Saturday, February 14, 2015

ශ්‍රී ලංකා මහබැංකුවේ මෝඩකම් !!



ශ්‍රී ලංකාවට paypal පහසුකම ලබාදීමේ වාසි සහ මහබැංකුවේ මෝඩකම් 

අද ලෝකයේ අන්තර්ජාතික වෙළදාමේ යොදාගන්න මුලිකම ගනු දෙනු කිරීමේ මද්‍යක් වන්නේ paypal  සේවාවයි. මිට මුලිකම හේතුව ගනුදෙනු කිරීමට මිට අමතරව ඇති ක්‍රම වන්නේ 01. බැංකු හරහා සිදුකරන ( Wire transfer )  02. අන්තර්ජාතික ණය පත් යොදාගැනීම (credit card ) 03. western union, moneygram ,  Ria Money Transfer (වැනි සේවා මගින් මෙය කල හැක )

01. බැංකු හරහා සිදුකරන ( Wire transfer ):- මෙය ඉතා ඉහල මුදලක් හුවමාරු කිරීමට යොදාගනී, එම මොහොතේම සිදු නොවේ.
02.  අන්තර්ජාතික ණය පත් යොදාගැනීම (credit card ) මෙය එවලේම සිදුකළහැකි උවත් කිසියම් අවදානමක් පවතී (විසේසයෙන් ම අන්තර්ජාතික ගනුදෙනුවකදී ඔබට ණයපතේ  තොරතුරු විදේශිය පුද්ජ්ගලයකුට ලබාදීමෙන්, ඔහු අවබාවිත කිරීමේ අවදානමක් පවතී )
03 western union, moneygram ,  Ria Money Transfer එවලේම මුදල් යැවිය හැකි උවත් විදේශිය ගැනුම්කරුවන් මිට වැඩි උනන්දුවක් නැත්තේ නොදන්නා කෙනකුට මුදල් දීමෙන් ආරක්ෂාවක් නොමැති බැවිනි.

04. paypal   :- වල ඇති මුලික ලක්ෂනයනම් ඔබවිසින් ඔබේ  paypal ගිණුම ඔබේ ණයපතට credit card හා සම්බන්ද link  කර ඇති බැවින් කිසියම් ගෙවිමකදී ඔබට ඔබේ credit card numbers  පිටතට ලබාදියයුතු නොවේ, තවද ගෙවීම කලහැක්කේ ඔබට පමණයි.

දැන් මෙහි ඇති වාසි මොනවාදැයි බලමු

සිතන්න ඔබ ගණකාධිකාරී වරයකුයි කියා ඔබ කැමතිනම් විදේශිය ආයතනයක ගිණුම් අංශයේ උදාහරණ bank reconciliation කිරීමට හැකියි සිතමු
විදේශිය ගැනුම්කරු මෙම සේවයට ඔබට $250 වැනි අඩු මුදලක්  ගෙවීමට සිදුවුවිට මෙම මුදල පහසුවෙන් ඔබේ paypal  ගිණුමට එවීමට හැකියි.

මෙහිදී එවන පුද්ගලයාගේ    credit card නොම්බර ඔබ නොදන්නා අතර අවබාවිත කිරීමට අවස්ථාව නොලැබේ.

දැන් paypal  යොදාගැනීමේ අවාසි මොනවාදැයි බලමු.

paypal   පවතින තත්වය මත මුදල් ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට පහසුකම් සලසා ඇති අතර ශ්‍රී ලංකාවට විදෙස විනිමය ලබාගැනීමට අවහිර කරනු ලබයි.
දැන් අපි මෙවැනි මෝඩ තත්වයක් ලංකාවේ පවතින්නේ paypal   ආයතනයේ වරදක් නිසා නොව අප ශ්‍රී ලංකා වේ මහ බැංකුව පවත්වාගෙනයන
මෝඩ ප්‍රතිපත්තියයි.
මෙය වෙනස්කරන බව හිටපු මහා බැංකු අදිපති කබ්රාල් මහතා වසර 2 ට පෙර පොරොන්දු උවත් මෙතෙක් ඉටුවී නැත.

මහබැංකුව නිසි ක්‍රියාමාර්ග ගන්නවානම් විදෙස විනිමය උපාය ගැනීමට අනගි අවස්ථාවක් පවතී  

No comments:

Post a Comment