර්ජාතික මට්ටම සදහා අන්තර්ජාතික ක්‍රම උවමනා කරනවා.

මෙවැනි වැඩසටහන් ඉංග්‍රීසි මාධයෙන් උගන්වන හොදම ක්‍රමය නම්

දැන් සාමාජිකයන්ට යන වියදම http://www.lynda.com/promo/trial/default.aspx?lpk35=8006&bnr=loginfreetrial_newsite

රජයට වසරක් සදහා ඩොලර් 5000 වැනි රුපියල් 730,000 වැනි මුදලකට පුද්ගලයන් 1000 ක් පුහුණු කිරීමට උවමනා විශේස පැකේජයක් ලබාගත හැකියි.

රජයට මේ වියදම නම් ටොෆි චොකලට් වියදමකුයි, උවමනානම් මේ වැඩසටහන් සිංහලයට පරිවර්තනය කල හැකියි (මම නම් බණ්ඩාර නායක ලොක්ක රටම සිංහල මාද්ය කරපු විනාසය ගැන ඇත්තේ පිළිකුලක් නමුත් අද වනවිට ජිවිත කාලයක් සිංහලෙන් ඉගනගත් මේ අය සදහා  වේගයෙන් මෙය මේ ළමයි වෙත ගෙනයන්න සිදුවෙන එකම විදිය තමයි මෙය )

මේක කිව්වහම මට මතක්වෙනවා 2001 දී මම ලංකාවේ සමාගමක වැඩ කරන විට අදාළ සමාගමට තිබුන එකේම ප්‍රවර්දන අංශයේ තමයි සියලුම ARTWORK සිදුකෙරුණේ, මේ කේ හිටිය පුද්ගලයෙක් මම හිතන විදියට ඔහුට තිබුනේ උසස් පෙළ පමණයි ඔහුට ඉංග්‍රීසි දැනුම ඉතාම අල්ප ලෙස තිබුනත් කියන දේ තේරුම් ගැනීමේ දැනුමක් තිබුනේ නෑ, නමුත් Computer Mouse මගින් cartoon ඇදීමට පවා ඔහුට හැකියාවක් තිබුන.

ඔහුගේ හැකියාව පුදුම එලවන සුළුයි ඉතා අඩු පඩියට වැඩකළ ඔහුට ඉංග්‍රීසි දැනුම තිබුනානම් ඒ කාලයේම රුපියල් ලක්ෂ 10 ට වැඩි ආදායමක් මසකට උපයාගැනීමේ හැකියාව තිබුන.

මෙහිදී මට මුන ගැසුන ඔහුට පුහුණු කල ගුරුවරයා, ඔහු ඒවනවිට අවුරුදු 19ක තරුණයෙක්, අන්තර්ජාතික පාසලකින් අඩුවයසෙන් London AL සමත්ව සිටි ඔහු ඒ වනවිට තම BSC උපාදියේ අවසාන වසර කරමින් සිටි බවයි මට මතක.

මේ තරුණයා ශ්‍රී ලන්කිකයක් උනාට වැඩිම කලක් ජීවත්වී තිබුනේ විදේශ රටවල, එයට හේතුව ඔහු ගේ මාපියන් විදේශ සේවයේ නිලදාරීන් වීම. සිංහල අකුරක් වත් ලියන්නවත් කියවන්නවත් නුපුළුවන් ඔහුට ඉතා හොදින් සිංහල කතා කල හැකි උනා.

මම ඒවනවිට ඇවුරුණු අවුරුදු 24 වූ මට ඔහුගෙන් ඉගනගත්  දේ බොහෝයි.    
මේ තරුණයාට තිබුන විශේෂ හැකියාවක් තමයි ඉතා සංකීර්ණ සංකල්ප සරල සිංහලෙන් ඉංග්‍රීසි වචනයක් නොදන්නා අයට කියාදීම, මගින් ඇති විශාල දක්ෂතා ඇති පිරිසක් ගොඩනැංවීම,
සිංහලයන් බොහෝදෙනාට තිබෙන කුක්හක කම සහ ඉර්ශියාව මම ඔහු තුලින් දැක්කේ නෑ.

ඔහු මට කියපු වැදගත් දෙයක් තියනවා ඒ තමයි පරිගණක මෘදුකාංග පාවිච්චියේදී ඔහුට මෙතරම් දේ මතක ඔහු නැවත නැවත නොදන්නා අයට කියාදීම නිසා තම මතකය අලුත්විම නිසා බවයි ඔහු සදහන් කලේ.
(II)               අන්තර්ජාලයේ යොදාගන්න infographics 
මෙය ඇත්තටම කෙටියෙන් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් ගැන හදුන්වා දීමට හොදාගන්න 2009 ඩි බිහිවූ නව මාද්යකි 900% වේගයෙන් වර්දනය වූ මෙයට ඇති වෙළදපොල විශාලයි
උදාඝරන :-  
 
       
මෙයටත් ඉහත සදහන් කල ආකාරයට ඉගනගැනීමට උවමනා අයට

ලෝකයේ විවිද රටවල ඉතා විශාල වෙළදපොලක් මේ සදහා තිබේ. මෙයටත් මා කලින් සදහන් කල ආකාරයම පාවිච්චි කල හැකියි.

මෙවැනි අංශ අති විශාල ප්‍රමාණයක් ඇත. අපට මේ වනවිට බුගත නල 5 ක මගින්  fiber optic cable සම්බන්ද තාවය මගින් ඕනෑම දිවුණු රටක ඇති අන්තර්ජාල පහසුකම රටේ අගනගරයේ සහ ප්‍රධාන නගර මොබෝමයක පවතී දැන් අප මේ සදහා උවමනා ආයෝජනය සිදුකර අවසන් අපට දැන් උවමනා වන්නේ නිසි අද්යාපනයක් ලබාදීමයි.

දැන් මම මුලින් සදහන් කළා සමාගමක් එක්සත් රාජදානියේ හෝ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා රජයේ නමින් පැවැත්විය හැකි බව. මේ නිසා අපට ඇති වාසිය නම් paypal හෝ ලෝකයේ පවතින ඕනෑම ගෙවුම් මාද්යක සේවය ලබාගන්න.

එතකොට අදාළ ගෙවීම් සිදු කිරීමට විදිශිකයා පසුබට වෙන්නේ නෑ මොකද ඇමරිකාවේ පවතින ආයතනයක් නිසා, අනෙක් අතට PAYPAL මගින් මුදල් කෙලින්ම ඇමරිකානු බැංකුව මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකියි.

මේ ආකාරයට දියුණු උපායන් පාවිච්චි කර දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව විදේශ වෙළදාමේ යෙදුනොත් අපට දියුණු වීම ඉතා පහසුයි.        
           
මෙලෙස මාදන්නා අංශ සියගණනක් පෙන්වාදියහැකියි නමුත් මා නොදන්නා අංශ දහස්ගනනක් පැවතිය හැකියි, මේ ලිපිය දික්වන නිසා මම නතර කරනවා  මේ ගැන දැනුවත් උදවිය අදහස් දක්වුවනම් තමා වටින්නේ.  

12 comments:

  1. /රජයට වසරක් සදහා ඩොලර් 5000 වැනි රුපියල් 730,000 වැනි මුදලකට පුද්ගලයන් 1000 ක් පුහුණු කිරීමට උවමනා විශේස පැකේජයක් ලබාගත හැකියි./

    අනේ ප්ලිස් මෙච්චර ලාබෙට ගන්න පුලුවන් කොහෙන්ද කියනවද?

    ReplyDelete
    Replies
    1. malmi hi ,

      ඇයි ඔය ලින්ක් එක දල තියන්නේ
      http://www.lynda.com/promo/trial/default.aspx?lpk35=8006&bnr=loginfreetrial_newsite

      මෙන්න ලෝක ප්‍රසිද්ද oxford university (ලංකාවේ තියන එක නෙමෙයි හොදේ ) එක මේ සේවය ලබාගන්න අයුරු
      https://courses.it.ox.ac.uk/lynda

      Delete
    2. ස්තුතියි.
      මං හිතන්නේ ඔයා කියන දේ මට දැන් තේරෙනවා.
      PayPal head & e-bay India වලින් ලංකාවට ආවා.මම හිතන්නේ අපි කැලරි පුච්චගන්න ඕන නැහැ කියලයි.
      සමහර දේවල් රජයට පුර්ව විනිවිදභාවයකින් කිරිම පාඩුයි. ව්‍යාපාරවලදි කොහොමත්.
      ඔයා කියන උපාධිදාරීන්ගේ ප්රශ්නය ගැන මට වැටහීමක් නැහැ. මේ මම කියන දේ හරි නොවෙන්න පුලුවන් ඒත් මම දකින විදිය.
      උපාදිදාරින් කියන්නේ රජය විසින් වියදම් කර උගන්නපු අය.තමන්ගේ සල්ලිවලින් ඉගෙනගන්නවනම්,මං හිතන්නේ රජයේ රස්සාවක් කරලා ගිය ඉගෙනගන්න ගිය වියදමවත් කවර්කරගන්න බැහැ.එතකොට අවුරුදු 3-5 ක් ඉගෙනගෙන ඉපයිමක් කරන්න දැනුමක්, කුසලතාවක් නැතිනම්,ඒ ඉගැනිමේන් ඇති ඵලයවත්, එවැනි අයට නැවත ඉගැන්වීමට වියදම් කිරීමෙන්වත් පලක් තියෙනවද? ඒ කියන්නේ වියදම් කළ මුදල උපයගන්න පුලුවන්ද?අනික බහුතරයක් උපාධිදාරින් තමන් ඉගෙනගත් විෂයෙන් රස්සාවක් කරන්න කැමති නැහැ.
      මගේ කලින් ලිපියේ කිවු අයිටි.(industrial technology)යාලුවා ගාමන්ට් වල වැඩ කරන්න බැහැ කියලා ඊට වඩා 10 ගුනයක් විතර පඩි අඩු ආන්ඩුවේ රස්සාවට ගියා.
      ඇග්රි ෆිල්ඩ් එකේ කෙල්ලන්කොල්ලන් බහුතරයක්,ඒ ෆිල්ඩ් එකේ රස්සාව කරන්න කැමති නැහැ.
      නීතිය -මේකනම් කෙල්ලෝ තමයි.උසාවි යන්න අකැමැතියි කියා රස්සාව කරන්නැහැ විතරක් නෙමෙයි ඔප්පුවක් වත් අත්සන් කරන්නැහැ.

      අනික මම දකින ලොකුම ගැටලුව, ලංකාවේ ඉන්නේ මිනිස්සු ටිකක් නිසා කිසිම ක්ෂේත්රයක සැලකිය යුුතු තරමේ තරගයක් නැහැ.
      ඔය ලොකුම තරගය කියන ඒලෙවල් වල මෙඩිසින් වලටත් තේරෙන්නේ 20000 කින් විතර,slas කියන්නේ 30000 කින් 150 ක් විතර, ඉතින් මහලොකු තරගයක් නැහැ.

      Delete
    3. //PayPal head & e-bay India වලින් ලංකාවට ආවා //
      මේක සිදුවේවි නමුත් සැලකියයුතු කාලයක් යයි.
      //අවුරුදු 3-5 ක් ඉගෙනගෙන ඉපයිමක් කරන්න දැනුමක්, කුසලතාවක් නැතිනම්,ඒ ඉගැනිමේන් ඇති ඵලයවත්, එවැනි අයට නැවත ඉගැන්වීමට වියදම් කිරීමෙන්වත් පලක් තියෙනවද?//
      මේ කතාව නිවැරදි නෑ ඔවුන්ට ඉංග්‍රීසි දැනුම පිළිබද ඇති අඩුපාඩුවයි ප්‍රශ්ණය.
      මිට විකල්පයකුයි මම ඉදිරිපත් කලේ
      //සමහර දේවල් රජයට පුර්ව විනිවිදභාවයකින් කිරිම පාඩුයි. //
      මේකත් නිවැරදි නෑ සිංගප්පුරු රජයේ වරාය තමයි තවත් ලෝකයේ වරයන් 9ක් පාලනය කරන්නේ
      මෙය රජය අංශයේ වියාපාරයක්
      //උපාදිදාරින් කියන්නේ රජය විසින් වියදම් කර උගන්නපු අය.//
      ඒ විතරක් නෙමෙයි රජය ඔවුන්ට රස්සා දී පඩි ගෙවීම කරනවා මෙය අපට ඔරොත්තු නොදෙන දෙයක් නමුත් ඔවුන්ගේ රස්සා අහිමි කිරීම කල නොහැකියි එකම විකල්පය මම ඉදිරිපත් කල දෙයයි, එනම ඔවුන්ට පඩි ගෙවන ගමන් වුර්තිය පුහුණුව ලබාදීම, එහෙම නැතුව අපට දිගටම මෙය කල නොහැකියි

      //අනික මම දකින ලොකුම ගැටලුව, ලංකාවේ ඉන්නේ මිනිස්සු ටිකක් නිසා කිසිම ක්ෂේත්රයක සැලකිය යුුතු තරමේ තරගයක් නැහැ.//
      මෙය ඇත්තයි නමුත් අපට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ තරගය නැති නිසා නෙමෙයි, ඔබ භාණ්ඩයක් අපනයනය කිසිමට උත්සාහ ගෙන ඇත්නම් ඔබ තේරුම් ගනී කි දෙනෙකුට පගාව දෙන්න වෙනවද කියල. මෙනිසා අපේ භාණ්ඩයේ මිල වැඩිවෙනවා.

      Delete
    4. /මෙය ඇත්තයි නමුත් අපට දියුණු වෙන්න බැරි වෙලා තියෙන්නේ තරගය නැති නිසා නෙමෙයි, ඔබ භාණ්ඩයක් අපනයනය කිසිමට උත්සාහ ගෙන ඇත්නම් ඔබ තේරුම් ගනී කි දෙනෙකුට පගාව දෙන්න වෙනවද කියල. මෙනිසා අපේ භාණ්ඩයේ මිල වැඩිවෙනවා./
      එතකොට අපි බිස්නස් එක බේරගන්න කොහොමහරි ඉලෙක්සන් කොරලා දිනලා පාර්ලිමේන්තු යනවා.

      Delete
    5. “ඉලෙක්සන් කොරලා දිනලා පාර්ලිමේන්තු යනවා.” නෙමෙයි ඉලෙක්සන් කොරලා දිනලා පාර්ලිමේන්තු යවනවා වෙන අයව උනුත් කරන්නේ ඉස්සර උන් කරපු ටික මයි

      Delete
  2. අර 30000 ඉල්ලන්නේ ආන්ඩුවෙ පෙන්සන් ජොබ්... උදේ බත් එකක් බැඳගෙන කෝච්චියේ ජැක් එකක් ගහගෙන ඇවිත් 4.30 ගෙදර යන ජොබ් එකක්...

    ඒ වගේ ඒවා මොනවද තියෙන්නේ... ?

    ReplyDelete
    Replies
    1. මාතා,
      ශ්‍රී ලංකාවේ හොද රස්සාවක් වීමට පහත කරුණු තිබියයුතුයි
      වැඩි පඩියක් ලැබිය යුතුයි.
      වැඩ අඩු විය යුතුයි. නැත්නම් වැඩ නැතිම වියයුතුයි
      පරක්කුවෙලා වැඩට යාමත් කලින් ගෙදර ඒම වැනි පහසුකම් ලැබිය යුතුයි.
      විශ්‍රාම වැටුප ලැබිය යුතුයි, රජයේ තමන්ට ලැබෙන දීමනා විශ්‍රාම වැටුපට එකතු වීම හොදයි
      උබට මතකද මේ බයිලාව https://www.youtube.com/watch?v=GamOTJ52pqs

      Delete
    2. //ඒ වගේ ඒවා මොනවද තියෙන්නේ... ?//
      එහෙම ඒවා තියනවා මචෝ එකට තමයි පර්ලිමේන්තු මන්ට්‍රිවරයකු වෙනවා කියන්නේ

      Delete
    3. /එහෙම ඒවා තියනවා මචෝ එකට තමයි පර්ලිමේන්තු මන්ට්‍රිවරයකු වෙනවා / මන්තිරි කම කියන්නේ කිසිම අද්යාපන සුදුසුකම් අවශ්ය නැති රස්සාවක්.ඒවුන් එක්ක ඡන්ද කොරන්න යනවනම් උන් හරක්.

      මන්ත්රි කමක් ඇමති කමක් කියන්නේ උගත් මනුස්සයෙක්ගෙන් අඩු කුලියට වැඩ ගන්න එක.හර්ෂගේ උගත්කමට ලංකාවේ රස්සාවක් දෙන්න ගියොත් කොච්චර ද? කපටිම සුත්තරේ තමා ඇමතිකමක්/ම්න්තිරි කමක් දීම.
      හර්ෂගේ කාලය වැය කරන්න ඕනේ පාරවල් වල තාර කට්ට හයිවෙලාද බලන්නද? ලොකු තැන්වල බහුතරයක් ඉන්නේ නුගතුන් නිසා උගත් මිනිස්සුන්ව උන් ගානටම ඇදලා අරන් පීචං කරනවා. උගත් බුද්දියෙන් වැඩ නොගන්නවා කියන්නේ තමන්ගේ අඩුකමේ ඇරියස් කවර්කරගන්න එක වෙන්න ඇති.හර්ෂගේ නිසි මිල හර්ෂට නොගෙවන එක අපරාධයක් වගේම,හර්ෂගේ උගත්කමින් ප්රයෝජනයක් නොගැනිම ඊටත් වඩා අපරාධයක් :)

      Delete
    4. හර්ෂ මුදල් ඇමතිකම ලැබියයුතු කෙනෙකුයි එසේ නොවීම ගැන කණගාටුයි.
      //පාරවල් වල තාර කට්ට හයිවෙලාද බලන්නද?//
      මේක නම් සෙල්ලම් වැඩක් නෙමෙයි ඔහු මේ කරපු දෙය නිවැරදියි මොකද මේ වයෙන් වන එංචාව බිලියන ගණනක් මිට බදුගේවන්නේ ඔබත් මමත්.
      නිලදාරීන් මෙවැනි වැඩවලට බයයි මොකද තම රැකියාව පරෙස්සම් කරගන්න ඕන නිසා

      Delete
    5. බල්ලගේ වැඩේ බුරුවා කිරිම.
      /නිලදාරීන් මෙවැනි වැඩවලට බයයි /බයනම් රස්සාවෙන් අයින් වෙන්න ඕනි.නැතිනම්,
      රැකියාවේ වගකිම් පැහැර හැරිම.
      රජයට පාඩු සිදුකිරිම.ඇතුලු.. දේවලට නිලදාරින්ට විරුද්දව නිතිය.

      Delete